
එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා සැකසීමේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කර බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
නාම යෝජනා සැකසීම වෙනුවෙන් මේ වන විටත් ජාතික නාමයෝජනා කමිටුව නම් කර ඇති බව තිස්ස අත්තානයක මහතා සඳහන් කළේය. එම කමිටුව මඟින් අදාළ නාමයෝජනා පත්‍ර සැකසීම සිදු වෙන බව මහලේකම්වරයා පෙන්වාදෙයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික නාමයෝජනා කමිටුවේ ප්‍රධානත්වය දරයි.
එහි සෙසු සාමාජිකයන් වන්නේ තිස්ස අත්තනායක, ගාමිණි ජයවික්‍රම පෙරේරා, කරු ජයසූරිය, රුක්මන් සේනානයක, ඩී.එම් ස්වාමිනාදන් සහ ඉමිටියාස් බාකිර් මාකාර් යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකි. එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ බහුතරයක් අලියා ලකුණින් තරග කිරීමට මේ වන විටත් එකඟත්වය පළ කර ඇති බව තිස්ස අත්තනායක මහතා පැවසීය. එක්සත් ජාතික පෙරමුණ සමඟ පක්ෂ 16 ක් සන්ධාන ගතව සිටියි.
0 comments:
Post a Comment