
නාවික හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් ඇතුළු ආයුධ තොගයක් සොයාගෙන තිබේ.
නැගෙනහිර පළාතේ කුඹුරුපිඩ්ඩි කැළෑ බද ප්‍රදේශයේ තිබී මෙම යුධ උපකරණ තොගය සොයා ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් කළු කොටි බලකායේ සාමාජිකයින්ගේ ඇඳුම් සහ යුධඋපකරණ මෙහි තිබී හමු වීම විශේෂත්වයකි.
අදාළ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයට අයත් කණ්ඩායමක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය. අත්බෝම්බ , මයික්‍රෝ වර්ගයේ පිස්තෝල සහ විවිධ වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ රැසක් ද එම පිරිස විසින් සොයාගෙන ඇත.
0 comments:
Post a Comment