
රත්නපුර - හෙළඋඩ ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීමට රත්නපුර කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය සමත්ව තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමකදී සැකපිට 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ගංජා තොගය සහ සැකකරු අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
රත්නපුරය අවටින් මෙවැනි ගංජා හේනක් සොයාගත් පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ. ADA
0 comments:
Post a Comment