![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjru-tbrlD7mFa-5wVteQ5SS4l7ubdZnqCSRfFhVpnnUfsSkftIRAUe7enFnP4oQ73fAaYYxQXmnGu7ywhjQCNlTFQujLYYf44WgJnmiD5QMiUOBD_kH_209kwylvyo2_PBuW5DrqRnSPi7/s320/nayaa.jpg)
දූෂණ ක්රියාවන් සිදුකිරීම සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්රධාන තක්සේරු නිලධාරි ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබේ.
ඉඩම් අත්පත් කරගැනීමේ පනත යටතේ ඉඩමක් අත්පත් කර ගැනීමේදී වෙළෙඳපළ වටිනාකමට වඩා අඩුවෙන් තක්සේරු කිරීම නිසා පාඩුවක් සිදුකරනලදැයි මෙමගින් චෝදනා කර ඇත.
එම චෝදනාපත්රයේ ප්රධාන තක්සේරුකරු ජී.එස් සේනාරත්න ඇතුළු එම දෙපාර්තමේන්තුවේ 5 දෙනෙක් නම්කර ඇති බව සඳහන් වේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥවරයා කරුණු දක්වමින් අල්ලස් කොමිසම දැනට අක්රීයව පවතින නිසා එම කොමිසම සක්රීය තත්ත්වය පත්වන තුරු නඩු විභාගය කල්දමන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව අගෝස්තු මස 20 දක්වා නඩු විභාගය කල්දැමීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කරන ලදී.adaderana
0 comments:
Post a Comment