Wednesday, May 19, 2010

මහ වැස්ස තවදුරටත්


කොළඹ දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ද පවතිනු ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ජේ. සිල්වෙස්ටර් මහතා පවසයි. අද උදෑසන වන විට පවුල් 33,159කට අයත් පුද්ගලයන් එක් ලක්ෂ 54,210ක් පමණ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටි බව ඔහු සඳහන් කරයි. ඔවුන්ට පීසු ආහාර ලබාදීම මේ වන විට සිදුකෙරෙන බව දිස්ත්‍රික්‍ ලේකම්වරයා පැවසුවේය. තිඹිරිගස්යාය සහ නාරාහේන්පිට ප්‍රදේශවලට ගංවතුරෙන් වැඩි බලපෑමක් සිදුව තිබේ.

කොළඹ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර මේ හේතුවෙන් රථ වාහන තදබදයක් පවතින බව දිස්ත්‍රික් ලේකම් ජේ.සිල්වෙස්‍ටර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කළුතර දිස්ත්‍රික්කයේ කළුගඟ හා කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්‍රිත ‍ප්‍රදේශවලට ගංවතුර තර්ජන එල්ල වී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13,373කට අයත් පුද්ගලයන් 57,888ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පාලින්ද නුවර, බුලත්සිංහල, මිල්ලනිය, මදුරාවල, දොඩංගොඩ සහ කළුතර යන ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. බුලත්සිංහල, පානදුර, හොරණ, මදුරාවල සහ ඉංගිරිය යන ප්‍රදේශවල නාය යෑමේ අවධානමක් ද පැවති බව වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, අකුරැස්ස සහ හක්මන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. කේ. කේ. අතු‍කෝරාල මහත්මිය සඳහන් කළේය. එම දිස්ත්‍රික්කයෙන් පවුල් 105ක් පමණ අවතැන් වී ඇති බව ඇය පැවසුවේය. මීට අමතරව නිවාස 38කට පමණ හානී සිදුවී තිබේ. පුත්තලම නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 675ක් පමණ පීඩාවට පත්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. හැමිල්ටන් ඇළ පීටාර ගැලීම හේතුවෙන් නාත්තන්ඩිය දංකොටුව මාර්ගය ජලයෙන් යටවී ඇත. එම ප්‍රදේශවල ගමනාගමන කටයුතු සඳහා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ද සඳහන්ය.

කටුනේරිය - සිරිගම්පල මාර්ගය ද ජලයෙන් යටවී තිබේ. පුත්තලම දිස්‍ත්‍රික්කයේ දංකොටුව, නාත්තන්ඩිය, මහවැව සහ මාදම්පේ ප්‍රදේශ වලට ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 39,557කට අයත් සාමාජිකයන් එක් ලක්ෂ 64,349 දෙනෙකු අද උදෑසන වන විට විපතට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7 දෙනෙකු ගංවතු‍ර හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්ය. adaderana

කටුනායක දක්වා හෙලිකොප්ටර් සේවාවක්


කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ‍ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් මගින් කොළඹ නගරයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා විශේෂ ගුවන් සේවාවක් ආරම්භ කර තිබේ. ඒ සඳහා 011- 3144944 begin_of_the_skype_highlighting 011- 3144944 end_of_the_skype_highlighting අමතන ලෙස දැනුම් දී තිබේ. adaderana

තේ මණ්ඩලය සුසන්තට


ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ධුරයට සුසන්ත රත්නායක මහතා පත්කර තිබේ. ඒ මහතා ජෝන් කීල්ස් සමාගමේ සභාපති ධුරය ද හොබවයි.adaderana

කොළඹ කටුනායක මාර්ගය ජලයෙන් යටවෙයි


පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. එම මාර්ගයේ ස්ථා‍න කිහිපයක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් පවතින බව ද ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මෙම මාර්ගයේ සැහැල්ලු වාහන ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ. කොළඹ සිට කටුනායක දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල භූමියට‍ පිවිසීමට අවසර ලබාදී ඇති බව ගුවන් තොටුපල ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ජල ගැලීම් හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවය වළක්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ඔහු පවසයි. adaderana

ලංකාවටත් සූර්ය බලශක්තිය


ශ්‍රි ලංකාවේ ප්‍රථම සූර්ය බලශක්ති විදුලි බලාගාර දෙකක් හම්බන්තොට බරුතකන්ද ප්‍රදේශයේ ඉදිකිරීමට පියවරගෙන තිබේ. එම ප්‍රදේශයේ අක්කර 50ක භූමි ප්‍රමාණයක් මෙම සූර්ය බලශක්ති විදුලිබලාගාර ඉදිකිරීම සඳහා සූර්ය බලශක්ති කලාප ලෙස වෙන් කර ඇති බව සඳහන්ය. කිලෝ වොට් 400ක සහ කිලෝ වොට් 500ක ධාරිතාවකින් යුත් මෙම බලාගාර ජපාන රජය සහ කොරියානු රජයේ අධාර මත ඉදිකිරීමට නියමිතය.
මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මගින් සපයන අතර මෙම විදුලි බලාගාර මගින් වසරකට කිලෝ වොට් පැය දොළොස් ලක්ෂ 37,500ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය. 2016 වසර වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 10%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙය සැලකේ. adaderana

ලක්ෂපාන වාන් දොරටු 2ක් අරියි


පවතින වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු දෙකක් අද අළුයම විවෘත කර තිබේ. එම ජලාශයේ ජලය කැළණි ගඟට එකතු වීම ‍ හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා සඳහන් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අප්කොඩ් ඔය පිටාර ගැලීම ‍හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත. ප්‍රදේශයේ පවුල් 25ක් පමණ අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. ඊට අමතරව ඕල්ටන් ග්‍රාම නිලධාරී කොට්ටාසයේ ද වතු නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇත.adaderana

විශේෂඥයින් ගමටත්


නගරයට පමණක් සීමා වී තිබු විශේෂඥ වෛද්‍ය සේවාව දුෂ්කර ගම්මාන වෙත ලබාදීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සි‍රිසේන මහතාගේ සංකල්පයක් මත මෙම පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙහි සමාරම්භක වැඩසටහන පසුගියදා පොළොන්නරුව වැලිකන්ද මහ විද්‍යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ආරම්භ කෙරුණි. එහිදී විශේෂඥ වෛද්‍යවරුන් 25කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය සායන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන දීපව්‍යාප්තව මාසිකව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. adaderana

Friday, May 14, 2010

අබ්දුල් කාදර් අලියා අතහරියි


එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා පක්ෂය අතහරින්නට තීරණය කළ බව අද දෙරණට කියා සිටියි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගෙන යනු ලබන වැඩ පිළිවෙළ අනුමත කරන බැවින් තමන් රජයට සහය පළ කරන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේය.
අද සවස මහනුවර නගරයේ රැස්වීමක් කැඳවා මේ පිළිබඳ ප්‍රදේශයේ ජනතාවට දැනුම් දුන් බවත්,ඒ අනුව තමන් මින් ඉදිරියට පක්ෂ ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.adaderana

තවත් පුටුවක් පුරවයි


ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධූරයට අනිල් කොස්වත්ත මහතා පත් කර ඇතැයි වාර්තා වේ. 1993 අංක 50 දරණ ජාතික මැණික් හා ස්වර්ණාභරණ පනත මගින් ශ්‍රි ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත නඟා සිටවනු පිණිස මෙම අධිකාරිය පිහිටුවා තිබේ. adaderana

ඛනිජ තෙල් මුල් පුටුව හැරීට


ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධූරයට සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා පත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ටයිටස් ජයවර්ධන මහතා පවසන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
ඒ අනුව ඔහු බොහෝ දුරට එළඹෙන මැයි 19 හෝ 20 යන දෙදිනෙන් එකක වැඩ බාරගනු ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි. adaderana

දැඩි සුළඟින් නිවාස 13කට හානි


නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාගස්සර ප්‍රදේශයට බලපෑ වාසුලි තත්ත්වයක් හේතුවෙන් නිවාස 13කට හානි සිදුවී තිබේ. හානි සිදුවු නිවසක වහලයක කොටසක් කඩා වැටීමෙන් පුද්ගල‍යෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා පැවසුවේය.
මේ නිසා හානියට පත් නිවාස වල පදිංචිව සිටි පවුල් 13කට අයත් පුද්ගලයින් 60 දෙනෙකු අවතැන්ව සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්ථානයක රඳවා ඇති බව හෙතෙම කියා සිටියේය. අද පස්වරු 1.30ට පමණ මෙම සුළං තත්ත්වය හටගෙන ඇත. මෙමගින් ප්‍රදේශයේ වගාවන්ට ද හානි සිදුවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ‍‍‍ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා පැවසුවේය. adaderana

අධිකරණ වැඩ වලට බ්‍රිතාන්‍ය සහය


ශ්‍රි ලංකාවේ අධිකරණ කටයුතු සඳහා සහය දැක්වීමට බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත්ව සිටියි. නඩු ප්‍රමාදවීම් වැළැක්වීම, විනිසුරුවරුන් පුහුණු කිරීම සහ මෙරට නීති ක්ෂේත්‍රය සංවර්ධනය වෙනුවෙන් සහය දැක්වීම මෙමගින් අරමුණු කෙරෙන බව බ්‍රිතාන්‍ය හකොමසාරිස් පීටර් හේස් මහතා පවසයි.
අධිකරණ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා ඊයේ පස්වරුවේ හමුවු අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය. නීති ක්‍රමවේදයන් මෙරටට ගැ‍ලපෙන ආකාරයට යොදා ගැනීම පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට බඳුන් වී ඇති බව සඳහන්ය. දැනට දික්කසාද නඩු වැඩිවීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.adaderana

බස් සේවකයින් 30%ක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවෙලා -ගැමුණු


බස්නාහිර පළාත් සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 30%ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මේ හේතුවෙන් මාර්ග නීති උල්ලංඝනය කිරීම බහුලව සිදුවන බව විජේරත්න මහතා සඳහන් කළේය. බස් නැවතුම් වල දීර්ඝ වේලාවක් බස් රථ නවතා තැබීමේදී මොවුන් මෙලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
එවැනි රියදුරන් හේතුවෙන් විනීත රියදුරන්ද දැඩි අපහසුතාවට පත්වී ඇති බව විජේරත්න මහතා පෙන්වා දෙයි. මේ නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙස ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඇතැම් දුර ගමන් සේවා බස් රථ මඟින් කොළඹ නගරයට කංසා ගෙනෙන බවට ද තොරතුරු ලැබී ඇති බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

තිස්සනායගම්ට සමාව දුන්නේ ජී.එස්.පී ගන්නයි -හර්ෂ


තිස්සනායගම් මහතාට ජනාධිපති සමාව ලබාදීම හා හදිසි නීතිය ලිහිල් කිරීම ජී.එස්.පී බදු සහනය ලබාගැනීමේ අරමුණින් රජය ගත් ක්‍රියාමාර්ග බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. අගෝස්තු මාසයෙන් පසුව ජි.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට අහිමි වීමේ තත්ත්වයක් මතුව ඇති බව ද ඒ මහතා කියා සිටියි. ජි.එස්.පි.සහනය නොමැතිව කටයුතු කළ හැකි බව පැවසු රජය මේ වන විට එය ලබා ගැනීම සඳහා කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය. මේ වසරේ මුල් මාස දෙක තුළ පමණක් ඇඟලුම් ක්ෂේත්‍ර‍යේ නිෂ්පාදන 18%කින් පමණ පහළ ගොස් ඇති බව හර්ෂ ද සිල්වා මහතා පෙන්වාදෙයි.
මෙරට අදායම් ඉහළ නංවා ගැනීමට නම් කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කර නව කර්මාන්ත ආරම්භ කළ යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි. හර්ෂ ද සිල්වා මහතා මේ අදහස් පළ කළේ අද‍ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. adaderana

ප්‍රගතිය ගැන රනිල් සමග විශේෂ සාකච්ඡාවක්


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා පවසයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ යෝජනා රැස් කරන සය පුද්ගල කමිටුව අවසන් වරට ඊයේ සවස රැස් විය. එහි දී පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහ පළාත් සභා විපක්ෂ නායකවරුන් තිදෙනෙකු සමඟ ප්‍රතිසංවිධාන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
කෙසේ වෙතත් මෙතෙක් යෝජනා ඉදිරිපත් නොකළ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමජිකයන්ට ඒ සඳහා තවත් කල් ලබා දෙන්නේ ද යන්න ගැන අද තීරණයක් ගැනීමට නියමිතය. ප්‍රතිසංවිධාන යෝජනාවල අවසන් වාර්තාව ලබන අඟහරුවාදා පක්ෂ නායකත්වයට නිල වශයෙන් ඉදිරිපත් කිරීමට දැනට අපේක්ෂා කරන බව ප්‍රතිසංවිධාන කමිටු සභාපති ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙතෙක් ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාව අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථා‍නයේ දී සිදු කෙරෙන බව සඳහන්ය. adaderana

ප්‍රදේශ කිහිපයකට ගංවතුර


අද උදෑසන සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ගංවතුර තත්ත්වයන් බලපා ඇති බව වාර්තා වේ. කොළඹ නගරයේ වෙරළාශ්‍රිත ප්‍රදේශ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශ වලට මෙසේ ගංවතුර තත්ත්වයන් ඇතිවී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද දෙරණට පැවසීය. එමෙන්ම කොටුව නගරයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. මතුගම -අලුත්ගම මාර්ගයේ ස්ථාන කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. adaderana

රනිල් නැවතත් ලංකාවට


පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සන්ධ්‍යාවෙහි නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු දින 04ක කාලයක් ඉන්දියාවේ ගතකර ඇත. වික්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුර නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණා මහතා හමුව ඇති බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා පසුගිය 10 වන දින දකුණු ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙසේ හදිසියේ ඉන්දියාව බලා පිටත්වීමට හේතුව ලෙස වාර්තා වූයේ ග්‍රහ පලාඵල අනුව මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතාට අයහපත් කාල පරිච්ඡේදයක් උදාවී ඇති බවත්, ඒ වෙනුවෙන් ආගමික කටයුතු වල නිරතවීම සඳහා මෙසේ ඉන්දියාව බලා පිටත්ව ගිය බවත්ය. adaderana

හොර වෛද්‍ය සහතික මධ්‍යස්ථානයක් වටලයි


බොරලැස්ගමුව, කටුවාවල ප්‍රදේශයේ රහසිගතව පවත්වා ගෙන ගිය රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතික නිකුත් කිරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබේ. ඊයේ රාත්‍රී 11 . 30 ට පමණ ‍නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙහි දී එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය සොයිසා පුර, අඟුලාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එසේම අදාළ මධ්‍යස්ථානයේ වෛද්‍යවරියක් වශයෙන් සේවය කළ තලංගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වැටලීමේ දී ලේ පරීක්ෂා කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, එන්නත් විදින ඇතුළු උපකරණ සහ සම්පූර්ණ නොකළ යෝග්‍යතා වෛද්‍ය සහතික පත් මෙන්ම නිකුත් කිරීමට සූදානම් කර තිබූ වෛද්‍ය සහතික පත් 9 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. adaderana

අමුණුගම හා තකහෂි හමුවක්


මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ජපාන තානාපති කුනියෝ තකහෂි මහතා අතර විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපානයෙන් ලබා දීමට නියමිත සංවර්ධන ආධාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇත.
එහි දී කොත්මලේ, උකුවෙල සහ මහනුවර ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීමට නියමිත ද්වී පාර්ශ්වික සංවර්ධන ජල ව්‍යාපෘතීන් සඳහා ආධාර ලබා දීම පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ.adaderana

ලංකාවටත් ආගමික සමුළුවේ ඉඩ


අන්තවාදී ආගමික කණ්ඩායම් වලට එරෙහිව රුසියාව තුළ පැවැත්වීමට නියමිත ආගමික සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ද අවස්ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වැලැද්මීර්.පී මිකයිලෝ මහතා සහ අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා සමඟ ඊයේ පස්වරුවේ පැවති හමුවක දී මෙම ආරාධනය සිදු කර ඇති බව සඳහන්ය. එහි දී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් රුසියාවේ සතුට පළ කර ඇත. ඒ සඳහා සහය දැක්වීමට සූදානම් බව ද රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
මතින් තොර සමාජයක් ඇති කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් පියවර ගන්නා බව මෙහි දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වලට අයත් සඟ සතු දේපළ සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය සහ අග්‍රමාත්‍ය දි.මු ජයරත්න මහතා පවසයි. ඊයේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ දී විහාරාධිපති ස්වාමීන් වහන්සේ හමු වීමෙන් පසු ඊයේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.adaderana

වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්


මේ වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ මස 26 වන දින සිට 28 වන දින දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක කරන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා පැවසුවේය.
කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ලබන 26 සහ 27 යන දින වල පස්වරු 1.35 ට විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතය. එම දිනයන් හී දී පෙරවරු 8.45 ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා තවත් දුම්රිය දෙකක් යොදවන බව විජය සමරසිංහ මහතා සඳහන් කළේය. මීට අමතරව කොළඹ කොටුවේ සිට පිට පළාත් සඳහා දෛනික දුම්රියන්ට අමතරව අමතර දුම්රිය කිහිපයක් ධාවනයට යෙදවීමට නියමිත බව ද සඳහන්ය. adaderana

වාහන වලට අකුරු 3ක්


රථ වාහන සඳහා ඉංග්‍රීසි අකුරු 3 අංක තහඩු හඳුන්වා දීමේ වැඩසටහනක් කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව තවත් නොබෝ දිනකින් නව වාහන අංක සඳහා ඉංග්‍රීසි අකුරු 3 ක් සහිත අංකයක් හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2000 වසරේ දී"ජී.ඒ"කාණ්ඩයෙන් ආරම්භ කළ අංක මේ වන විට අවසන් වී තිබීම නව වැඩපිළිවෙල කඩිනම් කිරීමට හේතු වී ඇති බව සඳහන්ය. අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඊයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති අතර එහි දී අදාළ කටයුතු සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මහජනතාවගේ විවේචනයන්ට භාජනය නොවන පරිදි ක්‍රමවත් සහ කාර්යක්ෂම සේවයක් ලබා දීමට කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. adaderana

උතුරේ ජනතාවත් විජයග්‍රහණය සමරනවා


උතුරේ ද්‍රවිඩ ජනතාව ද රණවිරු විජයග්‍රහණය උත්සවශ්‍රීයෙන් සමරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. බුදු දහමේ ආභාෂයෙන් සියලු ජනතාව අපේක්ෂා කළ සාමකාමී දැහැමි සමාජයට අද ශ්‍රී ලංකා මාතාව අවතීර්ණ වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථා‍නයේ දී පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.
රට යා යුතු මඟ පෙන්වා දීමට මහ සංඟරත්නයට අයිතියක් සහ යුතුකමක් ඇති බව එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේය. ඊට සවන් දීමට තමන් සහ රජය ඕනෑම අවස්ථාවක සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. රටේ ගෞරවය විනාශ කරන වැඩපිළිවෙලකට දායක වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. adaderana

Tuesday, May 11, 2010

වෛද්‍ය සැපයුම් අංශයේ තොග හෙටින් අවසන් - රෝගී ජීවිත අවදානමේ


වෛද්‍ය සැපයුම් අංශයේ මෙම දිනවල පවතින සේලයින් හිඟය හේතුවෙන් රජයේ රෝහල්වලට සේලයින් සැපයිය හැක්‌කේ හෙට (12) දිනය තෙක්‌ පමණක්‌ බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග පවසයි. රජයේ රෝහල්වලද මේ වන විට සේලයින් හිඟයක්‌ පවතී. දැනට වෛද්‍ය සැපයුම් අංශයේ පවතිනුයේ හෙට දිනය තෙක්‌ ප්‍රමාණවත් සේලයින් තොගයක්‌ බව එම ආරංචි මාර්ග මේ සම්බන්ධ හෙළි කරමින් පැවසීය.
රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ජීවිතාරක්‌ෂක බෙහෙත් වර්ගයක්‌ වන සේලයින් වෛද්‍ය සැපයුම් අංශයේ හා රජයේ රෝහල්වල හිඟවීමට හේතුවී ඇත්තේ ඇනවුම් කර ඇති සේලයින් තොග නිසි කලට ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව විසින් පියවර නොගැනීම බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙසේ හිඟව පවතින සේලයින් ගුවන් හමුදාවට අයත් ගුවන් යානා මගින් වහාම මෙරටට ගෙන්වීමට ඉකුත් සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්‌වීමකදී තීරණය වී තිබේ. නමුත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත.lankatruth

ලංකාවට ආ ප්‍රභාකරන්ගේ මවට ඉන්දියාවෙන් කොන්දේසි සහිත වීසා


මැලේසියාවේ සිට ඊයේ ලංකාවට පැමිණි කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මව වන පාර්වති මහත්මියට වෛද්‍ය ප්‍රතිකාර සදහා තමිල්නාඩුවට පැමිණීමට ඉන්දීය රජය වීසා නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇති රොයිටර් පුවත් සේවය පවසන්නේ ඇයට ඉන්දියාව විසින් වීසා ලබාදීම වෙනුවෙන් කොන්දේසි කිහිපයක් නිකුත් කර ඇති බවයි. පාර්වතී මහත්මිය වෙනුවෙන් ‍කොන්දේසි සහිත වීසා නිකුත් කිරීමට ඉන්දීය රජය ගත් තීරණය පිළිබඳව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා ද අදහස් දක්වා ඇත.
ඉන්දියාව විසින් පාර්වතී මහත්මිය වෙනුවෙන් නිකුත් කර ඇති කොන්දේසි අතර ඇය වෛද්‍ය ප්‍රතිකාර ගත යුත්තේ රජයේ රෝහලකින් බවත්, එය ද මාස 06 කට සීමා වන බවත්, ප්‍රතිකාර ගන්නා කාලසීමාව තුළ ඇය රෝහල තුළම රැඳී සිටිය යුතු බවත් දක්වා ඇත. එමෙන්ම මෙම කාලසීමාව තුළ මාධ්‍යවේදීන්, දේශපාලඥයින් හමුනොවීම, තෝරාගත් පිරිසකට පමණක් ඇයව හමුවීමට අවස්ථාව ලබාදීම යනාදියද ඇතුළත්ය.
පසුගිය කාලය පුරා මැලේසියාවේ ජීවත් වූ 80 හැවිරිදි ප්‍රභාකරන්ගේ මව ඊයේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.සිවාජිලිංගම් මහතාය. lankatruth

කැලණියෙන් සොරගත් දැරිය මාරවිලින් හමුවේ


මීට දින තුනකට පෙර කැලණිය රාජමහා විහාරයේ දී පැහැරගත් දැරිය මාරවිල නිවසකින් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. ඉඹුල්ගොඩ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සෙනුති ලිමන්සා මාපලගම නමැති අවුරුදු දෙක හමාරක දැරිය පසුගියදා සිය දෙමව්පියන් සමඟ කැලණි විහාරය වන්දනාමාන කරමින් සිටියදී අතුරුදහන් විය.
මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් වැටලීමක් සිදු කළ ද ඇය සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. පසුව මාරවිල ප්‍රදේශයේ කාන්තාවක් සිය අසල්වැසි නිවසේ ආගන්තුක දැරියක් රඳවා සිටින බවට කළ පොලිස් පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී දැරිය සොයාගැනීමට මාරවිල පොලිසිය සමත්ව ඇත. දැරිය සොයාගත් නිවසේ සිටි 72 හැවිරිදි කාන්තාවගෙන් පොලිසිය කළ විමසීමකදී ඇය පවසා ඇත්තේ සිල් සමාදන් වීමට ආ අවස්ථාවේදී දැරිය කොළඹ පිටකොටුවේ අතරමං වී සිටියදී තමන් රැගෙන ගෙන ආ බවයි.adaderana

මහා පරිමාණ අල්ලස් ගැනත් ‍හොයන්න නියෝගයක්


මහා පරිමාණයෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් සිටිය දී සුළු වශයෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් පිටුපස අල්ලස් කොමිසම හඹා යාම හාස්‍යයට කරුණක් බව කොළඹ ප්‍රධාන ‍මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය මේ බව කියා සිටියේ පිටකොටුව බස් නැවතුම්පොළේ සේවය කළ වේලා සටහන් කරුගේ අල්ලස් නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය.
අල්ලස් කොමිසම අක්‍රීය වී ඇති පසුබිමක මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද පිළිබඳව අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ ‍ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නියෝග කළාය. රුපියල් 100 ක් වැනි අල්ලස් මුදලක් ලබා ගන්නා අය ගැන පමණක් නොව ඉතා විශාල වශයෙන් අල්ලස් මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳව ද අල්ලස් කොමිසම අවධානය යොමු කළ යුතු බව චම්පා ජානකී මහත්මිය කියා සිටියාය.
කෝටි ගණනින් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් සුළු වශයෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින්ගේ ඉරණම තීරණය කරන බව ද විනිසුරුවරිය මෙහි දී වැඩිදුරටත් පැවසුවාය. කෙසේ වෙතත් මෙම අල්ලස් නඩුව යළි විභාගයට ගැනීමට නියමිතය.adaderana

පොදු සමාවක් ගැන කරුණා විශ්වාසයෙන්


දැනට ආරක්ෂක අංශ භාරයේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල් වෙත ජනාධිපතිවරයා පොදු සමාවක් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසයි.
තමන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බව මුරලිදරන් මහතා සඳහන් කළේය.. අද දෙරණ කළ විමසීමක දී නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා මේ අදහස් පළ කළේය. ඔහු වැඩි දුරටත් පවසන පරිදි දැනට ආරක්ෂක අංශ භාරයේ සිටින එල්.ටී.ටී.ඊ යේ හිටපු දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්න්ගේ පවුලේ සාමාජිකයින් සාමාන්‍ය ජීවිත ගත කිරීමේ අපෙක්ෂාවෙන් පසු වේ.
ඒ අනුව තමිල් සෙල්වම්ගේ පවුලේ උදවියට ආර්ථික සංවර්ධන අමාත්‍ය,ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා පවා හමුවීමට අවස්ථාවක් සලසා දුන් බවද,ඔවුන්ට චෝදනා නැතිනම් ඉදිරියේදී ඉදිරියේදී නීත්‍යනුකූල ලෙස සාමාන්‍ය ජන ජීවිතය ගත කිරීමට අවස්ථාව සලසා දීමට හැකිවෙනු ඇතැයිද හෙතෙම විශිවාසය පළ කළේය. ඔවුන් යුද්ධයට සම්බන්ධ නොවූ බව තමන් විශ්වාස කරන බව ද මුරලිදරන් මහතා පවසයි. මේ හේතුවෙන් ඔවුන් පිළිබඳ සුභවාදී පිළිතුරක් රජයේ පාර්ශවයෙන් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය. adaaderan

මැතිවරණ කොමසාරිස්වරයාගෙන් දැනුම්දීමක්


පසුගිය මහ මැතිවරණයේ දී දැරීමට සිදු වූ වියදම් සම්බන්ධයෙන් කඩිනමින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත වාර්තා කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
අදාළ වාර්තා මේ මස 15 වනදාට පෙර ලැබීමට සලස්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී ඇත. රජයේ විවිධ දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් ඒ සම්බන්ධ වාර්තා මෙතෙක් ලබා නොදීම හේතුවෙන් මැතිවරණය සඳහා වැය වූ මුදල් පියවීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයට මෙතෙක් නොහැකි වී ඇති බව වාර්තා වේ.
මැතිවරණ මහ ලේකම් කාර්යා‍ලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ පසුගිය මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් වැය වී ඇතැයි අපේක්ෂා කරන බවයි. adaderana

තවත් වෙනස්කම් කිහිපයක්


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා නිමල් වෙල්ගම මහතා පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම සෙසු සාමාජිකයින් ලෙස නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ෂාමේන්ද්‍ර රාජපක්ෂ සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ද පත්ව ඇති බව සඳහන්ය. ඒ අතර ටෙලිකොම් ආයතනයේ හිටපු සභාපතිනී ලීෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති ධුරයට පත්ව ඇත.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ මෙන්ම හිටපු සිවිල් සේවා නිලධාරිණියක ද වන ඉන්ද්‍රනි වීරතුංග මහත්මිය ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හුවමාරුවෙහි ප්‍රධානී තනතුරට පත්කර තිබෙන බවට ද තොරතුරු වාර්තා වේ. adaderana