
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිල කාලය වූ පස් අවුරුද්ද මේ වස 29 වන දායින් අවසන් වන අතර, මෙතෙන් එයට අදාල නව පත්වීම් සිදු කිරීමට කටයුතු කර නැත. ව්‍යවස්ථාව අනුව මෙහි නව පත්වීම් සිදු කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. නමුත් මෙතෙක් ඉදිරි පස් වසරට අදාල නව පත්වීම් කිසිවක් සිදු කිරීමට මේ වන තුරු ජනාධිපතිවරයා පියවර ගෙන නැත.
දැනට ක්‍රියාත්මක වන හා මේ වන විට අවසන්වෙමින් පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද පක් කරන ලද්දේ ඊට පෙර පැවැති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අවසන් වී මාස තුනක් ගතවීමෙන් පසුවය. කෙසේ වෙතත් ඉදිරි පස් අවුරුදු කාලයට අදාල නව පත්වීම් සිදු නොකළ හොත් 29 වනදායින් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අවලංගු වන අතර, මේ අනුව ඉදිරියේදී කොමිසමට අදාල නව විමර්ශන හෝ පැමිණිලි සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත. truth
0 comments:
Post a Comment