![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfeyO8dGw2Cjq8pRchzJ26LN90qmsZoAbvJRPOFrdPLcAwWCG-LRbnkKVJO01C9uPaUBw1I44sI-2CmiIGExauoGjlTux8xXYxofbQW2vIQhiKYQBxMZSJfMJY_Y8LdRBCuKKNb1UVpBGt/s320/gath.jpg)
වැලිකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චීන ජාතික දරුවෙකු සහ එම නිවසේ මෙහෙකාරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුක්රේන ජාතික යුවළ හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී.
වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනා ආවරණය කර අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළාය.යුක්රේන ජාතික යුවළ දෙසතියකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි
0 comments:
Post a Comment