![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4PCQx1XhyphenhyphenwAXOkeo6QG675jkxY7a30_gVRdb5K52ek6esUXZ1HlWVTikCkKG70Z5MggK9IBwSvW5Cgmm31x8dZ9POmJzNdaqYz-a51zuZ3flIPkHuvf53I4vpiuUxVWRqMLNcHGt49ISe/s320/niti.jpg)
සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්පැන් තොගයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම පානදුර, පිංවත්ත ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ජාඇල ප්‍රදේශයේ සිට මොරටුව, පානදුර, කළුතර ආදී ප්‍රදේශවල බෙදාහැරීම සඳහා මෙම මත්පැන් තොගය රැගෙන යමින් තිබූ බව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පානදුර, වලාන මධ්‍යම දූෂණ වැටලීම් ඒකකයේ නිලධාරීන් මත්පැන් තොගය සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මත්පැන් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී මෝටර් රථයේ වීදුරු අඳුරු කර තිබූ අතර එහි අසුනක් ගලවා ඉවත් කර එම ස්ථානයේ මෙම මත්පැන් අසුරා තිබූ බව පොලිසිය කියා සිටියේය. ada
0 comments:
Post a Comment