
කෝටි ගණනක් වටිනා රත්‍රන් සහ විදේශ මුදල් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා ළඟ තිබී එක් කෝටි දස ලක්ෂයක් වටිනා රත්‍රන් බිස්කට් සහ කෝටි දෙකහාමාරකට අධික විදේශ මුදල් තොගයක් සොයා ගෙන ඇති බව සඳහන්ය.
මෙම රත්‍රන් සහ මුදල් කටුනායක ගුවන් තොටුපළ තුළට ගෙන යාමට සහහයෝගය ලබා දුන් නාවික හමුදා නිලධාරිවරයෙකු ද ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බව ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේය. රේගු භාරයට ගත් රත්‍රන් සහ විදේශ මුදල් තොගය රාජසන්තක කර ඇත. addaderana
0 comments:
Post a Comment