Friday, March 5, 2010

නාමල් බලකායේ 10කට ඇමැති පදවි


ලබන මහා මැතිවරණයෙන් ආණ්ඩු පක‍ෂය ජයග්‍රහණය කළහොත් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ඇමැති මණ්ඩලයේ තනතුරු දහයක් ලැඛෙන්නේ නාමල් රාජපක‍ෂ මහතා නායකත්වය දරණ නිල් බලකායේ තරුණ කණ්ඩායමට බව වාර්තාවේ.
ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ඇමැති මණ්ඩලයේ සාමාජිකත්වය 35 කට සීමාවනු ඇති බවත්, මෙයින් හිටපු ඇමැතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයිනට හිමිවන ඇමැති තනතුරු සංඛ්‍යාව 25 කට සීමාවනු ඇති බවත්ය.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරන නාමල් රාජපක‍ෂ මහතාගේ කණ්ඩායමක්, දකුණු පළාතේ ඔහුගේ කණ්ඩායමක්, ඉලක්ක කර ගනිමින්, නිල් බලකායේ ආශිර්වාදය ලබන පිරිස ඊළඟ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයේ ප්‍රබලයන් වන බවට දැනටමත් ඉඟි පළවීමත් සමඟ සන්ධාන අපේක‍ෂකයින්ට ලැඛෙන මනාප ඡන්දය ඒ අනුව වෙනස් වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ රාජ්‍ය සංස්ථාව හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක‍ෂ මණ්ඩල සාමාජිකයිනට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ දැනුම් දීම අනුව, සභාපතිවරුන් හා අධ්‍යක‍ෂවරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කළත්, අවසාන මොහොතේ එය අත්හිටුවා මහා මැතිවරණය දක්වා ඔවුනට එම තනතුරු දැරීමට අවස්ථාව සලසා දෙන ලදී. එසේ කර තිඛෙන්නේ වර්තමාන ආණ්ඩුව නැවත බලයට පත්වුවහොත්, එම තනතුරු නාමල් රාජපක‍ෂ මහතාට අවශ්‍ය පුද්ගලයිනට ලබාදීමට අවස්ථාව සලසාදීමට බව පැවැසේ.මේ දිනවල රාජ්‍ය සංස්ථාවල බොහෝ සභාපතිවරුන් හා අධ්‍යක‍ෂවරුන් ගම්පහ දිස්ත්‍රික් සන්ධාන නායක බැසිල් රාජපක‍ෂ මහතාට සහාය ලබාදෙමින් ගෙන යන ප්‍රචාරක කටයුතු නාමල් රාජපක‍ෂ මහතාගේ දැඩි අවධානයට ලක්ව තිඛෙන බවද වාර්තාවේ. lankae

විල්පත්තුව ජාතික වනෝද්‍යානය උතුරු සංවර්ධනයට බිලි දෙයි


වසර තිහක කාලයක් පැවති රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අද වන විට සම්පූර්ණයෙන් ම තුරන් කර ඇත. රටේ සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් ජන ජීවිතය නැවත ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට ඒ ඔස්සේ හොඳ අවස්ථාවක් උදා වී තිබේ. නිවැරදි ලෙස සැළසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම තුළින් සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට වර්තමානය හොඳ අවස්ථාවක් සපයයි. මානුෂීය මෙහෙයුමෙන් දිනා ගත් නිදහස, යථාර්ථයක් බවට පත් කළ හැක්කේ ද මෙවන් නිසි සැළසුමක් තුළිනි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ රුදුරු කොටි ත්‍රස්තවාදීන් සංවර්ධනයටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත්, රටේ ස්වෛරීභාවයටත්, සිවිල් ජන ජීවිතයටත් එල්ල කළ මරු පහර එලෙසම ඉදිරියට ගෙන යාමකි.
වර්තමානයේ සිදුවන ක්‍රියාකාරකම් දෙස විශ්ලේෂණාත්මකව බැලීමේ දී පෙනී යන්නේ රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයේ නාමයෙන් කෙලෙසන බවකි. සංවර්ධනය යන්න හරි හැටි වටහා නොගත් රජය, වනාන්තර එළි කිරීම සංවර්ධනය සේ දකිමින් උතුරු හා නැගෙනහිර වනාන්තර සියල්ල පියවරෙන් පියවර කෙලෙසමින් සිටිති. මෙය දරුණු ඛේදවාචකයකි. ඒකාබද්ධ සැළසුමකින් තොරව එක් එක් රාජ්‍ය ආයතන තමන්ගේ හිතුමනාපයට උතුරු හා නැගෙනහිර සංවර්ධනය යැයි කියාගන්නා ඊනියා ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. මෙහි අවසාන ප්‍රතිඵලය මනුෂ්‍ය වාසයට නුසුදුසු පරිසරයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ගොඩනැඟීමට දැයි දැනට සිදුවන ක්‍රියාකාරකම් දෙස බැලු විට පෙනී යයි.
රුදුරු කොටි ත්‍රස්තවාදීන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පාලනය කළ සමයෙහි සිවිල් නීති රීති සහ පරිසර නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් ගෙන ගිය ඒකාධිපති වියරු පාලනය අද වන විට ද එම ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එම ප්‍රදේශ මුදාගත් පසුව සිවිල් නීතිය ක්‍රියාත්මක වීමට තිබුණ ද අද සිදුවන්නේ ද පෙර පැවති තත්ත්වයම ය. රටේ පවතින නීති රීති සියල්ලම උල්ලංඝනය කරමින් එක් පක්ෂයකට රිසි සේ ඊනියා සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිති. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සමහර අංශ ද යොමු වී සිටීම ඉතාම කණගාටුදායක ය. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් දේශයේ සිවිල් පාලනය වෙනුවට තවත් මුහුණුවරක සිවිල් නීති නොතකන ත්‍රස්ත පාලනයක් ක්‍රියාත්මක කිරීම කණගාටුවට කරුණකි.
මෙම අටුවා, ටීකා සියල්ල සඳහන් කළේ පරිසර නීති සියල්ල අභිබවමින් හා තුට්ටුවකට මායිම් නොකරමින් ලංකාවේ පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය නැතහොත් වන සත්ත්ව අභයස්ථානය විල්පත්තුව ජාතික වනෝද්‍යානය කෙලෙසීම පිළිබඳ ව පූර්විකාවක් සැපයීමට ය.
පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා පමණක් කිලෝමීටර 35 ක දිගින් යුත් දැවැන්ත මාර්ගයක් නාවික හමුදාව විසින් ඉදි කරමින් පවතී. පාළන් තුනකින් සමන්විත මෙම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේ කලා ඔයෙන් (විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන්) ආරම්භ වන අතර උප්පුආරු (මෝදරගම්ආරු), පූකුලම් ප්‍රදේශය දක්වා (විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම) විහිදේ. කලා ඔයේ සිට කරුවලකුඩා,
පොම්පරිප්පු, පෙරිය ඔප්පුවිල්ලූ, පෙරිය විල්ලූ, සින්න ඔප්පුවිල්ලූ, මොල්ලිකුලම, මයිල විල්ලූ, කාලි විල්ලූ හරහා පූකුලම් දක්වා ජාතික වනෝද්‍යානය තුළ මෙම මාර්ගය ඉදි වේ. මෙම මාර්ගය ඉදිකිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා විල්ලූ ඉතා විශාල ප්‍රමාණයක් වැනසීම සිදු කර ඇත. වනෝද්‍යානය තුළ තැනින් තැන වනාන්තර හා විල්ලූ පරිසරවල විශාල වලවල් හාරා මාර්ගය සැකසීමට පස් ලබා ගැනීම සිදු කර තිබේ. මෙම වලවල් අලි ඇතුන්ගේ මර උගුල් වීමට අනාගතයේ දී බොහෝ ඉඩ ඇත.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර කොල්ලය මෙතෙකින් නතර වී නොමැත. වර්තමානය වන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරය දිගේ මන්නාරමේ සිට පුත්තලම දක්වා අළුතින් තවත් මාර්ගයක් ඉදි කරමින් පවතී. එය ජාතික වනෝද්‍යානය තුළ කරුවලකුඩා වෙරළ තීරයේ සිට මොල්ලිකුලම දක්වා මේ වන විට ඉදි කරමින් පවතී. එහි බොහෝ කොටසක් මේ වන විට සකසා අවසන් කර ඇත. මාර්ගය හා මුහුදු වෙරළ අතර තීරය සංචාරක පුරවරයක් බවට පරිවර්තනය කිරීමට ද සුදානමක් ඇත. ඒ සඳහා සියලූ සැළසුම් සකස් කර අවසන් ව ඇත. තව නොබෝ දිනකින් ම හොර රහසේ එම ක්‍රියාමාර්ග ද ආරම්භ වනු ඇත.
විල්පත්තුවේ වනාන්තර විනාශය හා නීති විරෝධී ක්‍රියා මින් නැවතී නැත. වනෝද්‍යානය තුළ පූකුලම් හා මෝදරගංආරු හරහා ඉදි කරන මොල්ලිකුලම් පාලම අතර සීමාවේ කිලෝමීටරයක් පමණ දිගින් යුත් විශාල වනාන්තර ප්‍රදේශයක් කම්බි කණු යොදා වෙන් කර ඇත. ජාතික වනෝද්‍යානයක ඉඩම් මේ ආකාරයෙන් වෙන් කර ගත හැක්කේ කුමන නීතියක් යටතේ ද? මෙම වනාන්තරය රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින්ගෙන් මුදා ගෙන සිවිල් පාලනයට නතු කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ දැවැන්ත හානියට වඩා වැඩි හානියක් පරිසරයට සිදු කිරීමට දැයි අපට නොවැටහේ.
ඳු සැළසුමකින් හෝ පරිසර හා වනජීවී ආරක්ෂණ උපාය මාර්ගවලින් තොරව ඉතා අවිධිමත් ලෙස මෙම මාර්ගය ඉදිකරමින් පවතී. ඒ සඳහා විල්පත්තුව පාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිඳු අවසරයක් හෝ විශේෂඥ උපදෙස් හෝ ලබා ගෙන නොමැත. එපමණක් නොව වනජීවී නිලධාරීන්ගෙන් වසං කරමින් ඔවුන්ට වනෝද්‍යානය තුළට ඇතුළු වීමට ඇති අයිතිය පවා නොතකමින් මෙම සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කරමින් තිබේ.
අක්‍රමවත් පස් කැණීම් හා මාර්ගයේ පස් පිරවීම් හේතුවෙන් වර්ෂා කාලයේ දී ඒ ආශ්‍රිත ව පිහිටි විල්ලූමය තෙත් බිම් සියල්ල ගොඩ වීමට ලක් විය හැකිය. මෙපමණක් නොව වනෝද්‍යානය දෙකඩ කරමින් ගමන් ගන්නා මෙම මාර්ගය හේතුවෙන් සමස්ත විල්පත්තු වනජීවී වාසස්ථානය සම්පූර්ණයෙන් ම දෙකඩ වීම සිදු වී ඇත. ඉන් සිදුවන ජෛව විවිධත්ව හානිය සුළු පටු නොවේ. 2010 ජනවාරි මස 24 වන දින මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත වීමත් සමඟ ම මෙම මාර්ගයේ වාහන ගමනා ගමනය ඉතා අධික විය. මෙය ජනාකීර්ණ මාර්ගයක් බවට අද වන විට පත් ව ඇත. මේ හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත්වන සත්ත්ව ප්‍රජාව වනෝද්‍යානයේ කොටස් දෙකකට කොටු වී ඇත. අලි ඇතුන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වී ඇත. කොටින්ගේ ගොදුරු බිම් 3 ඛණ්ඩනය වීම හේතුවෙන් එම සතුන්ගේ ගහන ඝනත්වයට දැඩි බලපෑම් එල්ල විය හැකිය. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සත්ත්ව ප්‍රජාව අධික වී ඇත. පසුගිය දින කිහිපය තුළ මුවන්, වල් ඌරන් හා වලසුන් වාහනවලට හසුවී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට දැනුම් දීමකින් හෝ තොරව වල දමා ඇත. මීට අමතරව කුඩා සත්ත්ව විශේෂ බොහොමයක් ම නිරන්තරයෙන් වාහන අනතුරුවලට ලක් වීමෙන් මිය යමින් සිටිති. මෙවන් තත්ත්වයන් දෙස බැලීමේ දී පෙනී යන්නේ නීති විරෝධී ලෙස කිසිඳු සැළසුමකින් තොරව ඉදිකළ මෙම මාර්ගය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජෛව ප්‍රජාවගේ පැවැත්මට මරු පහර වී ඇත.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වන දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4 ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 05 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධව තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩනැඟී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තරය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩනැඟී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලා ඔය, මෝදරගංආරු වැනි ගංඟාවන්ගේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු ආරක්ෂාව මෙම මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් අහිමි වී ඇත.
විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංඟාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකිය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ. විල්පත්තුවේ වාර්තා වන සත්ත්ව විශේෂ විවිධත්වය සත්ත්ව කාණ්ඩය විශේෂ ගණන ආවේණික විශේෂ ගණන
සමනළුන් 41 01
මිරිදිය මත්ස්‍යයින් 23 02
උභයජීවීන් 17 03
උරගයින් 57 08
පක්ෂීන් 149 03
ක්ෂීරපායින් 41 04
එකතුව 328 21
සමනළුන්, මත්ස්‍යයින්, උභයජීවීන්, උරගයින්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328 ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ. එපමණක් නොව විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංඟාවන්ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නොව අති දැවැන්ත පුරාවස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ්ව පවතින ධන නිධානයකි.
ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපණ්ණිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය.
විජය රජු සමඟ පැමිණි 700 ක් සේනාවේ බ්‍රාහ්මන වංශික කුමාරවරුන්ගෙන් සමහරෙක් තම ග්‍රාමයන් පිහිටුවා ගත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය. උරුවේල විසින් පිහිටුවා ගත් උරුවේල ග්‍රාමය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය. විජය රජුගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැදී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළම ය. මෙම ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68 ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර පොසිල් සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික න්‍යෂ්ඨාවශේෂ සහිත භූමි, ඉපැරණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මෙම ජාතික වනෝද්‍යානය තුළ හමුවේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමුවන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3½ ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලු මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ සාධක හමුවන බිම් ය. මේවා ඩෝසර් කර මාර්ග ඉදි කිරීමට ප්‍රථම ඒ පිළිබඳ ව ගැඹුරින් අධ්‍යයනය කිරීම කළ යුතුව තිබුණි. මාර්ග ඉදි කිරීමේ දී මතු වූ මෙවන් සාධක සහිත මැටි වළං මේවායේ වටිනාකම නොදන්නා මාර්ග තනන්නන් විසින් මාර්ගයට යට කර දමා ඇත.
මෙම අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැසක් ජාතියට අහිමි වන්නට ඇත. මෙවන් සම්පත් රටට, ජාතියට අහිමි කරමින් සිදු කරන සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න අපට නොවැටහේ.
පරිසර අමාත්‍යතුමන් ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඇස් කන් නැත්තවුන් සේ ඒ දෙස සාවදානව බලා සිටිති. මීට විරුද්ධ වන පරිසරවේදීන් ඊනියා පරිසරකාරයින් ලෙස හැඳින්වීමට ඔවුහු මාන බලමින් සිටිති. පරිසරය ගැන හෝ වනජීවීන් ගැන නොදන්නා පිරිසක් වනෝද්‍යාන කළමනාකරණය කරද්දී තමන් යටතේ පාලනය වන ඉතා පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය වැනසීමට ඉඩ දී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මුනිවත රැකීම පිළිබඳව අප කණගාටු වෙමු.
2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරින් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම, ස්ථීර පාලම් ඉදි කිරීම, ගස් කපා ඉවත් කිරීම, පස් ලබා ගැනීම සඳහා විශාල වලවල් කැණීම, වනාන්තර ඉඩම් මායිම් කණු සිටුවා වෙන් කිරීම යන සියළු ක්‍රියාකාරකම් සිදු කරති. නමුත් ඊට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
වස්ගමුව හා ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානවල නීති විරෝධී ලෙස වැලි කැණීමට ඉඩ දීම, මහපිටිය හෙවත් ඇළකොටලිය අලිමංකඩ බඩ ඉරිඟ= වගා කිරීමට ඉඩ ලබාදීම, යාල හෙවත් රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ ඉතා අක්‍රමවත් ලෙස මාර්ග පද්ධති සකස් කිරීමට ඉඩ දීම, ඉදිකඩ මූකලාන රක්ෂිතයේ කොළඹ කැලි කසළ රැඳවීම සඳහා එය රක්ෂිත භාවයෙන් ඉවත් කිරීම, ඛෙල්ලන්විල - අත්තිඩිය අභය භූමිය ගොඩකර සංවර්ධනය කිරීමේ සැළසුම් සකස් කිරීම හා කිරිඳිවැල වනාන්තරය කොළඹ කසළ ගොඩ ගැසීම සඳහා එළි පෙහෙළි කිරීම වැනි වනාන්තරවලට දැවැන්ත තර්ජන එල්ල කළ අලි - මිනිස් ගැටළුව වර්ධනය වන ආකාරයේ තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කළ වත්මන් පරිසර අමාත්‍යතුමා මෙම අවස්ථාවේ තම ඇමතිධූරය තවදුරටත් රැක ගැනීමටත් ඉදිරි මැතිවරණයෙන් පසුව පරිසර අමාත්‍යධූරය නැවත ලබා ගැනීමටත් මේ වන විනාශයන් නොදැක්කා සේ සිටිති.රක්ෂිත වනාන්තර පියවරෙන් පියවර මෙසේ වනසද් දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය මෙසේ නිහ~ව සිටින්නේ මක් නිසාදැයි විශාල ප්‍රශ්නයකි. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යාන සංකීර්ණය වන විල්පත්තුවට සිදු කෙරෙමින් පවතින සියළු හානිකර ක්‍රියා වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස අප අදාළ වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටිමු. එසේ නොමැති වුවහොත් අවසානයේ ඉතිරි වන්නේ ඛණ්ඩනය වූ හා වනජීවීන්ගෙන් තොර කුඩා විල්පත්තු වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මෙම තත්ත්වය ඇති නොවන්නට අදාළ අංශ කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප විශ්වාස කරමු.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අනවසර කි්‍රයාකාරකම් දැක්වෙන ඡායාරූප

ඇමැති අමුණුගමගේ නීති වි‍රෝධී රැස්වීම අවලංගු කරන්නැයි NEM IHR මැකොගෙන් ඉල්ලයි


රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සිය මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් කැඳවා නීති විරෝධී රැස්වීමක් පවත්වන බවත්, වහාම මේ පිළිබඳ අවධානය යොමු කොට මෙම නීති විරෝධී රැස්වීම අවලංගු කරන ලෙස මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ සිදු වූවාක් මෙන් රජයේ නිලධාරීන් කැඳවා ඔවුන්ට සංග‍්‍රහ කොට මැතිවරණ ජයග‍්‍රහණය සඳහා මන්ත‍්‍රී ධූරාපේක්‍ෂකයන් කටයුතු කිරීම මැතිවරණ නීති-රීති උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ අදහස බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙසත් එම නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් යුත් එම ලිපියේ වැඩිදුරටත් දන්වා ඇත.
මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපිය මෙසේය.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රජයේ වෛද්‍යවරුන් කැඳවීම
ගරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා විසින් 2010 මහ මැතිවරණයේදී සිය ජයග්‍රහණය සඳහා සහාය ලබා ගැනීම පිණිස වූ රැස්වීමකට ආරාධනා කරමින් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් වෙත ලිපියක් යවා ඇති බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය (NEM IHR) වෙත පැමිණිලි ලැබී ඇත.
අදාල ලිපියේ ඡායා පිටපතක් මේ සමග එවන අතර ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමු කොට රජයේ නිළධාරීන් මැතිවරණ අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය සඳහා යොදා ගැනීම නීතිවිරෝධී බැවින් අදාල රැස්වීම අවලංගු කිරීම සඳහා පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.truth

සමුදුර තතු දැනගන්න


මෙරට ප්‍රථම සමුද්‍ර පුරා විද්‍යා කෞතුකාගාරය ඊයේ ගාල්ලේ දී විවෘත කෙරුණි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍යාධාර සපයා ඇත්තේ නෙදර්ලන්ත රජය විසිනි. මෙම ජායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම සමාරම්භක උත්සවයට සහභාගි වූ අයුරුය.

ආඩම්බරකාර තාත්තා ගැබිණී මව්වරුන්ගෙනුත් පළිගන්නවා - සුනිල් හඳුන්නෙත්ති


දැයේ දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා යැයි කියා ගන්නා වත්මන් ආණ්ඩුව ගැබිණී මව්වරුන්ගෙනුත් පළිගන්නා මට්ටමේ පහත් තත්ත්වයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමු‍ණේ විමධ්‍යගත අරමුදලින් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දී‍මේ අවස්ථාවේදී අදහස් දක්වමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ විමධ්‍යගත අරමුදලින් ගැබිණී මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහනක් පැවැත්වීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධායකත්වයෙන් සූදානම් කර තිබූ නමුක් රජයේ ඉහළ නිලධාරියෙකුගේ බලපැම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දිය නොහැකි බව ප්‍රකාශ විය.
මේ අවස්ථාවේදී හඳන්නෙත්ති මන්ත්‍රීවරයා විමසා සිටියේ ගිය වසරේ වෙන්වූ ප්‍රතිපාදනවලින් ගිය වසරේ සංවිධානය කළ වැඩසටහන මෙසේ හදිසියේම නතර කිරීමට හේතුව කුමක්ද යන්නයි. මේ අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ ඉහළින් ලැබුණු නියෝගයක් යටතේ මෙම වැඩසටහන අවලංගු කිරීමට සිදු වූ බවයි. කෙසේ වෙතත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයට මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉබි යතුරු දමා වසා තිබු‍‍ණේ කාර්යාලයීය වේලාවන් ලෙස සතියේ දින උදෑසන 8 සිට සවස 3.30 දක්වා බවට සටහන් වූ පුවරුවක් ද ප්‍රදර්ශනය කරමින් තිබියදීය.
මේ සම්බන්ධයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය විසින් රජයේ ඉහළ පුද්ගලයින් ලවා මෙම බලපෑම සිදු කළ බවයි.
කෙසේ වෙතත් අදාල පෝෂණ ආහාර ද්‍රව්‍ය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එය පැමිණ සිටි ගැබිණි මව්වරුන් 134 දෙනෙකුට ලබා දුන් අතර, ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
"අද දින ජනතා විමුක්ති පෙරමුණේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මට ලැබුණු මුදල්වලින් ගැබිණි මව්වරුන්ට ‍පෝෂණ ආහාර මල්ලක් ලබා දෙන්න කටයුතු කළා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ මැදිහත්වීමෙන් තමයි මේ සියලු කටයුතු සංවිධානය කළේ. නමුත් මට අද උදේ දැනුම් දුන්නා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පිළිගන්න බැරි නිසා මේ උත්සවයට ඉඩ දෙන්න බෑ කියල. මම මෙතෙනට එකකොට මේ කාර්යාලයට ඉබ්බ දාල.
නමුත් අපිට 09 වෙනිදා හදිසි නීතියට පාර්ලිමේන්තුවට එන්න කියනව. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙමෙයි නම් සිප්පි කටුද කියල මම දැනගන්න කැමතියි. මේක දේශපාලන වශයෙන් ඉතාමත් පහත් වැඩක්. අද මේ ආණ්ඩුව දැයේ දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා කියන ගමන්ම බඩදරු අම්මලගෙනුත් පළිගන්න මට්ටමට පත් වෙලා තියෙනව.
මේ අම්මලට පෝෂණ මල්ලක් ලබා දෙන්න අපි සැලසුම් කළේ පාර්ලිමේන්තු ඡන්දයක් එනව කියල හිතාගෙන නෙමෙයි. මේකට අපි මුදල් වෙන් කළේ ගිය අවුරුද්දෙයි. අපේ ප්‍රතිපාදන අපි වෙන් කළේ ගිය අවුරුද්දෙ. මේක සූදානම් කළෞ මම නෙමෙයි. මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සූදානම් කරපු දෙයක්. මේ නිලධාරීවරුන් එක්කෝ දේශපාලන බලපෑමට යට වෙලා. නැත්නම් තමන්ගේ දේශපාලනය මෙතෙන්දි ක්‍රියාත්මක කරල.
අද වෙනකොට මේ ගැබිණි මව්වරුන්ට ලැබිය යුතු අයිතියත් ලබා නොදී කටයුතු කරන මට්ටමට මේ ආණ්ඩුවේ නිලධාරීන් හා දේශපාලනඥයො පත් වෙලා තියෙනව. මේක ඉතාම අවාසනාවන්ත, පහත් තත්ත්වයක්." truth

එජාප නායක රනිල් මද්දුමබණ්ඩාරගේ ගෙළ සිඳී


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සභාපති ධුරය නොදීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. වාර්තා වන අන්දමට මොණරාගල එක්සත් ජාතික පක්ෂ නාම යෝජනාවලින් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීමේ සිද්ධිය මත මෙම තීරණය ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීම සදහා ලිපිය ද සකස් කර තිබූ නමුත් නාම යෝජනා සකස් කිරීමේදී ඔහු සිදු කළ ක්‍රියාව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මහා මැතිවරණයට නාමයෝජනා බාර ගැනීමට පෙර එජාප සියලූම දිස්ත‍්‍රික් නායකයින් ඔවුන්ගේ තනතුරට යළි පත් කෙරෙන ලිපි පක්‍ෂ මූලස්ථානයෙන් ලබාගෙන ඇති අතර,මද්දුම බණ්ඩාර මහතා එය පක්‍ෂ මූලස්ථානයට පැමිණ ලබාගෙන නැත. ඔහු යළි දිස්ත‍්‍රික් නායකයා ලෙස පත් කළ බවට පක්‍ෂ මූලස්ථානයෙන් ලිපියක් සකස් කර තිබී ඇතත්, එම ලිපිය ඔහුට නොදෙන ලෙසට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දැනුම් දුන් බව වැඩිදුරටත් වාර්තා වේ.
මොණරාගල එජාප නාමයෝජනා ලැයිස්තුවට පක්‍ෂ නායකත්වය විසින් ඇතුලත් කරනු ලැබූ පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ නම "ටිපෙට්ස්" යොදා මකා දමා, ඒ වෙනුවට වෙනත් නමක් ඇතුලත් කොට එය ඉදිරියේ එජාප මහලේකම්වරයාගේ ව්‍යාජ අත්සන යොදා මොණරාගල තේරීම්භාර නිලධාරියාට භාරදී ඇතැයි සඳහන් කරමින් එජාප මහලේකම්වරයා රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක්ද කර තිබේ.ada

ශ්‍රීපතිගේ බිරිඳ ලෝක වාර්තාවක් පිහිටුවයි


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශ්වයේ හිටපු නියෝජ්‍ය නායක අභාවප‍්‍රාප්ත ශ‍්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ පැය 48ක් තුල ශ‍්‍රී ලංකාවේ පක්‍ෂ 3ක සාමාජිකත්වය ලබාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
ඇය පෙරේදා (02) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන පාර්ශ්වයට දොස් නගමින් සිය සැමියාගේ දේශපාලනය විනාශ කළේ මංගල සමරවීර බව කියමින් එම පක්‍ෂයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන එම පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායකවරියක් ලෙස කටයුතු කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වූ අතර ඊයේ (04)ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවී ඔහුට සහාය පළකරමින් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරියට දුරකථනයෙන් කතා කොට තමා එක්සත් ජාතික පක්‍ෂයේ සහ සියලූ තනතුරුවලින් ඉවත්වන බව පවසා ඇත.
මේ අනුව දේශපාලන ඉතිහාසයේ පැය 48 ක් තුළ දේශපාලන පක්ෂ 3 ක සාමාජිකත්වය ලබා ගනිමින් ඇය තැබූ වාර්තාව මෙතෙක් කිසිදු දේශපාලන නායකයෙකු හෝ ක්‍රියාකාරිකයෙකු සිදු කර ඇති බවට වාර්තා වී නොමැති අතර, මේ වන විට දිල්රුක්ෂි සූරියආරචිචි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටී.truth

කුකුළු මස් - බිත්තර මිල ගණන් ඉහළ යයි


මේ දිනවල වෙළදපොළේ කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. සාමාන්‍ය වෙළදපොළේ බිත්තරයක මිල රුපියල් 16 - 18 මට්ටමක පවතින අතර කුකුළු මස් කිලෝවක මිල පවතින්නේ 350 - 385 අතර මිලකය.
කුකුළු ව්‍යාපාරිකයින් පවසන්නේ නිෂ්පාදනවල පවතින හිඟය නිසා ඒවායේ මිල මෙළෙස ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් පසුගියදා රජය කුකුළු මස් සදහා පැනවූ රුපියල් 350 සීමාවද ඉක්මවා වෙළද පොලේ කුකුළු මස් මිල ඉහළ ගොස් තිබේ.truth

බී.ටී.අයි. යොදා නොගැනීමට තීරණයක් නෑ


කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව මෙරට ඩෙංගු මර්දනය සඳහා යොදා නොගැනීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අදාළ බැක්ටීරියාව ශ්‍රි ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා යොදා නොගැනීමට තීරණය කර ඇති බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ වන විට කියුබානු තානාපති කාර්යාලය හරහා අදාළ බැක්ටීරියාව කඩිනමින් ලංකාවට ලබාදෙන ලෙස කියුබානු රජයෙන් ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
බී.ටී.අයි.බැක්ටීරියාව ලංකාවට ලැබුණ වහාම එය ඩෙංගු වාහක මදුරුවන් බෝවීම වැළැක්වීමට යොදා ගන්නා බව එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම බැක්ටීරියාව මෙම වසරේ මුල් මාස තුන තුළ ඩෙංගු මර්දනය සඳහා යොදා ගැනීමට මුලින් තීරණය කර තිබුණි. ශ්‍රි ලංකා රජය අදාළ බී.ටී.අයි.බැක්ටීරියාව කෘමිනාශක රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු කාර්යන් සිදුකර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.ada

කම්කරු විනිශ්චය සභා, රජයේ ගොඩනැගිලිවලට


කුලී ගෙවා පවත්වාගෙන යන කම්කරු විනිශ්චය සභා, රජයේ ගොඩනැගිලිවලට ගෙන ඒමට අධිකරණය හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම විනිශ්චය සභා පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යාම සහ තැනින් තැනට මාරු කිරීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම මෙම තීරණයට හේතුව බව එම අමාත්‍යාංශය පවසයි. අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් මේ වන විටත් කුලී පදනම මත පවත්වාගෙන යන කම්කරු විනිශ්චය සභා ගොඩනැගිලි ගණන 12 කි. ඊට අමතරව තවත් ගොඩනැගිලි 05 ක් බදු පදනම මත පවත්වාගෙන යන බව වාර්තා වේ.
නව තීරණයත් සමග තලවාකැලේ හා හැටන්හි කම්කරු විනිශ්චය සභාවල ඉදිකිරීම් කටයුතු මේ වසරේ ආරම්භ කරන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සදහන් කරයි. ඒ සඳහා මේ වන විටත් රුපියල් මිලියන 12 ක මුදලක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ada

මුහුදු කොල්ලකරුවන් තුරන් කිරීමට වැඩපිළිවෙළක්


මෙරටින් ත්‍රස්තවාදය තුරන් කළා සේම ආසියානු කලාපයෙන් මුහුදු කොල්ලකරුවන් තුරන් කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත ‍බෝගොල්ලාගම මහතා පවසයි.
එම වැඩපිළිවෙළ ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට ද සුදානම් බව බොගොල්ලාගම අමාත්‍යවරයා සඳහන් කරයි. මේ වන විට සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවු නෞකා අතරට ශ්‍රි ලාංකික සේවකයින් රැඳි සිටි නෞකා දෙකක්ද ඇතුළත්ය. අදාළ පිරිස් මුදා ගැනීම සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් රෝහිත බෝගොල්ලාගම මහතා ප්‍රකාශ කර ඇත.
මේ අතර පසුගිය සඳුදා මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවු සෞදි ආරාබි නෞකාවක ශ්‍රි ලාංකිකයින් පිරිසක් සිටින බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් කඩිනමින් සොයා ‍බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා අදාළ අංශ වලට දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.ada

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 10 ක්


පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 10 ක් මේ වන විට වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා අතර බරපතල සිදුවීම් කිසිවක් වාර්තා නොවන බව එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඩි.එම්.දිසානායක මහතා පැවසුවේය. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල උණුසුම් බවක් මේ වන විට දක්නට නොලැබෙන බව ද හෙතෙම කියා සිටියේය. එක් පක්ෂයක් පමණක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියලී සිටින අකාරය නීරීක්ෂණය කළ හැකි බව ඩි.එම්.දිසානායක මහතා සඳහන් කරයි. ada

වීසා ගැටළුවක් මත මහලු මව හා පුතු ලංකාවට


ඕස්ට්‍රේලියාවේ වෙසෙන අනූ දෙහැවිරිදි ශ්‍රී ලාංකික මහලු කාන්තාවක රැකබලා ගත් ඇයගේ පුතු වන 69 හැවිරිදි පුද්ගලයෙකුට වීසා පිළිබඳව ඇතිවූ ගැටළුවක් නිසා තම මව අතහැර අද සවස 5ට(ඕස්ට්‍රේලියානු වේලාවෙන්) පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුව ඇති පුවතක් පිළබඳව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් වාර්තා වේ. නමුත් මෙම මහලු කාන්තාව රැකබලා ගැනීමට වෙනත් කිසිදු පුද්ගලයෙකු නොමැති බැවින් ඇය ද සිය පුතු සමග ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටී.
එඩ්වඩ් ජෝශප් නැමති මෙම පුද්ගලයාට ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට කිසිදු නෛතික අවසරයක් නොමැති බව ඕස්ට්‍රේලියානු ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව පවසා ඇත. එමෙන්ම ඔහු ඉදිරිපත් කරන ලද සියළුම අභියාචනා ප්‍රතික්ෂේප කර තිබේ.
ජෝශප් මහත්මිය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකාරියක වන අතර ඇයගේ පුතු ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ 1996දීය. ඔහු එසේ ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ සංචාරකයකු ලෙස බවත්, එමෙන්ම ඔහු ආරක්ෂක වීසා පත්‍රයක් සඳහා අයදුම් කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. නමුත් කෙසේ හෝ ඔහුගේ මෙම අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති අතර නැවතත් වාර අටකදී රජයෙන් කරන ලද ඉල්ලීම් ද ප්‍රතික්ෂේප වී තිබේ.
එඩ්වඩ් ජෝශප් විසින් වාර ගණනාවකදීම මහාධිකරණයට පවා ඉදිරිපත් කරන ලද නෛතික අභියාචනා ද පිළිගෙන නැත. ඔහු අද සවස 5වන විට සිය මව ද සමග ඕස්ට්‍රේලියාවෙන් පිටවයාමට එකගව ඇති බව ඕස්ට්‍රේලියානු ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා AAP වෙත සඳහන් කර තිබේ. ada

කුරුණෑගල ළඳු කැළෑවක මළ සිරුරක්


කුරුණෑගල පුත්තලම පාරේ කඳුගොඩවත්ත ප්‍රදේශ‍යේ ළඳු කැළෑ ප්‍රදේශයක තිබී විනාශ වී ගිය මෘත ශරීරයක කොටස් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
එම මෘත ශරීරය වයස අවරුදු 13 ක් පමණ වූ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. ada

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න


වියළි කාළගුණ තත්වයක් පැවතුන ද කිසිදු ප්‍රදේශයක ජල සැපයුම අඩු කර නොමැති බව ජල සම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ දින වල පවතින වියළි කාළගුණය හේතුවෙන් ජලාශ වල සහ ගංගා වල ජල මට්ටම අඩු වී ඇති අතර එම තත්වය තවදුරටත් පැවතිය හොත් ජලය සැපයීමේ ගැටලු ඇතිවිය හැකි බව ඔහු පෙන්‍ව‍ා දෙයි. අධික උණුසුම් තත්වය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
මේ අතර අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිත කරන ලෙසත්, ජලය නාස්ති නොකරන ලෙසත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි. ada

Thursday, March 4, 2010

ලසන්ත වෙනුවෙන් සී.අයි.ඩී ය තාමත් දුරකතන මෙහෙයුමේ

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු ගමන් ගනිමින් සිටි ප්‍රදේශයේ හුවමාරු වූ දුරකතන පණිවුඩ සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ති‍බේ.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකර‍ණයේ අද එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී රහස් ‍පොලිසිය මේ බව අධිකරණයට දැනුම් දෙන ලදී.
වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය එහිදී ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ හුවමාරු වූ දුරකතන ඇමතුම් 5 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි
. මේ අතර ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව රහස් පොලිසිය අධිකරණය දැනුම් දී තිබේ. ada

ජනපති දිවුරුම් දීම නොවැම්බර් 18


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් මස 18වන දින නිල වශයෙන් සිය දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දෙන බව අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‍දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීම සිදුවන විට රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය සියලුම නීති, විධිවිධාන සම්පාදනය කොට අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. අප්‍රේල් 22 වැනිදා සිට නොවැම්බර් 18 වැනිදා දක්වා කාලය තුළ මේ සඳහා ක්‍රියාත්මක වන බව අද‍ පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජී.එල්.පීරිස් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ ‍කළේය. ඊට අදාළ මූලික කටයුතු දැනටමත් සිදුකෙරෙමින් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ada

උතුරේ පුස්තකාලවලට නොමිලේ පොත්


යුද සමයේ දී උතුරේ විනාශ වී ගිය සියලුම පුස්තකාලවලට නොමිලේ පොත් බෙදා දී‍මේ වැඩසටහනක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.
වව්නියාව, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි පුස්තකාලවලට මෙම පොත් බෙදාදීමට නියමිතය. ඒ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.කේ. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මේ දිනවල එම ප්‍රදේශවල සංචාරයක ද නිරත වී සිටියි.
මේ වන විටත් වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි පුස්තකාලවලට පොත් බෙදාදීම ආරම්භ කර ඇති අතර යාපනය පුස්තකාලයට පමණක් විවිධ වර්ගවලට අයත් පොත් 4,000 ක් පමණ ලබා දී ඇති බව සඳහන්ය. ada

මාලනී,ආසියාවේ හොඳම 25 අතරට ඇවිත්


CNN GO ආයතනය විසින් නම් කරන ලද ආසියාවේ හොඳම රංගන ශිල්පීන් හා ශිල්පිනියන් 25 දෙනා අතරට ශ්‍රීලංකාවෙන් ප්‍රවීණ රංගන ශිල්පිණියක වන මාලනී ෆොන්සේකා මහත්මියගේ නමද ඇතුළත් වී තිබේ.
ආසියාවේ හොඳම රංගන ශිල්පීන් ශිල්පිනියන් 25 දෙනා අතරට ඉන්දියාවෙන් පස්දෙනෙකුද චීනයෙන් තුන් දෙනෙකුද ඇතුළත් වේ. 1968 දී"පුංචි බබා"චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය මේ වන විට දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබ සිටියි. 1975 දී මොස්කොව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදීත්,1077 දී දිල්ලි චිත්‍රපට උළෙලේදීත්"හොඳම රංගන ශිල්පිනිය"ට හිමි සම්මානයට පාත්‍රවී ඇත. ada

හදිසි නීතිය දීර්ඝ කිරීමට ජනපති අනුමැතිය


හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ.
ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අතසන් තබා ඇති බව රජය පවසයි. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙසේ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මාර්තු මස 3 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මසක කාලයක් සඳහා හදිසි නීතිය දීර්ඝ කර ඇති බව රජය සදහන් කරයි. හදිසි නීතිය අනුමත කිරීම සඳහා ලබන 9 වැනි දින යළි පාර්ලිමේන්තුව රැස්වීමට ද නියමිතව තිබේ. ada

හයිකෝප් දත්ත කොළඹ විශ්ව විද්‍යාලයේ පරීක්ෂණයට


හයිකෝප් සමාගමේ ගනුදෙනුවලට අදාළ පරිගණක දත්ත පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමු කර තිබේ.
අදාළ පරීක්ෂණ සඳහා එම පරිගණක දත්ත කොළඹ සරසවිය වෙත ලබාදුන් බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩේහුඩ් නැමැත්තාගේ ප්‍රකාශයක් මත බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එම සමාගමේ කාර්යාලයේ තිබී අදාළ පරිගණක දත්ත පද්ධතිය රහස් පොලිසිය විසින් පසුගියදා සොයාගනු ලැබීය.
අදාළ පරිගණක දත්ත පද්ධතියේ අඩංගු තොරතුරු විශ්ලේෂණය කර පරිගණක විශේෂඥයින්ගේ වාර්තාව ලබාගැනීමෙන් පසුව ඉදිරි පරීක්ෂණ මෙහෙයවන බව රහස් පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ. ada

හොරණ අධිකරණයේ තෝල්ක මුදලි අත්අඩංගුවට


හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ තෝල්ක මුදලිවරයා අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අවසන් වූ නඩුවක නඩු පිටපත ලබාදීම සඳහා රුපියල් 3,000 ක මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාව පවසයි. ඊයේ පස්වරුවේ හොරණ අධිකරණය භූමිය තුළ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ සරත් සෝමවීර මහතා ප්‍රකාශ ‍කළේය. අදාළ පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ada

බිරිඳ මැරූ පුද්ගලයාට මරණ දඬුවම්


ඇලිස් කටුවකින් ඇන තම බිරිඳ මරා දැමූ බවට අධි චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට උතුරු මැද පළාත් මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
මහාධිකරණ විනිසුරු මේනකා වි‍ෙජ්සුන්දර මෙනවිය අදාළ මරණ දඩුවම ඊයේ නියම කළේ අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුටය. මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චො‍්දනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත් වූ බැවින් විත්තිකරුට මරණ දඩුවම නියම කරන බව එහිදී විනිසුරුවරිය දැනුම් දුන්නේය.
1996 මාර්තු මාසයේ දිනක මිහින්තලේ අශෝකපුර ප්‍රදේශයේදී සිය බිරිඳ මරා දැමූ බවට විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ‍ගොනු කර තිබුණි. ada

Wednesday, March 3, 2010

දනුන සොයා සීඅයිඩීය හෂාන්ගේ නිවස පීරයි

ශ්‍රී ලංකා කි්‍රකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතාගේ නිවස රහස් පොලීසිය විසින් ඊයේ (02) සෝදිසියකට ලක්කොට තිබේ.
මේ සෝදිසිය කර තිඛෙන්නේ එම නිවසේ සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතා සිටින බවට ලැබුණ ඔත්තුවක් අනුව බව පැවැසේ. දනුන තිලකරත්න මහතා හෂාන් තිලකරත්න මහතාගේ ඥාති සහෝදරයෙකි.
හෂාන් තිලකරත්න මහතා බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක‍ෂයේ මන්ත්‍රීවරයකු වන අතර, අවිස්සාවේල්ල ආසනයේ එජාප සංවිධායක ලෙස ද කටයුතු කළේය. ඔහු පසුගියදා සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්විය. හෂාන් මේ දිනවල ශ්‍රී ලංකවෙන් බැහැරව සිටී.lankae

මංගලගේ ප්‍රබලයෝ රැසක් zඅලියාZට එරෙහිව zඅතZ වැළඳ ගනිත

මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මහජන පාර්ශවයේ විධායක පරිපාලන ලේකම් වෛද්‍ය සිසිල් බණ්ඩාර මහතා ප්‍රමුඛ එම පක‍ෂයේ මධ්‍යම කාරක සභිකයින් හා දිස්ත්‍රික් සංවිධායකයින් ඇතුළු ප්‍රමුඛ පෙළේ කි්‍රයාකාරිකයින් 31 දෙනෙක් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා හමුවී පරණ මහ ගෙදර වූ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයට යළි එක්වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය නිවැරැදි කර ගනිමින් පුුළුල් සන්ධානයක් පිහිටුවා ගැනීමට ශ්‍රී ලංකා මහජන පාර්ශවය ආරම්භයේ සිට ගෙන ගිය දේශපාලන ව්‍යාපාරයෙන් පිට පැන එහි නායක මංගල සමරවීර මහතා zඅලියාZ ලකුණින් මහා මැතිවරණයට ඉදිරිපත්වීමත්, zඅලියාZ ලකුණ එක්සත් ජාතික පක‍ෂයේ zලකුණZ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක‍ෂිකයින් වූ තමා ඇතුළු පිරිසට එම කි්‍රයාමාර්ගයට එකඟ වීමට නොහැකි බැවින් මේ තීරණයට එළැඹි බව වෛද්‍ය බණ්ඩාර මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසීය.
ශ්‍රීලනිප මහජන පාර්ශවයේ උපලේකම්, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා ගඟවට කොරලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මහනුවර නෂාර් හජ්ජියාර්, අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක උපාලි කිරිවත්තුඩුව, පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක විපුල හෙට්ටිආරච්චි, ගම්පහ දිස්ත්‍රික් කමිටු ලේකම් ධම්මික එදිරිසිංහ, බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ටී.ජී. ලියනගේ, කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක මහානාම දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක රෝහිත විෙජ්සේකර මහත්වරු ද මහජන පාර්ශවය අතහැර ශ්‍රීලනිපයට යළි ගිය 31 දෙනා අතර වෙති. මේ සියලූ දෙනාම මහජන පාර්ශවයේ මධ්‍යම කාරක සභිකයෝයි.
අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී මේ තොරතුරු අනාවරණය කළ සිසිල් බණ්ඩාර සේනාරත්න මහතා තමාද ඉතිහාසයේ දේශපාලන වැරැදි කර තිඛෙන බවත්, 1971 දී ජවිපෙ සමඟත්, පසුව ශ්‍රී ලනිපයට එකතුවී 1982 දී විජයගේ ශ්‍රී ලංකා මහජන පක‍ෂයට තමාත් සහෝදරයා වන දේවබණ්ඩාර සේනාරත්නත් එකතු වූ අතර, ඒ දෙදෙනාම පසුව ඝාතනයට ලක්වූ බවත්, අනතුරුව මංගල සමරවීර මහතා ආණ්ඩුවෙන් ඉවත් කළාට පසුව ශ්‍රීලනිප මහජන පාර්ශවයට එකතුව ශ්‍රීලනිපය නිවැරදි මාර්ගයට ගන්නට දේශපාලන ව්‍යාපාරයක යෙදුණු බවත් කීය. තමාට මංගල සමරවීර මහතාට කියන්නට තිඛෙන්නේ වැරැදි අවබෝධ කර ගෙන ආරක‍ෂා වන්න බව සේනාරත්න මහතා පැවැසුවේය.
පොදු අපේක‍ෂක ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ සටන් පාඨ වූයේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම, ඇමැති මණ්ඩලය අඩු කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ දූෂණ වංචා නැති කොට යහපාලනයක් ඇති කිරීම බවත්, ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතා ට ලක‍ෂ 41 ක් ලැඛෙන විට ජනාධිපතිවරයා ලක‍ෂ 18 ක වැඩි ඡන්දයකින් ජයගත් බවත්, ජනාධිපතිවරයා පොරොන්දු වූයේද පොදු අපේක‍ෂකයාගේ ඉහත දුන් පොරොන්දුම වන අතර ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ පොරොන්දුවලට ඡන්ද දායකයා වරමක් දී තිඛෙන බවද ඔහු කීය.
පසුගිය ජනාධිපතිවරණයේදී තමා නොදැනුවත්ම තමාගේ නමින් දේශපාලන වශයෙන් ඉතා භයානක පොතක් මුද්‍රණය කර ඛෙදා හැරීමද දේශපාලන ශීලාචාරකමට බලවත් පහරක් බවද සිසිල් බණ්ඩාර මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවේය.
මේ අතර, ශ්‍රීලනිප මහජන පාර්ශවයේ ප්‍රකාශකයකු කීවේ ජනාධිපතිවරණයෙන් පසුදින එනම් 27 වනදා වන විට පක‍ෂ කාර්යාලයයේ තිබූ ඡායා පිටපත් යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර, රූපවාහිනි යන්ත්‍රය, ගුවන් විදුලි උපකරණ ආදිය ද, පක‍ෂ කාර්යාලය බාරව සිටි විධායක පරිපාලන ලේකම්වරයා සමඟ කාර්යාලයෙන් අතුරුදහන් වී තිඛෙන බවයි.

ඉතාලි සාදයට ලංකා තානාපතිගේ zගජයෝZ කඩා වදිති: ආරාධිතයන්ට කෑමත් නෑ.

ශ්‍රී ලංකාවට ඉතාලි සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා පසුගියදා මිලානෝ නගරයේදී ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ නියෝජිත හමුවට අනාරාධිත පිරිසක් සහභාගි කරවීමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ගත් ක්‍රියාමාර්ගය එහි සංවිධායකයෝ දැඩි පිළිකුලකින් හෙළා දකිති.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් ගමන් ටිකට්පත් අලෙවි ශ්‍රී ලාංකික නියෝජිතයින් ශ්‍රී ලංකාවට ඉතාලි සංචාරකයන් යවන ඉතාලි සංචාරක නියෝජිතයින් සහභාගි කරවා ගත් මෙම නියෝජිත හමුවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ හෙන්චයියන් පිරිසක් අනාරාධිත සහභාගි කරවීම නිසා ආරාධිතයින් වෙනුවෙන් පිළියෙළ කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේ ආහාරපාන අනාරාධිතයින් විසින් භුක්ති විඳීමේ හේතුවෙන් ආරාධිත විදේශකයින් හා ශ්‍රී ලංකා නියෝජිතයිනට සංග්‍රහ කිරීමට ප්‍රමාණවත් ආහාර පාන නොතිබීමෙන් සංවිධායකයින් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇත. ආහාර නොමැතිව සිටි විදේශිකයිනට ඉඳහිට ආහාර පිඟානක් ලැඛෙද්දී එයින් සතුටට පත්ව අත්පොලසන් දී තිබේ.
ශ්‍රී ලාංකික අවන්හලක සීමිත ප්‍රමාණයකට පමණක් සංවිධානය කර තිබූ මේ හමුවේදී තානාපතිවරයා දන්සලක් දෙනවායි පවසමින් ඔහුගේ හෙංචයියන් ඔවුන්ගේ මිතුරන්ද සමඟ ආරාධනා නොමැතිව මෙයට සහභාගිවී ඇත. සංචාරක අමාත්‍යාංශය විසින් සාදය වෙනුවෙන් ගෙවිය යුතු මුදල යුරෝ 6000 (රුපියල් ලක‍ෂ 10) ක් පමණ වේ. මෙයට අමතරව තානාපතිවරයාගේ ගමන් වියදම්ද සැප පහසු නවාතැන් වියදම්ද සංචාරක අමාත්‍යාංශය මගින් ගෙවිය යුතුව ඇත.
ඉතාලියේ විදේශ අමාත්‍යාංශය මගින් තම පුරවැසියන්ට ශ්‍රී ලංකාවට නොයන ලෙස අමාත්‍යාංශ වෙබ් අඩවිය මගින් දැනුවත් කර ඇති අතර ඊට පටහැනිව ශ්‍රී ලංකාවට ගොස් යම් අතවරයක් සිදුවුවහොත් ගෙවිය යුතු රක‍ෂණ මුදල් ඔවුනට නොගෙවනු ඇත. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවට ඉතාලි ජාතිකයන් යෑම ඉතාමත් අඩු බැවින් ඉතාලි රජය සමඟ සාකච්ඡා කොට එය නිදොස් කරන්නැයි ශ්‍රී ලංකාවට විදේශිකයන් යවන නියෝජිතවරුන් කීප වතාවක් තානාපතිවරයා දැනුවත් කළද ඵලක් නොමැතිවීම නිසා මෙම රාත්‍රී භෝජන අවස්ථාවේදී එය සාකච්ඡා කරමින් සිටියෙදී සුරා මතින් සිටි තානාපති හිංචයියන් එම විදේශිකයන්ට බැණ වැදී තිබේ. සංචාරක අමාත්‍යාංශයේ වියදමින් තම හිංචයියන්ට සංග්‍රහ කළ තානාපතිවරයා ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්නට උත්සාහ කරන්නැයි ඉල්ලීමක්ද කර ඇති බව දැන ගන්නට ලැබේ.
-ශමීන් පණ්ඩිතරත්න- ඉතාලිය lankaenews

කොහොමද තතු..?


ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලප්පෙරුම මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ලංකා හොස්පිට්ල්ස් හි නේවාසිකව හිඳියි.ජනාධිපතිවරයා ඇමතිවරයාගේ සුව දුක් බැලීමට ගොස් සිටින අයුරු ඡායා රූපයේ දැක්වේ.

මේජර් ජෙනරාල් මානවඩු රට පනී?


කිසිදු චෝදනාවක් නැතුවද ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසියේම විදේශ ගත වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග පවසයි. මොහු විදෙස් ගත වී ඇත්තේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට පවසමිනි.
ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් මානවඩුගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබූ අතර, මෙසේ ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබියදී විදෙස් ගතවීම ගැටළු සහගතය. මක්නිසාද යත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම මෙහෙයුමේදී නායකත්වය දුන් සුමිත් මානවඩු හැර අනෙකුත් සියලුම නිලධාරීන්ගෙන් මේ වන විට ප්‍රශ්න කර අවසන් බැවිනි.
කෙසේ වෙතත් රජයේ ඉහළ නිලධාරීන්ගේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෙන් ජනාධිපතිවරණය අවසන් වූ වහාම සුමිත් මානවඩුගේ පවුලේ පිරිස් විදෙස් ගත කළ අතර, පසුගිය කාලය පුරාම මේජර් ජනරාල් සුමිත් මානවඩු දැඩි ආරක්ෂා සහිතව කාලය ගත කළේය. මොහු සම්බන්ධයෙන් හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු බොහෝ දෙ‍නෙකුගේ බලවත් කළකිරීමකට ලක්ව සිටි අතර, හමුදාවේ ඉහළ නිලධාරියෙකු "තමුසේ බලු පොලිස් ලොක්ක උඩුගම්පලටත් වඩා නීච වැඩක් කළේ" යනුවෙන් මුහුණටම පවසා ඇත. මෙම සිදුවීමෙන් පසු සුමිත් මානවඩු තමන් වෙනුවෙන් දැඩි රැකවල් යොදා ගත් අතර, ඔහු හමුවීමට කිසිදු හමුදා හෝ සිවිල් පුද්ගලයෙකුට අවස්ථාව නොලැබෙන පරිදි කටයුතු කළේය.
කෙසේ වෙතත් තමන් වෙනුවෙන් ආරක්ෂාවට යොදා ගත් හමුදා නිලධාරීන් පිළිබඳවද සැක උපදවා ඇති මානවඩු තමන්ගේ ජීවිතය තර්ජනයක් ඇති බව පවසා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ සහයෙන් විදෙස් ගත වී ඇති බව වැඩිදුරටත් වාර්තා‍ වේ.truth

අල්ලස් කොමිසමත් අහවරයි - ආණ්ඩුවේ දූෂණයෙන් පෙරටම


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිල කාලය වූ පස් අවුරුද්ද මේ වස 29 වන දායින් අවසන් වන අතර, මෙතෙන් එයට අදාල නව පත්වීම් සිදු කිරීමට කටයුතු කර නැත. ව්‍යවස්ථාව අනුව මෙහි නව පත්වීම් සිදු කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. නමුත් මෙතෙක් ඉදිරි පස් වසරට අදාල නව පත්වීම් කිසිවක් සිදු කිරීමට මේ වන තුරු ජනාධිපතිවරයා පියවර ගෙන නැත.
දැනට ක්‍රියාත්මක වන හා මේ වන විට අවසන්වෙමින් පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද පක් කරන ලද්දේ ඊට පෙර පැවැති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අවසන් වී මාස තුනක් ගතවීමෙන් පසුවය. කෙසේ වෙතත් ඉදිරි පස් අවුරුදු කාලයට අදාල නව පත්වීම් සිදු නොකළ හොත් 29 වනදායින් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අවලංගු වන අතර, මේ අනුව ඉදිරියේදී කොමිසමට අදාල නව විමර්ශන හෝ පැමිණිලි සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත. truth

ආණ්ඩුව BTI ගෙන්වීම හදිසියේම නවතයි‍


ඩෙංගු මදුරු මර්දනය සඳහා කියුබාව භාවිත කළ BTI බැක්ටීරියාව (Bacillus Thuringenesis Sub Specles Israelensis) ගෙන්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව නවතාලීමට රජය කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. මෙම තීරණය ගැනීඹට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, රජයේ ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙම තීරණය ගත් බව පැවසේ.
පසුගිය කාලයේදී ලංකාවේ ඩෙංගු උවදුර ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා මේ සම්බන්ධයෙන් කියුබාවේ කීට විශේෂඥයින් ගෙන්වා පර්යේෂණ කළ අතර, මුලින්ම මෙම බැක්ටීරියාව 2009 වසරේ ජුනි මස 27 වන දා ගෙන්වීමට නියමිතයව තිබුණු නමුත් රජයේ අතපසුවීමක් නිසා මෙය කල් ගියේය.
පසුව මෙම බැක්ටීරියාව වෙළඳපොළට නිකුත් කර මෙහි බරපැන මහජනතාවගෙන් අය කිරීමට රජය සැලසුම් කළත් එම ක්‍රියාමාර්ගය ද ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන්ට නොහැකි විය. මේ අනුව රජය ඩෙංගු මදුරුවා විනාශ කිරීමේ වගකීමෙන් බැහැරවීමට උත්සහ දැරීමක් ලෙස මේ සම්බන්ධයෙන් අදහස් දැක්නූ බොහෝ පිරිස් කරුණු දැක්වීය. බයෝ පවර් ලංකා පුද්ගලික සමාගම, විසින් නිපදවනු ලබන BTI බැක්‌ටීරියාව සහ කියුබාවේ නිෂ්පාදිත එමබැක්‌ටීරියාව මිලි ලීටර් 80 ප්‍රමාණයේ බෝතල් වශයෙන්වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය සැලසුම් කළ අතර, එය භාවිත කරන ආකාරය පිළිබඳ උපදෙස්‌ එම බෝතල්වල සඳහන් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී පැවසීය.
කියුබාව විසින් 1982 වසරේදී සොයා ගන්නා ලද මෙම BTI බැක්ටීරියාව දියරයක් ලෙසින් විශාල ජලාශවලට හා ජල ටැංකිවලට යොදන අතර එමගින් ඒවායේ සිටින මදුරු කීට විනාශයට පත්වේ. මදුරු කීට විනාශ කිරීමට ලොව රටවල් කීපයක්ම මෙම බැක්ටීරියාව යොදා ගෙන ඇත. මෙම බැක්ටීරියාව මීට පෙර කුරුණෑගල හා පොල්ගහවෙල ප්‍රදේශවලදී සාර්ථකව අත්හදා බලා ඇත.ada