Friday, March 5, 2010

ආඩම්බරකාර තාත්තා ගැබිණී මව්වරුන්ගෙනුත් පළිගන්නවා - සුනිල් හඳුන්නෙත්ති


දැයේ දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා යැයි කියා ගන්නා වත්මන් ආණ්ඩුව ගැබිණී මව්වරුන්ගෙනුත් පළිගන්නා මට්ටමේ පහත් තත්ත්වයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමු‍ණේ විමධ්‍යගත අරමුදලින් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දී‍මේ අවස්ථාවේදී අදහස් දක්වමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ විමධ්‍යගත අරමුදලින් ගැබිණී මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහනක් පැවැත්වීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධායකත්වයෙන් සූදානම් කර තිබූ නමුක් රජයේ ඉහළ නිලධාරියෙකුගේ බලපැම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දිය නොහැකි බව ප්‍රකාශ විය.
මේ අවස්ථාවේදී හඳන්නෙත්ති මන්ත්‍රීවරයා විමසා සිටියේ ගිය වසරේ වෙන්වූ ප්‍රතිපාදනවලින් ගිය වසරේ සංවිධානය කළ වැඩසටහන මෙසේ හදිසියේම නතර කිරීමට හේතුව කුමක්ද යන්නයි. මේ අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ ඉහළින් ලැබුණු නියෝගයක් යටතේ මෙම වැඩසටහන අවලංගු කිරීමට සිදු වූ බවයි. කෙසේ වෙතත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයට මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉබි යතුරු දමා වසා තිබු‍‍ණේ කාර්යාලයීය වේලාවන් ලෙස සතියේ දින උදෑසන 8 සිට සවස 3.30 දක්වා බවට සටහන් වූ පුවරුවක් ද ප්‍රදර්ශනය කරමින් තිබියදීය.
මේ සම්බන්ධයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය විසින් රජයේ ඉහළ පුද්ගලයින් ලවා මෙම බලපෑම සිදු කළ බවයි.
කෙසේ වෙතත් අදාල පෝෂණ ආහාර ද්‍රව්‍ය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එය පැමිණ සිටි ගැබිණි මව්වරුන් 134 දෙනෙකුට ලබා දුන් අතර, ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
"අද දින ජනතා විමුක්ති පෙරමුණේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මට ලැබුණු මුදල්වලින් ගැබිණි මව්වරුන්ට ‍පෝෂණ ආහාර මල්ලක් ලබා දෙන්න කටයුතු කළා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ මැදිහත්වීමෙන් තමයි මේ සියලු කටයුතු සංවිධානය කළේ. නමුත් මට අද උදේ දැනුම් දුන්නා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පිළිගන්න බැරි නිසා මේ උත්සවයට ඉඩ දෙන්න බෑ කියල. මම මෙතෙනට එකකොට මේ කාර්යාලයට ඉබ්බ දාල.
නමුත් අපිට 09 වෙනිදා හදිසි නීතියට පාර්ලිමේන්තුවට එන්න කියනව. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙමෙයි නම් සිප්පි කටුද කියල මම දැනගන්න කැමතියි. මේක දේශපාලන වශයෙන් ඉතාමත් පහත් වැඩක්. අද මේ ආණ්ඩුව දැයේ දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා කියන ගමන්ම බඩදරු අම්මලගෙනුත් පළිගන්න මට්ටමට පත් වෙලා තියෙනව.
මේ අම්මලට පෝෂණ මල්ලක් ලබා දෙන්න අපි සැලසුම් කළේ පාර්ලිමේන්තු ඡන්දයක් එනව කියල හිතාගෙන නෙමෙයි. මේකට අපි මුදල් වෙන් කළේ ගිය අවුරුද්දෙයි. අපේ ප්‍රතිපාදන අපි වෙන් කළේ ගිය අවුරුද්දෙ. මේක සූදානම් කළෞ මම නෙමෙයි. මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සූදානම් කරපු දෙයක්. මේ නිලධාරීවරුන් එක්කෝ දේශපාලන බලපෑමට යට වෙලා. නැත්නම් තමන්ගේ දේශපාලනය මෙතෙන්දි ක්‍රියාත්මක කරල.
අද වෙනකොට මේ ගැබිණි මව්වරුන්ට ලැබිය යුතු අයිතියත් ලබා නොදී කටයුතු කරන මට්ටමට මේ ආණ්ඩුවේ නිලධාරීන් හා දේශපාලනඥයො පත් වෙලා තියෙනව. මේක ඉතාම අවාසනාවන්ත, පහත් තත්ත්වයක්." truth

0 comments:

Post a Comment