
අපි වවමු -රට නගමු වැඩසටහනට පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන් නායකත්වය ලබාදිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. දැනට දිසාපතිවරුන් යටතේ ඇති එම වගකීම දේශපාලන නායකත්වය විසින් ලබාගත යුතු බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
රේඛීය අමාත්‍යාංශය මෙන්ම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කළ යුතු බව කෘෂිකර්ම ක්ෂේත්‍රය නගා සිටුවීම තනිව සිදුකළ නොහැක්කක් බව පෙන්වාදෙන අබේවර්ධන මහතා සඳහන් කළේය. යැපුම් කෘෂිකර්මාන්තය වෙනුවට වාණිජ කෘෂිකර්මාන්තය දක්වා දේශීය කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇති කළ යුතු බව ද පළාත් කෘෂිකර්ම අමාත්‍ය සමුළුවට එක්වෙමින් මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment