Wednesday, March 3, 2010

ආණ්ඩුව BTI ගෙන්වීම හදිසියේම නවතයි‍


ඩෙංගු මදුරු මර්දනය සඳහා කියුබාව භාවිත කළ BTI බැක්ටීරියාව (Bacillus Thuringenesis Sub Specles Israelensis) ගෙන්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව නවතාලීමට රජය කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. මෙම තීරණය ගැනීඹට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, රජයේ ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙම තීරණය ගත් බව පැවසේ.
පසුගිය කාලයේදී ලංකාවේ ඩෙංගු උවදුර ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා මේ සම්බන්ධයෙන් කියුබාවේ කීට විශේෂඥයින් ගෙන්වා පර්යේෂණ කළ අතර, මුලින්ම මෙම බැක්ටීරියාව 2009 වසරේ ජුනි මස 27 වන දා ගෙන්වීමට නියමිතයව තිබුණු නමුත් රජයේ අතපසුවීමක් නිසා මෙය කල් ගියේය.
පසුව මෙම බැක්ටීරියාව වෙළඳපොළට නිකුත් කර මෙහි බරපැන මහජනතාවගෙන් අය කිරීමට රජය සැලසුම් කළත් එම ක්‍රියාමාර්ගය ද ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන්ට නොහැකි විය. මේ අනුව රජය ඩෙංගු මදුරුවා විනාශ කිරීමේ වගකීමෙන් බැහැරවීමට උත්සහ දැරීමක් ලෙස මේ සම්බන්ධයෙන් අදහස් දැක්නූ බොහෝ පිරිස් කරුණු දැක්වීය. බයෝ පවර් ලංකා පුද්ගලික සමාගම, විසින් නිපදවනු ලබන BTI බැක්‌ටීරියාව සහ කියුබාවේ නිෂ්පාදිත එමබැක්‌ටීරියාව මිලි ලීටර් 80 ප්‍රමාණයේ බෝතල් වශයෙන්වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය සැලසුම් කළ අතර, එය භාවිත කරන ආකාරය පිළිබඳ උපදෙස්‌ එම බෝතල්වල සඳහන් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී පැවසීය.
කියුබාව විසින් 1982 වසරේදී සොයා ගන්නා ලද මෙම BTI බැක්ටීරියාව දියරයක් ලෙසින් විශාල ජලාශවලට හා ජල ටැංකිවලට යොදන අතර එමගින් ඒවායේ සිටින මදුරු කීට විනාශයට පත්වේ. මදුරු කීට විනාශ කිරීමට ලොව රටවල් කීපයක්ම මෙම බැක්ටීරියාව යොදා ගෙන ඇත. මෙම බැක්ටීරියාව මීට පෙර කුරුණෑගල හා පොල්ගහවෙල ප්‍රදේශවලදී සාර්ථකව අත්හදා බලා ඇත.ada

0 comments:

Post a Comment