Sunday, July 11, 2010

නේපාලයත් එක්සත් ජාතීන්ගෙන් ගේම ඉල්ලයි


ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකුගේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ විරෝධතා ව්‍යාපාරයන් මතු වීමෙන් පසු නේපාලයේ අගමැතිවරයාද එක්සත් ජාතීන්ට සිය විරෝධය පාන්නට පටන්ගෙන තිබේ.

එක්සත් ජාතීන් විසින් හිමාලයානු සමූහාණ්ඩුවේ දුර්වල සාම ක්‍රියාදාමය තවදුරටත් කඩාකප්පල් කිරීමට තැත් කරන බවට නේපාල භාරකාර ආණ්ඩුවේ අගමැති මාදව් කුමාර් නේපාල් මහතා තද බල විවේචනයක් කරන බව අයි.ඒ.එන්.එස් ප්‍රවෘත්ති සේවය උපුටා දක්වයි.

නේපාලයේ ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ දේශපාලන ඒකකය මගින් නේපාලයේ අවසරයෙකින් තොරව දේශපාලන සැලසුමක් බලහත්කාරයෙන් පටවන්නට උත්සාහ දරන බවට හෙතෙම චෝදනා කර ඇත. නේපාලයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම යටතේ 19000 ක් පමණ වන මාඕවාදී ගරිල්ලන් එක්සත් ජාතීන් ගේ අධීක්ෂණය යටතේ සිටින බවත්,ඒ අය වෙනුවෙන් නේපාලයේ අවසරයකින් තොරව දේශපාලන සැලසුමක් ඉදිරිපත් කරන්නට කටයුතු කරන බවද භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා පෙන්වාදෙයි.

ඒ අනුව එක්සත් ජාතීන් විසින් සති 60 ක් ඇතුළත නේපාලයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ තීරණයක් ගැනීමට සැලසුමත් සම්පාදනය කොට එකී සැලසුම ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් එසේ වුවද මාඕවාදීන් තමන්ට අනන්‍ය වූ සැලැසුමක් සම්පාදනය කොට ඉදිරිපත් කරන්නට නියමිතව ඇති බවත් එසේ වුව මාඕවාදී ගරිල්ලනගේ නියමිත දින ගණනට පෙර එක්සත් ජාතීන්ගේ සැලසුම ක්‍රියාත්මක වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේපාලයේ සාම ක්‍රියාදාමයට පවත්නා විශාලතම බාධාව මහජන විමුක්ති හමුදාව බවත්, පාලක පක්ෂය විසින් මේ වන විට සමගාමීව පවතින හමුදාව මුළු මනින්ම අහෝසි කරන ලෙස ඉල්ලා සිටියද මාඕවාදීන් ලේ ඉල්ලීම වන්නේ මේ සියල්ලන් රටේ ජාතික හමුදාවට අනුයුක්ත කරගැනීමයි.

එසේ වුව ද මාඕවාදී නායක ප්‍රචණ්ඩා වරෙක එකගතාවයකට පැමිණෙමින් ප්‍රකාශ කර තිබුණේ ජාතික හමුදාවට ඇතුළත් කරගත යුත්තේ සිය සාමාජිකයන් 5000-7000 ක ප්‍රමාණයක් පමණක් බවයි. මෙවැනි පසුබිමක් තුළ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට හෝ හිටපු අගමැති ඉල්ලා අස්වි දින 10 ට පසුවත් නව රජයක් ස්ථාපිත කිරීමට බාධාවත් වී තිබෙන බවත් නේපාල භාරකාර ආණ්ඩුවේ අගමැති මාදව් කුමාර් පවසා ඇත.

"ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දෙන්නේ මාස 11 යි.ඒ අතරතුරේදී එක්සත් ජාතීන් මහජන විමුක්ති හමුදාව පුනරුත්ථාපනය කර සමාජ ගත් කරන්නට මාස 14 ක් දෙනවා.මෙය හුදෙක් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දක්වන උත්සාහය කඩාකප්පල් කිරීමක් පමණයි"හෙතෙම සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ට සෘජුව ඇඟිල්ල දිගු නොකළ ද නේපාල භාරකාර අගමැතිවරයා"බාහිර පුද්ගලයින් තමන් නොඉල්ලන යෝජනා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතු"බව පවසා තිබේ. adaderana

සංශෝධනය ජනතාවාදීනම් ආණ්ඩුවට සහය දෙනවා


ජනතාවාදී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා සහය දෙන්න සූදානම් බවත්, පවුල්වාදී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුවට සහය දෙන්න සූදානම් නැති බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහෙත් ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් රටේ ජනතාවගේ කුස ගින්න නිවීමට හැකියාවක් නැති නිසා ජනතාවගේ කුස ගින්න නිවාදැමීමට හැකි වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවනතුරු උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට පියවර ගත් බව ද හෙතෙම කියා සිටියේය.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සරත් එළියට ගැනීමේත් කේ.පී ඇතුළට දැමීමේත් උද්ඝෝෂණයක් බවත්,විමල් වීරවංශට මෙන්ම විරෝධය දැක්වීමට තම පක්ෂයටද අයිතියක් ඇති බවත් හෙතෙම කියා සිටියේ ජනතාව දැනුවත් කිරීමේ උද්ඝෝෂණ මාලාවේ මංගල උද්ඝෝෂණය අද කඩවත නගරයේ පවත්වමින් සිටින අතරතුරේදීය.

තමා අද උදෑසන ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවක් සඳහා සහභාගී වූ බවත්,තමන්ට ඒ පිළිබඳ තනි තීරණ ගන්නට සූදානම් නැති නිසා ඒ පිළිබඳ විශේෂ නියෝජිත පිරිසක් සමග යළි සාකච්ඡා කළ යුතු බව දැනුම්දුන් බවත් ,ඒ අනුව ලබන සඳුදා දින සවස අදාළ සාකච්ඡාව යළි පවත්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

Friday, July 9, 2010

මව්බිම නැතිනම් මරණය-විමල් දිගටම ගේම ඉල්ලයි


මේ සටන කෙළවර වන්නේ ජයග්‍රහණයෙන් නැතිනම් මරණයෙන් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. එයින් මෙපිට කිසිදු විසඳුමක් නැති බවත් ඔහු කියා සිටියේ අද උපවාසය පැවත්වෙන අතරතුර මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.

තමන් මේ සටන ආරම්භ කළේ රණවිරුවන් වෙනුවෙන් බවත්,රණ විරුවන් රටට දිනා දුන් සාමය වෙනුවෙන් බවත්,එකී සාමය කිසිවෙකුටත් හෑල්ලු කරන්නට ඉඩනොදෙන බවත් හෙතෙම පවසයි.

බෑන්කී මූන් විසින් පත්කළ කමිටුව සේනාධිනායකයා ඇතුළු රණ විරුවන් යුද අධිකරණයට දැක්කීම සඳහා ගනු ලැබූ උත්සාහයක් බව අමතක නොලකයුතු බවත්,එකී උත්සාහය කෙසේ හෝ පරාජය කළයුතු බවත් ඔහු කියා සිටියි.

ලෝකයේ සෑම රටකම පාහේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ශක්තිය පෙන්වීම සඳහා හොඳම අවස්ථාව මෙය බවත් ,මව්බිමට එරෙහි බලවේග පරාජය කිරීම සඳහා මේ මොහොතේ එකතුවිය යුතු බවත් තමන් මේ මොහොතේ ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරන බවත් වීරවංශ මහතා කියා සිටියේය. adaderana

ඉල්ලා අස්වීම බාර ගත්තේ නෑ


ජාතික නිදහස් පෙරමුණේ නායක,අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා බාර නොගත් බව හා එය බාර ගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වීම පිළිබඳ රජය පහසුතාවය පත්වන අන්දමේ පුවත්පළවීම‍ හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායකයා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද හෙතෙම කියා සිටියේ අද උපවාසය පවත්වන ස්ථානයේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

මේ පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ සැබවින්ම විමල් වීවංශ මහතාගෙන් එහෙව් ලිපියක් මේ වනතුරුත් ලැබී නැති බව හා ජනාධිපතිවරයාද ඉල්ලා අස්වීමක් පිළිබඳ නොදන්නා බවයි. adaderana

විමල් අමාත්‍ය ධූරය අතහරියි


ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නිවාස,ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට දන්වා තිබේ.

මේ මොහොතේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස හිඳිමින් තමන්ගේ අරගලය ඉදිරියට ගෙන යන්නට නොහැකි වන බැවින් ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු සේවා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙන් දන්වා ඇත.

ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා රජය හෝ මාතෘ භූමිය අපහසුතාවයට ලක් කරන්නට තමන්ට කිසිදු අදහසක් නොමැති බව අවධාරණය කරන බව හෙතෙම පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ විමල් වීරවංශ මහතා ඉල්ලා අස්වූ බවට වන ප්‍රවෘත්තිය තමා දැනගත්තේද මාධ්‍යයෙන් බවත්,විමල් වීරවංශ මහතා ඉල්ලා අස්වූ බවට වන ලිපියක් මේ වන ‍තෙක් තමන් අතට පත් නොවූ බවත්ය. adaderana

එක්සත් ජාතීන්ගේ කමිටුව රටේ ස්වාධීනත්වයට තර්ජනයක්


එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පත්කර ඇති උපදේශක මණ්ඩලය මෙරට ස්වාධීනත්වයට තර්ජනයක් විය හැකි බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණ පවසයි. අදාළ උපදේශක මණ්ඩලය පත්කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලැබූ තීරණයක් නොවන බව නිවේදනයක් නිකුත් කරන එම පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සඳහන් කරයි. එය හුදෙක් බැන්කි මූන් මහතාගේ උවමනාව මත පමණක් පත්කරනු ලැබූවක් බව දේශප්‍රේමී ‍භික්ෂු පෙරමුණ පෙන්වාදෙයි.

බොහෝ බටහිර රටවල ප්‍රයත්නය වී ඇත්තේ උපදෙස් දෙන මුවාවෙන් ශ්‍රී ලංකාව වැනි මහා සංස්කෘතියක් ඇති රටවල නැගී සිටීම අඩපණ කිරීම බව එම පෙරමුණ පෙන්වාදෙයි. මේ හේතුවෙන් දේශමාමක සියලු දෙනාගේ වගකීම වන්නේ මේ අවස්ථාවේ දී එක්ව නැගී සිටිමින් අදාළ උපදේශන මණ්ඩලයට විරෝධතාව දැක්වීම බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කරයි. adaderana

ජී. එස්. පී නැතිවීමෙන් ලාභයට බලපෑමක් විය හැකියි


ජී. එස්. පී ප්ලස් බදු සහනය අහිමිවීම තුළින් ඇඟළුම් කර්මාන්තයට ප්‍රබල බලපෑමක් එල්ල නොවුන ද ලාභ ප්‍රතිශතයට ඒ තුළින් යම් බලපෑමක් එල්ල විය හැකි බව හවුල් ඇඟළුම් සංවිධාන සමුළුවේ සභාපති ඒ. සුකුමාරන් මහතා පවසයි. එමෙන්ම ජී. එස්. පී ප්ලස් අහිමිවීමෙන් ඇතිවන පාඩුව අවමකරගැනීම සඳහා යම් මාර්ගයන් පිළිබඳව විමසා බලන බව ද ඒ මහතා පවසයි.

ජී. එස්. පී බදු වෙළඳ ගිවිසුම යටතේ ආවරණය වන්නේ සමස්ත අපනයන භාණ්ඩ වලින් 1/3 ක් පමණක් බවත්, එමනිසා ඉතිරි අපනයන භාණ්ඩ 3/2ක ප්‍රමාණය ඊට අයත් නොවන බවත් සුකුමාරන් මහතා පෙන්වාදෙයි. ඒ නිසා ජී. එස්. පී අහිමිවීම තුළින් ඇඟළුම් කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කළ නොහැකි බව සඳහන්ය. නමුත් අපනයන අඩුවීම තුළින් රැකියා ක්ෂේත්‍රයට යම් ආකාරයක බලපෑමක් ඇතිවිය හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කරයි.adaderana

එක්සත් ජාතීන් තාමත් ශ්‍රී ලංකාවේ


ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කිසිදු කාර්යාලයක් වසා දැමීමට එක්සත් ජාතීන් තීරණය කර නැති බවත්,එකී සියලු කාර්යාලයන් අද දවසේ ද නිසි පිරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරී මොහාන් සමරනායක මහතා පවසයි.

එහෙත් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කලාප කාර්යාලය පමණක් බැංකොක් වලට ගෙන යන්නට මීට මාස ගණනකට ඉහතදී තීරණය කර තිබුණු බැවින් එකී තීරණය ක්‍රියාත්මක කෙරුණු බව හෙතෙම සඳහන් කරයි.

මෙම තීරණයට එක්සත් ජාතීන් බොහෝ කලකට පෙරාතුව ගත් නිසාම මාස කිහිපයකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කලාප කාර්යාලයේ සේවකයින් අඩක් පමණ අඩුකිරිමට පියවර ගෙන තිබුණු බවත් මොහාන් සමරනායක මහතා අද දෙරණට කියා සිටියේය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කාර්යාලය වසා දමා නැති බවත්,එහි රාජකාරී කටයුතු නිසි පිරිදි සිදුකරන බවත් ,නිදහස් චත්‍රරස්‍රයේ පිහිටුවා තිබූ කලාප කාර්යාලය පමණක් එතැනින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. adaerana

එක්සත් ජාතීන් පිළිගැනීමේ වාසිය ලංකාවටමයි


එක්සත් ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන බව අමෙරිකා එක්සත් ජනපදය නැවතත් අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද්ධය කාල සීමාව තුළ මානව හිමිකම් කඩ වී ඇද්ද යන කරුණ පිළිබඳව විමසා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කරන ලද කමිටුවට විරෝධය පාමින් එහි කොළඹ පිහිටි කාර්යාලය ඉදිරිපිට පැවත්වූ උද්ඝෝෂණය නිසා එම කාර්යාලය වසා දැමීමට සිදුවීම පිළිබඳව කරුණු දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව උපදෙස් ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කිං මුන් විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කළ අතර එම කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දුනීසියාවේ මර්සුකි දරුස්මන් පත් කරනු ලැබීය. සෙසු සාමාජිකයින් ලෙස දකුණු අප්‍රිකාවේ ජස්මින් සූකා සහ අමෙරිකානුවේ ස්ටීවන් රැට්නර් පත්විය.

මෙම කමිටුව හා ඔවුන් ලබාදෙන උපදෙස් පිළිගැනීම තුළින් ශ්‍රී ලංකාවට සාධනීය ප්‍රතිලාභ අත්කර ගත හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මාර්ක් ටෝනර් පවසයි. අමෙරිකාව විසින් මීට පෙර ද සිංහල හා ද්‍රවිඩ ජනතාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සමගි සන්ධානයකට එළඹෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් පිළිබඳ වාර්තා නිසා පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව බටහිර රටවල් අතර සබඳතා අයහපත් මට්ටමක පැවතිය ද මෑතකාලීනව අමෙරිකාව ශ්‍රී ලංකාව සමග සබඳතා වර්ධනය කරගැනීමට උත්සාහ දරන බව පෙනීයයි. adaderana

එක්සත් ජාතීන් වැඩ කරන්නේ බලවත් රටවල අභිමතයට


ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ජගත් සංවිධානය මැදිහත්වීම නුසුදුසු බව පලස්තීනය පවසයි. ශ්‍රී ලංකාවේ පලස්තින තානාපති ආචාර්ය එන්වර් එච්. අල්එගා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මධ්‍යස්ථ ආයතනයක් ලෙස පෙනී සිටිය ද ඔවුන් ලෝකයේ බලවත් ර‍ාජ්‍යයන්ගේ අභිමතයට අනුව පක්ෂපාතීව ක්‍රියාකරන බව තානාපතිවරයා පෙන්වාදෙයි. පලස්තීනය තුළ ඊශ්‍රායලය විසින් මුදා හැර ඇති කෲරත්වය නිරීක්ෂණය කිරීම සඳහා දක්වන මන්දගාමී ස්වභාවය මෙම පක්ෂපාතී ක්‍රියා කලාපයට හොඳම උදාහරණයක් බව ද එන්වර් අල්එගා මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් එල්ල වන බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහය දැක්වීම පලස්තීනයේ ස්ථාවරය බව ද පලස්තීන තානාපති ආචාර්ය අන්වර් එච්. අල්එගා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

උතුරු වසන්තය යටතේ බිම් බෝම්බ කඩිනමින් ඉවතට


උතුරු වසන්තය වැඩසටහන යටතේ වව්නියාව, මන්නාරම, මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වල දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ සඳහා යටිතල පහසුකම් සපයා ඇති අතර උතුරු ප්‍රදේශයේ වල දමා ඇති බිම්බෝම්බ, පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම මේ දිනවල කඩිනමින් සිදුවන බව වාර්තා වේ.

යාන්ත්‍රිකව හා මානුෂීය ‍ශ්‍රමය යොදාගනිමින් වර්ග කිලෝමීටර් 1113ක භූමි ප්‍රදේශයක බිම් බෝම්බ මේ වන විට ඉවත් කර ඇති බව රජය පවසයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර 29 ක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදී ඇති අතර හමුදා නිලධාරීන් 1050 ක් සේවයේ යොදවා ඇත.

යන්ත්‍රවලට ළඟා විය නොහැකි ස්ථාන වෙත ළඟා වීම සඳහා පුහුණු කළ සුනඛයින් 8 දෙනෙකුගේ ද සහය ලබාගෙන ඇති බව සඳහන්ය. මීට අමතරව විදේශීය ආයතන කිහිපයක් ද මෙම කටයුතු සඳහා සහය ලබාදී ඇති බව රජය පවසයි.adaderana

උද්ඝෝෂණය ගැන තවමත් විදෙස් අමාත්‍යාංශයේ ප්‍රකාශයක් නෑ


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කා‍ර්යාලය ඉදිරිපිට අමාත්‍යවරයෙකු උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

රජය මේ වන විට ජනතාව නොමග යවමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේය. adaerana

ජනතාව වෙනුවෙන් එජාපය පාරට බසියි


ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා ගම් මට්ටමින්, රජයට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. හෙට දිනයේ සිට එම උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කිරීමේ අරමුණ පවුල්වාදී ව්‍යවස්ථා සංශෝනයක් නොව ජනතාවාදී ව්‍යවස්ථාවාදී සංශෝධනයක් ගෙන එන ලෙසත්, බදු අඩුකර පඩි වැඩිකරන ලෙසත් රජයට බල කිරීම බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. adaderana

සංචාරක වීසා මත රැදී සිටි 12ක් අල්ලයි


සංචාරක වීසා ලබාගෙන මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස කල්මුණේ ප්‍රදේශයේ රෙදි පිළි වෙළඳාමේ නිරත ව සිට ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මොවුන් කාලයක සිට සංචාරක වීසා ලබාගෙන මෙරට තුළ වෙළඳාම් කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම පිරිස අතරින් දෙදෙනෙකු සතුව විදේශ ගමන් බලපත්‍රය ද නොතිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. adaderana

එක්සත් ජාතීන් සංවර්ධන වැඩ අත්හිටුවයි


එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ පිහිටි කාර්යාලය තාවකාලිකව වසා දමන ලෙස එහි මහ ලේකම් බෑන්කී මූන් මහතා දන්වා ඇතැයි මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශකයා පවසයි.

එක්සත් ජාතීන්ට එරෙහි විරෝධතාවය සමනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ තමන් සෑහීමකට පත්නොවීම නිසා එහි ප්‍රධාන කාර්යාලය විසින් ගනුලැබූ මෙම තීරණය නිල වශයෙන් කොළඹ කාර්යාලයට දැනුම්දී ඇතැයි සඳහන් වේ.

රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති මෙම නොහික්මුණු විරෝධතාවය වළක්වන්නට ශ්‍රී ලංකා රජය අසමත්ව තිබීම මහ ලේකම්වරයාගේ නොසතුටට හේතුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සහකාර මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කරයි.

සාමාන්‍ය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන තුරු එක්සත් ජාතීන්ගේ නේවාසික සම-සංවිධායක නිව් යෝර්ක්වලට කැඳවා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කාර්යාලය වැඩිදුරටත් පවසයි.adaderana

Sunday, July 4, 2010

Namal and Sarath


ඊයේ පැවැත්වුන අය-වැය නිමාවෙන් පසු ඉතා දුලබ දසුනක් මාධ්‍යවේදින් ගේ කැමරා ඇසට හසුවිය.නාමල් රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු කොරිඩොවෙදි අතට අත දිමයි

Saturday, July 3, 2010

අල්හාජ් මවුලවි මියයයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරීවරයා ලෙස කටයුතු කළ අල්හාජ් නියාස් මවුලවි පූජකතුමා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබේ. අද උදෑසන බදුල්ලේදී එතුමාගේ මරණය සිදුව ඇත. දේහය අවසන් කටයුතු සඳහා කොළඹට ගෙනඒමට නියමිතය. adaderana

අම්පාර රිය අනතුරකින් එක් අයෙක් මියයයි


අම්පාර සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 5 සහ 6 කණු අතර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අනතුරින් යතුරු පැදියේ පිටුපස ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇත. මේ අතර යතුරු පැදිකරු ද බරපතල තුවාල ලබා සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කර තිබේ. adaderana

2500 ක වැටුප් වැඩිවීම සිහිනයක් පමණයි


පොරොන්දු වූ පරිදි මෙරට වැඩ කරන ජනතාවට සහන සැලසීමට රජය අපොහොසත් වී ඇති හෙයින් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. මේ සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති කැඳවා ලබන 6 වනදාට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී ලාල් කාන්ත මහතා සඳහන් කළේය.

වැඩිවන ජීවන වියදම හමුවේ මෙරට වැඩ කරන ජනතාව දැඩි අසීරුතාවට පත් ව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි. රුපියල් 2500 ක වැටුප් වැඩිවීම මෙරට වැඩ කරන ජනතාවට සිහිනයක් බවට පත් ව ඇති බව ලාල්කාන්ත මහතා සඳහන් කළේය. adaerana

යුක්‍රේන සංචාරය නිමකර ජනපති ලංකාවට


සාර්ථක තෙදින යුක්‍රේන නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබේ. පසුගිය 30 වැනිදා යුක්‍රේනය බලා පිටත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට ජනාධිපති වික්ටර් යන්කොවිච්, අගමැති මයිකෝලා අසරොව් යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවිය. එහිදී දෙරට අතර සංචාරක, නාවික, ගමනාගමන, ආරක්ෂක ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගිවිසුම් බොහොමයකට එළඹ තිබේ.

ශ්‍රී ලංකාව හා යුක්‍රේනය අතර ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමේ තීරණයකට එළඹීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙක් යුක්‍රේන සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ. යුක්‍රේන සංචාරය නිමා කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී 10 ට පමණ දිවයිනට ළඟා වූ ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. adaderana

මට්ටක්කුලිය නොසන්සුන් වෙයි


මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රී නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ. හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රී මට්ටක්කුලිය පොලිසි‍ය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිසියේ වීදුරු ජනේලයකට පහර දීම නිසා සිදු වූ තුවාල හේතුවෙන් රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. එයට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රී මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී ඇත.

උද්ඝෝෂකයින් විසින් පොලිසියට ගල් මුල් ප්‍රහාර ද එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේය. එහි දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා තිබේ. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

රත්‍රන් සමග රේගුවේදී අසුවෙයි


කෝටි ගණනක් වටිනා රත්‍රන් සහ විදේශ මුදල් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා ළඟ තිබී එක් කෝටි දස ලක්ෂයක් වටිනා රත්‍රන් බිස්කට් සහ කෝටි දෙකහාමාරකට අධික විදේශ මුදල් තොගයක් සොයා ගෙන ඇති බව සඳහන්ය.

මෙම රත්‍රන් සහ මුදල් කටුනායක ගුවන් තොටුපළ තුළට ගෙන යාමට සහහයෝගය ලබා දුන් නාවික හමුදා නිලධාරිවරයෙකු ද ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බව ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේය. රේගු භාරයට ගත් රත්‍රන් සහ විදේශ මුදල් තොගය රාජසන්තක කර ඇත. addaderana

සේවය අතැර ගිය දහසය දහසක් නීතියෙන් ඉවතට


යුද හමුදා සේවය අතහැර ගිය සෙබළුන් දහසය දහසකට අධික පිරිසක් 2009 මැයි මාසයේ සිට මේ දක්වා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදාව පවසයි. අදියර 3 ක් යටතේ පැවති පොදු සමා කාලය තුළ දී මෙම පිරිස නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රි‍ගේඩියර් උභය මැදවල මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ජුනි 30 වන දිනෙන් අවසන් වූ කාලය තුළ සෙබළුන් දෙදහස් ‍එකසිය දෙනෙකු නීත්‍යානූකුලව සේවයෙන් ඉවත් වී ඇති බව ඔහු සඳහන් කළේය. ඒ අනුව 2009 මැයි 31 වැනි දින සිට මේ දක්වා සෙබළුන් 16, 100 ක් නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වී ඇති බව සඳහන්ය. adaderana

එකම මගක ගිය දුම්රිය ගැන සොයා බලයි


එකම මාර්ගයේ දුම්රිය දෙකක් ගමන් කරමින් වළක්වා ගත් අනතුර පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ. දුම්රිය සාමාන්‍යධිකාරි පී.පී විජේසේකර මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇති බවයි දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ උදෑසන කැළණිය දුම්රිය ස්ථානය අසළ දී අඹේපුස්ස සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය සහ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියත් එකම මාර්ගයේ ගමන් කොට තිබේ. adaderana

රුහුණු සරසවියේ තවත් පීඨයක් ඇරෙයි


තාවකාලිකව වසා දමා ඇති රුහුණු විශ්ව විද්‍යාලයේ මත්ස්‍ය ජීව හා සාගර විද්‍යා තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බව රුහුණු විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පවසයි.

විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබුණි. පසුගිය සඳුදා දිනයේ එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලැබීය. adaderana

138 ක් අයවැයට කැමතියි


මීට සුළු මොහොතකට පෙර අයවැය දෙවන වර කියවීමේදී අයවැයට පක්ෂව ඡන්ද 138 ක් හිමි වී තිබේ. එමෙන්ම ඊට විපක්ෂව ඉදිරිපත්ව ඇති ඡන්ද සංඛ්‍යාව 75 කි. ADADERANA

ද්‍රවිඩ ජාතික සන්ධානය ලියාපදිංචිවෙයිද..?


ද්‍රවිඩ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කර ඇති බවට ප්‍රවෘත්තියක් ලන්ඩන් ගුවන් විදුලියක් මගින් විකාශය කර ඇතත් එහි සත්‍යතාවයක් නැති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

"ද්‍රවිඩ ජාතික සන්ධානය"යනු ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොව ලියාපදිංචි ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක සන්ධානයකි. එබැවින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් බොහෝවිට මැතිවරණ වලට තරඟ කරනු ලැබුවේ"ඉලංකෙයි තමිල් අරසුකච්චි"වෙනුවෙන්"නිවස"දේශපාලන සංකේතය යටතේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් එහි මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට සන්ධානය පිහිටුවන අවස්ථාවේදීම යම් යෝජනාවක් තිබුණද ඒ වන විට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් ඉවත්ව සිටි ඔහු ඇතුළු පිරිසට ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ වැඩි බලයක් අත්පත් වනු ඇති බවට සෙසු ද්‍රවිඩ පක්ෂ නායකයින් කල්පනා කළ බැවින් ආර්.සම්බන්ධන් ට මහ ලේකම් ධුරය පිරිනැමීම සිදුනොකෙරිණි.

ඒ අනුව පසු කලෙක ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ මහ ලේකම්වරුන් තිදෙනෙකු නම් කර තිබිණි.

ඒ අනුව මාවෙයි සේනාධිරාජා,සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,සෙල්වන් අඩෙයිකලනාදන් යන අයගේ නම් මහ ලේකම්වරුන් ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතුළත්ව තිබිණි. එබැවින් දේශපාලන පක්ෂයක් ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානය ලියා පදිංචිය සඳහා යොමු කර ඇත්තේ ඉහත මහ ලේකම්වරුන් තිදෙනාගේ නම් වලින් සමන්විතව බව සඳහන් වේ.

එහෙත් මැතිවරණ නීතියට අනුව එක් දේශපාලන පක්ෂයක සිටිය යුත්තේ එක් මහ ලේකම්වරයෙකු පමණක් වන අතරම වෙනත් දේශපාලන පක්ෂයක මහ ලේකම් ධූරය දරන තැනැත්තෙකුට තවත් දේශපාලන පක්ෂයක මහ ලේකම් ධූරය දැරිය නොහැකිය.

ඒ අනුව මේ වන විට ඉලංගෙයි තමිල් අරසුකච්චි මහ ලේකම් ලෙස මාවෙයි සේනාධිරාජා ද,ඊ.පී.ආර්.එල්‍.එෆ් මහ ලේකම් ලෙස සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාද කටයුතු කරන බැවින් මේ දෙදෙනාගෙන් කිසිවෙකුට හෝ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මහ ලේකම් ධූරය දැරිය හැකි නොවේ.

මෙම ගැටලු අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කිරීමට ඉල්ලුම්පතක් යොමු කර ඇතත් ඒ සඳහා නෛතික අවකාශයක් ඇත්ද යන්න සැක සහිතය. adadeerana

ඉස්කෝලේ විදුලිය අනාරක්ෂිතයි


මෙරට පාසල්වල පවතින විදුලි පද්ධතිවලින් ‍බොහෝමයක් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි මහජන උ‍පයෝගීතා කොමිසම පවසයි.

තෝරාගත් පාසල් 80 ක් ඉලක්ක කරගනිමින් අදාළ සමීක්ෂණය සිදුකළ බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධමිත කුමාරසිංහ මහතා සඳහන් කළේය.

එම සමීක්ෂණයට අදාළ අවසන් වාර්තාව ඉදිරි සතිය තුළදී අධ්‍යාපන අමාත්‍යවරයාට භාරදීමට කටයුතු කරන බව ඔහු පෙන්වාදුන්නේය.

විදුලි සැර වැදීම හේතුවෙන් වසරකට පුද්ගලයින් 150කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බවත් , මේ හේතුවෙන් දැනට විදුලි පද්ධතිවල ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ධමිත කුමාරසිංහ මහතා සඳහන් කරයි. adaderana

සිරගත වෙන්න රනිලුත් සූදානම්


ජනතාව වෙනුවෙන් තමා ඕනෑම අවස්ථාවක සිරගත වීමට පවා සූදානම් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් තමා ‍එදා මෙන්ම අදත් පෙනී සිටින බව හෙතෙම කියා සිටියේය. 2010 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දී නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කරන ලදී.

බන්ධනාගාර ගතව සිටින කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට නියමිතව සිටියත් නියමිත වේලාවට පාර්ලිමේන්තුවට පැමිණීමට ඔහුට නොහැකිවිය.

පාලිත තෙවරප්පෙරුම මහතාට නියමිත වේලාවට පාර්ලිමේන්තුවට සහභාගීවීමට නිසි වේලාවට අවසර ලබාදුන්නේද නැද්ද යන්න සොයාබැලීමට කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිද්දී ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා සිටියේ"රනිල් වික්‍රමසිංහ මහතාද සිරගත කළ යුතු" බවයි.

ජනතාව වෙනුවෙන් තමන් සිරගත වන්නට සූදානම් බව විපක්ෂ නායකවරයා කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ එකී ප්‍රකාශයට පිළිතුරක් වශයෙනි. adaderana

මේ අවුරුද්දේ බස් ගාස්තු වැඩි කරන්නේ නෑ


කිසිවිටෙකත් මෙම වර්ෂය තුළදී බස්ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.

බස්ගාස්තු ඉහළ නැංවිය යුතු බවට ඇතැම් පාර්ශවයන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම හුදෙක්ම කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගයක් බව ඔහු සඳහන් කළේය. මෙරට ප්‍රධාන බස් සංගම් දෙකක් සමග පසුගියදා සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී ඔවුන් බස්ගාස්තු ඉහළ නොදැමීමට එකඟ වී ඇති බවත් ශෂී වෙල්ගම මහතා පෙන්වාදුන්නේය.

සුළු පිරිසකගේ ඉල්ලීම් සලකා බලා බස්ගාස්තු ඉහළ නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.. adaderana