
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ජපාන තානාපති කුනියෝ තකහෂි මහතා අතර විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපානයෙන් ලබා දීමට නියමිත සංවර්ධන ආධාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇත.
එහි දී කොත්මලේ, උකුවෙල සහ මහනුවර ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීමට නියමිත ද්වී පාර්ශ්වික සංවර්ධන ජල ව්‍යාපෘතීන් සඳහා ආධාර ලබා දීම පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ.adaderana
0 comments:
Post a Comment