![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgO4untqslOcEVNeWfr-lbHlJXxozzsGBOrt0HAZlMIxkIbuNbu6u_QiJB4hAtEZ6L3lk_XL-29jA48mG8sBREh6Vd7TCO5pUWnW7QcuMKzeGQmfGkNF-5c0-bBFl_9bZP4WhdnyQBp_E9c/s320/athu.jpg)
මීට වසර 2කට පමණ පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හලාවත පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම පුද්ගලයා අතුරුදහන් වීම සම්බන්ධයෙන් හලාවත පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු අනුව අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.
මීට වසර 2 කට පෙර එම ඝාතනය කර වළ දැමූ බව සැකකරු විසින් අනාවරණය කර තිබේ. ඒ අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මළ සිරුර අද නැවත ගොඩගෙන පරීක්ෂණ සිදුකිරීමට හලාවත දිසා විනිසුරුවරයා නියෝග කළේය.adaderana
0 comments:
Post a Comment