
ඉදිරි මහ මැතිවරණයෙන් පසුව සුබවාදී පාලනයක් උදෙසා රජය පොළඹවන හා දිරිගන්වන කරුණු දොළහකින් යුත් න්‍යාය පත්‍රයක් ශ්‍රී ලංකා ජාතික කොංග්‍රසය විසින් ඉදිරිපත් කර තිබේ.
එම න්‍යාය පත්‍රයේ මුල් පිටපත් ශ්‍රී ලංකා ජාතික කොංග්‍රසයේ නායක මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා විසින් මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වුණි. ජනතාව ගරුකරන දේශපාලන සංස්කෘතියක්, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම, දූෂණය අවම කිරීම, නීතිය හා යුක්තිගරුක සමාජයක් බිහිකිරීම, බලය බෙදාහැරීම මගින් ජනතාව සවිබල ගැන්වීම ආදී කරුණු මෙම න්‍යාය පත්‍රයේ අන්තර්ගත වන බව සඳහන් වේ.
මෙම සැලසුම ඉදිරියට ගෙන යාම සඳහා දොළොස් දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් ද පත්කර ඇති බව මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා පවසයි. adaderana
0 comments:
Post a Comment