
ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු පාසල් දරු දැරියන් අතරින් 97 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.
එම පිරිස අතරින් වැඩි දෙනෙකු අද දිනයේ රෝහලෙන් පිටත් කර හැරීමට හැකිවනු ඇති බව ඔහු පෙන්වාදෙයි. මෙම ආහාර විෂවීමේ සිද්ධිය හේතුවෙන් මාතලේ පලාපත්වල ප්‍රදේශයේ දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගියේය. පෙරේදා පාසලේ දී ලබාදුන් දිවා ආහාරය දරුවන් පිරිසකට මෙලෙස විෂ වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.adaderana
0 comments:
Post a Comment