![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBGl050_qARk6jpwGcDhec5d01zrM34sWwCA3hYHAeG-CaZb64Zhz7Cs-Sa-BVtCouTrfSKC0conr7dtz4yVrQ-wdTrXhh_6pXO5yvzGFX4s0WlsFAuUIvq8YlNbh_zMXVuKovRvs9oylM/s320/33.jpg)
පූර්ව මුදල් ගෙවීමකින් තොරව ඩෙංගු මර්දන බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ලබාදීමට කියුබානු රජය එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය වන නිර්සියා කැස්ට්‍රෝ ගෙවාරා මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන් වේ.
බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ගෙන්වීමේ දී එහි වටිනාකමින් සියයට 50ක මුදලක් බැක්ටීරියාව ගෙන්වා ගැනීමට පෙර ගෙවිය යුතු බව කියුබානු රජය විසින් මීට පෙර දැනුම් දී තිබුණි. එහෙත් අද සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාක්ච්ඡාවේ දී පූර්ව ගෙවීමකින් තොරව බී.ටී.අයි බැක්ටීරියාව ලබාදීමට කියුබානු තානාපතිනිය එකඟතාව පළ කර තිබෙනවා.
මේ හේතුවෙන් ඉතාමත් ඉක්මනින් බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ගෙන්වීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කියුබානු තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිත බව ද සඳහන් වේ. adaderana
0 comments:
Post a Comment