
සංචාරක වීසා ලබාගෙන මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස කල්මුණේ ප්‍රදේශයේ රෙදි පිළි වෙළඳාමේ නිරත ව සිට ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මොවුන් කාලයක සිට සංචාරක වීසා ලබාගෙන මෙරට තුළ වෙළඳාම් කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම පිරිස අතරින් දෙදෙනෙකු සතුව විදේශ ගමන් බලපත්‍රය ද නොතිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. adaderana
0 comments:
Post a Comment