
මන්නාරම හා තලෙයිමන්නාරම අතර ඉදිකෙරුණු ජපන් මිත්‍රත්ව පාලම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරෙයි.
ජපන් ආධාර මත ඉදිකෙරුණු මෙම පාලම දිගින් මීටර් 152 කින් යුක්තය. මංතීරු දෙකකින් සමන්විත මෙම පාලම ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,460 ක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද මුල්ගල තැබෙනු ඇත. ada
0 comments:
Post a Comment