
ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය අද පෙරවරුවේ හදිසියේ වසා දමා තිබේ.
එම විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක ඊයේ දිනයේ බඳින ලද බඹර වදයක සිටි බඹරුන් අද පෙරවරුවේ ඇවිස්සීම හේතුවෙන් මෙලෙස එම පාසල වසා දමා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පාසලේ කිසිදු දරුවෙකුට අනතුරක් සිදුවී නොමැත.
අදාළ පාසල අද පෙරවරුවේ ගල්ගමුව, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නිරීක්ෂණයට ද ලක්වූ බව අප වාර්තාකරු පැවසුවේය. ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක මෙම පාසලේ සිසු දරුවන් 1,500 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බව සඳහන්ය. adade
0 comments:
Post a Comment