Wednesday, February 24, 2010

Paba

අලින්ගේ යෝජනාව ජෙනරාල් ප්‍රතිෙක‍ෂ්ප කරයි

එක්සත් ජාතික පෙරමුණේ zඅලියාZ ලකුණින් තරඟ කිරීමටත් එම පෙරමුණේ නියෝජ්‍ය නායකත්වය ලබා ගන්නා ලෙසට හා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පදවියකට පත් කරන්නට කර තිඛෙන යෝජනාවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතිෙක‍ෂ්ප කොට තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එජාප හා එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන නායකයින් කීපදෙනකු විසින් කර ඇති යෝජනාව සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (23) සවස පැවැති සාකච්ඡාවට ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය හා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක‍ෂ මහතාද සහභාගි වී තිබේ.
එජාපෙ ලියාපදිංචි දේශපාලන පක‍ෂයක් නොවන අතර එවැන්නක නියෝජ්‍ය නායක පදවියක් බාරගන්නට අකැමැති බවට ෆොන්සේකා මහතාගේ පණිවිඩය මේ සාකච්ඡාවේදී ෆොන්සේකා මහත්මිය දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණයේ විපක‍ෂයේ ප්‍රධානම අපේක‍ෂකයා ලෙස තරඟ කළ ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ නායකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයට zකුසලානයZ ලකුණින් තරඟ කරන බවත්, දැනටමත් කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුව සකස් කරමින් තිඛෙන බවත්, අනෝමා ෆොන්සේකා මහත්මිය zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවාය.
මේ අතර අද දහවල් විපක‍ෂ නායක නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මාතර දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවැසුවේ ඊයේ සවස අනෝමා ෆොන්සේකා මහත්මියත් විජයදාස රාජපක‍ෂ මහතාත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් එජාප ඉහළ සාමාජිකයින් දෙදෙනකු සමඟ ජෙනරාල් ෆොන්සේකා මහතාගේ පණිවිඩයකට අදාල කරුණු සාකච්ඡා කළ බවත් එහිදී දේශපාලනය හා සම්බන්ධ විවිධ කරුණු මෙන්ම ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ නීතිමය කටයුතු ගැනත් සාකච්ඡා වූ අතර මෙහිදී එජාප හා එජා පෙරමුණේ ස්ථාවරයට දැනුම් දුන් බවත් කීය.
සාකච්ඡාව ආරම්භ කළ අවස්ථාවේම ජෙනරාල් ෆොන්සේකා මහතාට එජාපෙ නියෝජ්‍ය නායකත්වය බාර ගන්නා ලෙසට ආරාධනා කළ බවද, මෙම සාකච්ඡාවේදී අවසාන නිගමනයකට නොපැමිණි බවද ඔහු සඳහන් කළේය.
එජාපෙ ආරාධනය තවමත් විවෘත බව පැවසූ එA මහතා හැකිතාක් දුරට පොදු සන්ධානයක් ඇතිකර ගෙන ඉදිරියට යාමට කටයුතු කරන බවද කීවේය.තවමත් එජාපෙ අලියා ලකුණින් තරඟ කරන්නැයි කොන්දේසියක් පැනවීමෙන් ආරාධනය විවෘත යැයි කියන්නේ කෙසේ දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට රත්නායක මහතාගේ පිළිතුර වූයේ එය කොන්දේසියක් නොවන බවයි. එහෙත් ප්‍රධාන රාමුව වන අලියා ලකුණ තුළ සිටිමින් සාකච්ඡා කරන බවත් කීය. අලියා ලකුණින් තරඟ කළයුතුය යන මතය තුළ එල්ලී නොසිට යාහැකි පොදු එකඟතාවකට යාමට සූදානම් නැද්දයි ඇසූ ප්‍රශ්නයකට රත්නායක මහතා සෘජු පිළිතුරක් දුන්නේ නැත. ඔහු කීවේ ජනාධිපතිවරණයෙන් පසු එම මැතිවරණයේදී එකට සිටි පක‍ෂ සියල්ල මහාමැතිවරණය තරඟ කිරීමට අදාළ කරුණු සාකච්ඡා කර තීන්දු ගත් බවයි.
ඉදිරියේදීත් එම පක‍ෂ සමඟ එකට වැඩ කරන්නට කැමැති බවද ඔහු පැවැසීය.
zඅලියාZ ලකුණ කොන්දේසියක් දමාගෙන සාකච්ඡාවට විවෘතයි කියන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු ඇසූ තවත් ප්‍රශ්නයකට රත්නායක මහතාගේ පිළිතුර වූයේ zපුළුවන් අවස්ථාවලදී පුළුවන් රාමු හදාගත්තා. ලකුණත් පරිත්‍යාග කොට එජාප නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී කැප කිරීමක්ද කළා යන්නයිZ.lanake

ෆොන්සේකා අත්සන තබයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දහවල් නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බව ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ දිනයේ අධිකරණයෙන් දුන් නියෝගයට අනුව සැලසුණු ඉඩ ප්‍රස්ථාව ප්‍රයෝජනයට ගෙන නීතිඥ සුනිල් වටගල මහතා විසින් නාම යෝජනාපත්‍රයට සරත් ෆොන්සේකා මහතාගේ අත්සන ලබා ගැනීමට කටයුතු කළ බව හෙතෙම කියා සිටියේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන මහ මැතිවරණයේදී"ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ"යටතේ"කුසලානය"ලකුණෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟවදින බව මීට ඉහතදී ප්‍රකාශයට පත් කර තිබිණි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා වන්නේද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාය.ada

පුදුම උත්සාහයක් ගත්තත් බැරිවුණා-මංගල


එළඹෙන මහ මැතිවරණයෙන් පසුව"එක්සත් ජාතික පෙරමුණ"ලෙස ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස දැනට පවතින සන්ධානය විධිමක් කරන බන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශව‍යේ නායක මංගල සමරවීර මහතා පවසයි. ඒ වෙනුවෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග අද සවස මූලික එකඟතා ගිවිසුමකට එළඹෙන බවද හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයෙන්"අලියා"ලකුණින් මෙවර මහ මැතිවරණයට 7 දෙනෙක් තරඟවදින බවත්,තමන් මාතරින් තරඟකරන බවත් සමරවීර මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරයෙකු වන ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ ද මෙවර මහ මැතිවරණයේදී"අලියා"ලකුණෙන් තරඟ කරන බව ඔහු පැවසීය. පුළුල් සන්ධානක් සාදා ගන්නට පුදුම උත්සාහයක් ගත්තද නොයෙකුත් ප්‍රායෝගික ගැටලු නිසා එකී උත්සහය අසාර්ථක වූ බවද හෙතෙම අවධාරණය කළේය.‍ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කළ ඇතැම් අයට මෙවර මහ මැතිවරණයේදී වෙන් වෙන්ව කටයුතු කරන්නට සිදුවීම බැලූ බැල්මට අවාසි සහගත ලෙස පෙනෙන්නට තිබුණද එහි යම් යම් වාසි සහගත තත්ත්වයන් ද දක්නට ලැබෙන බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය. ada

විමුක්ති පෙරමුණ"විපත්ති පෙරමුණක්"වෙලා


ජනතා විමුක්ති පෙරමුණ දැන් විමුක්ති පෙරමුණක් නොව ජනතාවට විපත්ති ගෙන දෙන"විපත්ති පෙරමුණක්"බවට පත්වී ඇතැයි හිටපු ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
මාස දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ පක්ෂ ලකුණ වරින් වර මාරු කරමින් මෙම ජනතා විපත්ති පෙරමුණ දැන් උත්සාහ දරන්නේ පිදුරු ගහක එල්ලී හෝ ඊළඟ පාර්ලිමේන්තුවේ අසුනක් දෙකක් රැකගැනීමට බව හෙතෙම කියා සිටියේය.
ජනාධිපතිවරණයේදී සන්ධාන ගත වූ ජ.වි.පෙට සහ එ.ජා.පයට මේ වනතුරුත් එකඟතාවයකට එන්නට නොහැකි වී ඇතැයිද ජ.වි.පෙට සිය අනන්‍යතාවය පවා අහිමි වී ඇතැයිද ඔහු පැවසීය.යම් හෙයකින් ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරනු ලැබීනම් සන්ධාන ගත වන ලෙස ඉල්ලීමක් නොව අනිවාර්යය නියෝගයක් පනවනු ඇතැයි ද හෙතෙම සිහිපත් කළේය. ada

ජනපතිටත් යුද අපරාධ චෝදනා ගේන්න මිලිබෑන්ඩ් සූදානම්


ජාත්‍යන්තර දෙමළ සමුළුවක ආරම්භක දේශනය පැවැත්වීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා සූදානම් වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට ස්වයංපාලන අයිතියක් ලබාදීම සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ මෙම සමුළුවේ දී අවධානයට ලක්වනු ඇතැයි සඳහන් වේ.
මෙමගින් ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර දැනට පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පලුඳු වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. බ්‍රිතාන්‍ය ඡායා කැබිනට් මණ්ඩලයේ විදේශ ලේකම් විලියම් හේග් මහතා ඇතුළු එරට පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද මෙම සමුළුව ඇමතීමට නියමිත බව සඳහන් වේ.
අදා‍ළ සමුළුවේ සභාපති එස්.ජේ.එමානුවෙල් බ්‍රිතාන්‍ය මාධ්‍යයක් වෙත පවසා ඇත්තේ ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉතිහාසය සහ වත්මන් තත්ත්වය පිළිබඳව මනා අවබෝධයක් ඇති බවයි.
යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට එරෙහිව කටයුතු කළ යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ධනුන අල්ලන්න පොලිස් දැල එළයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ මෙහෙය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
රි ලංකා යුද හමුදාවට අවි ආයුධ ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලැබුණු අධිකරණ නියෝගයක් මත මෙම මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙයි. පසුගිය 15 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් ධනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරනු ලැබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදි අධිකරණයට දන්වා සිටියේ සාක්ෂි විභාගයක් සඳහා තම දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස ධනුන තිලකරත්න මහතාට දන්වා සිටිය ද ඔහු ඊට සහභාගි නොවු බවයි.ada

අත්බෝම්බයක් එක්ක අයෙක් දැලේ


ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.. කිරිඳිවැල මයිලවලාන ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
වයස අවුරුදු 19 ක් වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව විදේශීය රටක නිෂ්පාදිත මෙම අත්බෝම්බය සොයාගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.. ada

ශ්‍රීලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය නොවෙයි


ශ්‍රී ලංකාවේ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය නොවන බවට තමා තුළ විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලෙක් මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ සාඩම්බර අතීතයකට හිමිකම් කියන ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බවත්,එමෙන්ම රට තුළ මානව අයිතීන් සුරකින ආකාරය පවත්වාගෙන යන බව ත් රොබට් ඕ ‍බ්ලෙක් මහතා කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ බි.බි.සී. ප්‍රවෘත්තී සේවය සමග ශ්‍රී ලංකාව පිළිබඳ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදි තවදුරටත් අදහස් දැක්වු රොබට් ඕ ‍බ්ලෙක් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඇතැම් ක්ෂේත්‍රයන්හි සාධනීය වර්ධනයක් කළ යුතු බවයි. ජෙනරල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බි.බි.සී. ය අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු‍ දෙමින් රොබට් ඕ ‍බ්ලෙක් මහතා ප්‍රකාශ කර ඇත්තේ ෆො
න්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ස්ථීර යමක් ප්‍රකාශ කළ හැක්කේ ඔහුට එරෙහිව පවතින චෝදනා අනාවරණය වු පසුව බවයි. එමෙන්ම ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද ශ්‍රී ලංකාවේ හිටපු අ‍මෙරිකානු තානාපති රොබට් ඕ බ්ලෙක් මහතා පවසා තිබේ.
එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වඩා ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ අවතැන් වුවන් නැවත පදිංචි කරවීම සඳහා බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ..

කණ්ඩායම් 170 ක් ඇප මුදල් තැන්පත් කරති


එළඹෙන මහ මැතිවරණය සඳහා ඊයේ දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 170 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව ඊයේ දිනය තුළ ස්වාධීන කණ්ඩායම් 58 ක් ඇප මුදල් තැන්පත් ර ඇති බව සඳහන් වී ඇති අතර නාමයෝජනා බාර දී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 14 කි. කොළඹ , ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික් සදහා ස්වාධීන කණ්ඩායම බැගින් ද , රත්නපුර , පුත්තලම , කෑගල්ල , කළුතර යන දිස්ත්‍රික්ක සඳහා ස්වාධීන කණ්ඩායම් දෙක බැගින් ද මාතලේ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක්ද ඊ‍යේ දිනය වන විට නාම යෝජනා බාරදී තිබේ. මීට අමතරව දේශපාලන පක්ෂ 7 ක් සහ දිස්ත්‍රික් 12 ක් සඳහා නාමයෝජනා බාර දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි..
ඒ අනුව ජනසෙත පෙරමුණ ගාල්ල , වන්නි , අනුරාධපුර , නුවරඑළිය යන දිස්ත්‍රික් සදහා නාමයෝජනා භාරදී ඇති බව සඳහන් වේ.. සිංහලේ මහා සම්මත භූමී පුත්‍ර පක්ෂය ත්‍රිකුණාමල දිස්ත්‍රික්යටද , එක්සත් ජනතා නිදහස් සන්ධානය ගාල්ල දිස්ත්‍රික්කයට ද ඊයේ නාමයෝජනා බාරදී තිබේ.
ටි.එම්.වී.පි. පක්ෂය යාපනේ හා වන්නි දිස්ත්‍රික් සදහා නාමයෝජනා බාරදී ඇති බව සඳහන් වේ..
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා කම්කරු පක්ෂයත් , මහනුවර , මොණරාගල දිස්ත්‍රික්ක සදහා ජාතික සංවර්ධන පෙරමුණත් නාමයෝජනා බාරදී ඇති අතර ඊයේ දිනය තුළ කළුතර දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා බාරදී ඇති පක්ෂය වන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණයි. ada

Tuesday, February 23, 2010

ෆොන්සේකා නිදහස් කරන්න බෑ


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරන බව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී වැඩ බලන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇත.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙසත්,ඔහුව නිදහස් කරන ලෙසත් ඉල්ලා අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ‍මෙම පෙත්සම ගෙනුකර තිබිණි. සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ නොහැකි වුවද,පවුලේ උදවියට සහ ඔහුගේ නීතිඥයන්ට ඔහුව බලන්නට ඉඩකඩ ලබා දෙන ලෙසද අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.පසුගිය පෙබරවාරි මස 12 වනදින අගවිනිසුරු අශෝක සිල්වා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා බාරගනු ලැබිණි.එදින මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින සලකා බලන බවට තීන්දු කරන ලද අතර මේ වන විට අගවිනිසුරුවරයා විදෙස්ගතව සිටින බැවින් වැඩ බලන අගවිනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම පෙත්සම සලකා බලන ලදී.
වැඩ බලන අගවිනිසුරුවරිය ඇතුළු වැඩබලන ප්‍රධාන විනිසුරු ජගත් බාලපටබැඳි,කේ.ශ්‍රී පවන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද මෙම නියෝගය ප්‍රකාශයට පත්කෙරිණි. ada

කොමසාරිස්ගෙන් යළිත් නියෝගයක්


මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් , උසස් කිරීම් සහ ස්ථාන මාරු කිරීම් සිදුනොකරන ලෙස තමන් නිකුත් කළ චක්‍රලේඛය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට යළි අවධාරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරන මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ දිනයට පෙර දිනයන් යොදමින් එවැනි ස්ථාන මාරු කිරීම් සිදුකරන බවට පැමිණිලි රැසක් තමන් වෙත ලැබී ඇති බවයි.ඒ අනුව අදාළ ස්ථාන මාරුවීම් අත්හිටුවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරයි.එවැනි ස්ථාන මාරුවීම් ලැබු නිලධාරින් ඡන්ද විමසීමේ කාල පරිච්ඡේදය අවසන් වන තුරු අදලා සේවා ස්ථානයෙන් මුදා නොහැරිය යුතු බව ද කොමසාරිස්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

දන්සල්වල ණය තාම ගෙවන්න තියෙනවා


අරලිය ගහ මන්දිරයේ දුන්නු දන්සැල්වල ණය තාමත් ගෙවන්නට තියෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. දන්සැල් වල මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වියදම් වුණු මුදල් වල පවා ණය ගෙවන්නට සිදුව ඇති බව හෙතෙම කියා සිටියේ අද බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එසේ වුවද සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන්ගේ මවගේ මුදල් සේප්පුවලින් අනුපිළිවෙළට අංක යෙදූ ඩොලර් නෝට්ටු තොග ගණන් හමුවූ බවත්,‍ෆොන්සේකා නටන්නට හැදූ නාඩගම එයින් හෙළිදරව් වූ බවත් හෙතෙම කියා සිටියේය.
සේකා මුදල් සම්බන්ධයෙන් කියා තිබුණේ එකී මුදල් ජනාධිපතිවරණයට වියදම් කිරීමටත් එයින් පසු එළඹෙන මහ මැතිවරණයට වියදම් කිරීමටත් තබා තිබූ බවත්,එක් මැතිවරණයකදී තවත් මැතිවරණයකට මුදල් රැස්කරන පුද්ගලයින් තමා දැක්කේ ජීවිතයේ පළමු වතාවට බවත් වීරවංශ මහතා පැවසීය. මෙවර මහ මැතිවරණයට තරඟවදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව මෙහිදී ප්‍රකාශයට පත්කෙරුණු අතර ජාතික නිදහස් පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රීක්ක 16 ක් සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති වගද මෙහිදී ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව කොළඹින් විමල් වීරවංශ,ගම්පහින් පියසිරි විජේනායක සහ අන්ජාන් උම්මා,කළුතරින් ජයන්ත සමරවීර,මාතරින් සරත් වීරවංශ,හම්බන්තොටින් ධර්මසේන කොඩිතුවක්කු,මොණරාගලින් පද්ම උදයශාන්ත,කෑගල්ලෙන් බුද්ධදාස විතානනච්චි,මාතලෙන් අරවින්ද වන්නිආරච්චි,මහනුවරින් නිමල් ප්‍රේමවංශ,නුවරඑළියෙන් නිමල් පියතිස්ස,අනුරාධපුරයෙන් වීරකුමාර දිසානායක,පොළොන්නරුවෙන් රාජා රංජිත් ගුණරත්න,කුරුණෑගලින් සේනාරත්න ද සිල්වා,පුත්තලමෙන් සමන්සිරි හේරත්,රත්නපුරෙන් දීපාල් ගුණසේකර,අම්පාරෙන් අනුර මුණසිංහ යන අය ඉදිරිපත් වී සිටින බව අනාවරණය කෙරිණි. ada

මඩකළපුවෙන් අවි තොගයක්


මඩකළපුව කන්නන්අඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අවි ආයුධ ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ‍ගෙන තිබේ.
මඩකළපුව පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය. එහි දී ටී 56 ගිනි අවි 02 ක්, ටී 56 පතොරොම් ගැබ් 10 ක්, එම උණ්ඩ 120 ක් සහ එම්.පී.එම්.ජී අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 98 ක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ අතර සේරුනුවර පූ නගර් ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මිලි මීටර 7. 62 වර්ගයේ ජීව උණ්ඩ 91 ‍ක් සොයා ගැනීමට සේරුනුවර පොලීසිය සමත්ව ඇත. මීට අමතරව නිට්ටඹුව පොලිසීය විසින් නිට්ටඹුව, කඹුරාගල්ල ප්‍රදේශයේ ඔයක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ‍ගෙන ඇති අතර යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් එම බෝම්බ නිෂ්ක්‍රීය කර ඇති බව වාර්තා වේ. ada

දින්නොත් පක්ෂය හැරයන්න බෑ


එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කරන අපේක්ෂකයින් ජයග්‍රහණය කළහොත් පක්ෂය හැර නොයන බවට දිවුරුම් පෙත්සමක් ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා ‍ඒකමතිකව මෙම යෝජනාවට එකඟතාව පළ කළ බව ඔහු සඳහන් කරයි. ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය. ada

අගමැති ඌවෙන්


මීළඟ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ඌව පළාතෙන් බිහි වන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
නිමල් සිරිපාල ද සිල්වා මහතාට එළඹෙන පාර්ලිමේන්තුවේ අගමැතිධුරය හිමි වන බව ඔහු සඳහන් කරයි. පසුගිය දා මහියංගණය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.ada

අනෝමා සත්‍යක්‍රියා කරයි


යුද හමුදා අත්අඩංගුවේ සිටින ජනරාල් සරත් ෆෙ‍‍ාන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා දළඳා සමිඳුන් අභියස අනෝමා ෆො‍න්සේකා මහත්මිය ඇතුළු පිරිසක් සත්‍යක්‍රියාවක නිරත විය.
මෙහි දී දළඳා සමිඳුන් වැඳ පුදා ගත් මෙම පිරිස පසුව මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදුටු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් සහභාගී වී සිටි‍යේය. adadera

තැපැල් නිලධාරීන් හා කොමසාරිස් හමුවක්


තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව තැපැල්පති එම්.කේ.බී දිසානායක මහතා සඳහන් කළේය.

Monday, February 22, 2010

තමන් ඝාතනයට ජවිපෙ දැරූ ප‍්‍රයත්නයක් පිළිබඳ නන්දන ගුණතිලකගෙන් හෙළිදරව්වක්.


කලකදි වහලූ කලකදි රහලූ... මේ පැරණි කියමනක්. මෙහි අනිත් පැත්ත කලකදි රහලූ කලකදි වහලූ. කථානායකයා නොබෝදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලැබූ නන්දන ගුණතිලක මහතා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රබලයෙක්. ගුණතිලක මහතා අතීතය සිහිපත් කරනවා. පානදුර ඊයේ පැවති ජන හමුවකදී ඔහු දැක්වූ අදහස් ජනතා විමුක්ති පෙරමුණට අදාළයි. පක්ෂයෙන් ඉවත් වූ පසු තමන් ඝාතනය කිරීමට ජවිපෙ සැලසුම් කළ බව නන්දන ගුණතිලක මහතා කියා සිටියා. ඒ ක‍්‍රම කිහිපයකින්. විෂ සහිත සර්පයින් යෙදවීම. විෂ සහිත බීම පානය කිරීමට සැලැස්වීම මෙන්ම තමන් ගමන් ගන්නා වාහනය අනතුරට ලක් කිරීමෙන් තමන් ඝාතනයට සැලසුම් කර තිබූ බව ගුණතිලක මහතා අනාවරණ කළා. එහෙත් එය සඵල කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා අන්ධ අනුගාමිකයන්ට නොහැකි වූ බවයි ඔහු පැවසුවේ.
මේ අතර ජවිපේ වත්මන් ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා 1989දී උපායශීලීව සිය දිවි බේරා ගත් බව ගුණතිලක මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ පක්ෂයේ ජාතික මෙන්ම ප‍්‍රාදේශීය නායකයන් ඝාතනය වෙද්දී සිය දිවි රැුක ගැනීම උදෙසා සිල්වා මහතා වාද්දුව ප‍්‍රදේශයේදී හමුදාවට භාරවූ බවයි. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයින් යැයි කියා ගන්නා පිරිසද අතීතයේදී සිය සහෝදර පාක්ෂිකයන් පාවාදී තම දිවි රැුකගත් බවද නන්දන ගුණතිලක මහතා සඳහන් කළා.neth

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුනේ එක්වීමට එජාපයට තවමත් කල් තිබෙනවා - විජිත හේරත්


ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා පුළුල් පෙරමුණක් යටතේ තරග වැදීමට තවමත් එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. සිරගත වී සිටිමින් වුවද සරත් ‍ෆොන්සේකා මහතා, අනෝමා ෆොන්සේකා මහත්මිය හරහා එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් අනෙක් පක්ෂවලටත් එක් පෙරමුණක් යටතේ තරග කරන ලෙස ඉල්ලීම් කළ බවද විජිත හේරත් මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පළමු මාධ්‍ය හමුව අමතමිනි.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
''ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ගොඩනැගීමට විශාල දායකත්වයක් දුන්න සරත් ‍ෆොන්සේකා මැතිතුමා අද සිරගත කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරලා තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන් කළ යුතු අවස්ථාවක් උදා වී තිබෙන්නේ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය වෙනුවෙන් දැවැන්ත බලයක් ගොඩනගන්න, දැවැන්ත ශක්තියක් ගොඩනගන්න කටයුතු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරග කිරීමට ගෙනතිබෙන තීරණය ඊට බාධා වී තිබෙනවා. නමුත් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා වෙනුවෙන් එක් පෙරමුණක් ගොඩනැගීමට අප සමත්ව තිබෙනවා. ඒ අනුව අප ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ කුසලානය ලකුණෙන් තරග කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනවා"truth

එජාපයට එරෙහිව නඩු දැමිය හැකියි - සරත් මනමේන්ද්‍ර


එක්සත් ජාතික පෙරමුණේ එකඟතා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වුවත් හැකියාව පවතින බව නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි. එක්සත් ජාතික පෙරමුණට පක්ෂ 16ක් අත්සන් තැබුවේ මහමැතිවරණයට එක්ව එක පෙරමුණක් යටතේ තරග කිරීමට බවත් එහෙත් එක්සත් ජාතික පක්ෂය අලියකු බදාගෙන අවස්ථාවාදී ගමනක් යමින් සිටින බවත් ඔහු පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, අද එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ බදාගෙන අවස්ථාවාදී දේශපාලනයක් කරමින් ඉන්නවා. සරත් ‍ෆොන්සේකා මහතා සිරගත කොට තිබියදී එතුමාට ද්‍රෝහී වෙන්න, ගුණමකු වෙන්න අපට බැහැ. කාට පුළුවන් වුණත් අපට එහෙම කරන්න බැහැ. ඒ නිසා අපි ‍ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එකතු වෙනවා.” යැයිද පැවසීය.truth

හෙළ උරුමයේ හිමයන් බැහැ දැකීම මල්වතු හිමියන් ප්‍රතික්ෂේප කරයි


ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු හෙළ උරුමයේ සාමාජිකයන් පිරිසක් මල්වතු හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තමන් වහන්සේ අවිවේකී බැවින් හමුවිය නොහැකි බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමගංල හිමියන් දන්වා ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව ඇති එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් පිරිසට මල්වතු පාර්ශ්වයේ අනු නායක නියන්ගොඩ විජිතසිරි හිමියන් බැහැ දැකීමට සිදුව තිබේ.
මහානායක හිමියන් හෙළ උරුමයේ නියෝජිත පිරිස මුණ නොගැසීමට සැබෑ හේතුව උන්වහන්සේගේ කාර්ය බහුලත්වයද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න පැහැදිලි නැත.truth

මට පාර්ලිමේන්තු යන්නම ඕන නෑ


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එළඹෙන මහ මැතිවරණයේදී"කුසලානය"ලකුණෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරඟ වැදීමට නියමිතය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමා මෙවර තරඟ කරන්නේ ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට යාම ම අපේක්ෂා කරමින් නොවන බවත්, රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට නැවතීමක් තබන්නට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය වීමට බවත් හෙතෙම කියා සිටියේය.
කෝප් වාර්තාවේ නම් සඳහන්ව ඇති දූෂිතයන් කීදෙනෙකු යළිත් පාර්ලිමේන්තු යන්නට වරම් ඉල්ලන සැටි එළඹෙන 26 දිනට දැක බලා ගතහැකි බවද රණතුංග මහතා පැවසීය.

ෆොන්සේකා කුසලානයෙන් කොළඹට


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා"කුසලානය"ලකුණෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කිරීමට නියමිත බව ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇතැයිද, පක්ෂය දිස්ත්‍රීක්ක 22 සඳහාම අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.
මේ වන විට තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවද ඉදිරියේදී පුළුල් පෙරමුණක් ලෙස බලයක් ගොඩනඟා ගැනීමට හැකි බවට විශ්වාසයක් පවතින බවද ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

අපේක්ෂකයින්ගෙන් වත්කම් බැරකම් ඉල්ලයි


පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ පක්ෂ ලේකම්වරු සිය වත්කම් හා බැරකම් වහාම තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කර ති‍බේ.
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ අඩංගු ප්‍රතිපාදනවලට අනුව මෙම නියෝගය නිකුත් කරන බවයි.
එසේම ස්වාධීන කණ්ඩායම්වල නායකයින් සහ සෙසු සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතුව තිබෙන බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. adade

තැපැල් ඡන්ද අයදුම් කාලය නැවත දීර්ඝ කරන්නෙ නෑ


මහ මැතිවරණයේ රාජකාරී කටයුතු වල නිරත වන රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීමට තිබු කාලය ලබන 26 වැනිදායින් පසුව කිසිසේත්ම දීර්ඝ නොකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
තැපැල් ඡන්ද සදහා අයදුම් කිරීමට රාජ්‍ය සේවකයින්ට මීට පෙර ලබා දී තිබු කාලය අදින් අවසන් විමට නියමිතව තිබුණි. එහෙත් රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම මත එම කාලය දීර්ඝ කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර ගත්තේය. adade

දිස්ත්‍රික්ක 3ක සන්ධාන නාම යෝජනා බාරදෙයි


Print this

දිස්ත්‍රික්ක 3ක සන්ධාන නාම යෝජනා බාරදෙයිFebruary 22, 2010 01:00 pm
එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දිස්ත්‍රික්ක 3 ක් සඳහා නාමයෝජනා භාර‍දෙනු ලැබීය.
ඒ ගම්පහ, හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහාය. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාරදෙනු ලැබුවේ එහි කණ්ඩායම් නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා විසිනි. අමාත්‍ය පියසේන ගම‍ගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායකයා ලෙස සිය නාමයෝජනා අද භාරදෙනු ලැබීය.
හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත භාරදුන්නේය. ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතාගේ නම ද හම්බන්තොට දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට ඇතුළත්ව තිබුණි. adaderana

සිරස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කොළඹට තරඟවදී


එම්.ටී.වී හා සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුසිල් කිඳෙල්පිටිය මහතා එළඹෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවදින බව වාර්තා වේ.
මෙවර මහ මැතවරණයට තරඟ කිරීම සඳහා පසුගිය සිකුරාදා ඔහු සිරස ආයතනයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ. adade

වාමාංශික පෙරමුණ සන්ධානගතව මැතිවරණයට


දෙමළ ජාතික ජාතික සන්ධානයෙන් එක්වු පිරිස ඇතුලු තවත් කණ්ඩායම් කිහිපයක් සමග සන්ධාන ගතව මෙවර මැතිවරණය සඳහා තරග කරන බව නව වාමාංශික පෙරමුණ පවසයි.
අදාළ කණ්ඩායම් සමග අද දිනයේදී එකඟතා ගිවිසුම් වලට පැමිණෙන බව එහි නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව මෙවර මැතිවරණයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා තරග කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වු පිරිසක් ඊයේ දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කිරීමට තීරණය කළ අතර තවත් පිරිසක් වාමාංශික පෙරමුණ සමග එක්විය. දෙමළ ජාතික සන්ධානය යටතේ මෙවර නාම යෝජනා නොලැබීම ඔවුන්ගේ ඉවත් වීමට හේතුව බව වාර්තා වේ.

දිවුලපිටියේ මිනිස් ඝාතනයක්


දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දෙදෙනෙකු අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් යකඩ මුගුරකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ වෑහැර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුව ලබන මස තුන වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. adad