Monday, February 22, 2010

කැනඩාවේ උදයන් පුවත්පතට ප්‍රහාරයක්


කැනඩාවේ පිහිටි"උදයන්"නම් ද්‍රවිඩ පුවත්පත් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය එල්ලවීමට පෙරදින රාත්‍රියේ පුවත්පත් කතුවරයාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ද ලැබී තිබේ. ප්‍රහාරයට හේතුව ලෙස කැනඩාවේ පිහිටි ශ්‍රී ලංකා ව්‍යාපාරික මණ්ඩලය සහ එක්සත් ද්‍රවිඩ කවුන්සලය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවක් උදයන් පුවත්පත මගින් ආවරණය කිරීම බව සඳහන් ‍වේ.
උදයන් පුවත්පත ‍කැනඩාවේ ටොරෙන්ටෝහි ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් පරිහරණය කරනු ලබන පුවත්පතකි. මෙම සිදුවීම පිළිබඳව පොලිසීය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි. adade

රෝහල් උපකරණ අක්‍රීයවීමෙන් රෝගීන් අමාරුවේ


කතරගම, බුත්තල, තණමල්විල හා තිස්ස යන ප්‍රදේශයන්හි රෝහල්වල දියවැඩියා රෝග පරීක්ෂණ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට ලක්වී තිබේ.
මේ හේතුවෙන් දියවැඩියා‍ රෝගීන්ට තම පරීක්ෂණ පෞද්ගලික බෙහෙත් ශාලා මගින් විශාල මුදලක් ගෙවා සිදුකර ගැනීමට සිදුව ඇති බව සඳහන්ය. එම රෝහල්වල සේවය කරන ඇතැම් රසායනාගාර නිලධාරීන් පෞද්ගලික වෛද්‍ය ආයතන පවත්වාගෙන යන බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කෙසේ වුවද කඩිනමින් අදාළ යන්ත්‍ර අළුත්වැඩියා කර තමන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Sunday, February 21, 2010

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීකයෝ ජෙනරාල් වෙනුවෙන් වීදි බසියි.





මේ වන විට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන සිරකරගෙන සිටින ජෙනරාල් සරත් ෆෝන්සේකා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකරන සහ ඉතාලි ජනතාව දැනුවත් කරන විරෝධතා පාගමනක් හා දැවැන්ත උද්ඝෝෂණයක් අද(21) ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්වුනා. ඉතාලියේ මිලානෝ,රෝම්,නාපෝලි,කතානියා,වැනිස්,වෙරෝනා,බ්‍රේෂියා,මෝදනා ඇතුළු බොහෝ නගරවල සිටින ජනතාව අද විරෝධතාවයට එක්වී සිටියා.
¥ෂිත ජනාධිපතිවරණයට එරෙහිවත් ,ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව සටන්පාඨ කියමින් මිලානෝ ප‍්‍රධාන වීදි හරහා ගමන්ගත් පාගමන කාගෙත් අවදානයට ලක්වී තිබුනා. ඉතාලි බසින් ලියවූ පති‍්‍රකා බෙදමින් ලංකාවේ වත්මන් පාලනයේ ¥ෂිත ස්වභාවය හෙලි කිරීම තවත් විශේෂ සිදුවීමකි.
ජෙනරාල්ට විරුද්ධව පිළිගතහැකි චෝදනාවක් ඉදිරිපත් කරන්ඩ ආණ්ඩුවට තවමත් පුළුවන් වෙලා නැහැ.මේක දේශපාලන පළිගැනීමක්. අපේ යුගයේ බිහිවෙච්ච ජාතික වීරයෙක් හැටියට මම ජෙනරාල්ව හදුන්වනවා.”
මම වැනිස් ඉඳලා මේ වැඬේට ආවේ.මට දේශපාලන පක්ෂයක් නෑ.ඒවුනාට රාජපක්ෂලාගේ බලූවැඩ වලට අපි කැමති නැහෑ.අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහෑ.අපි අද පිටරටක හිටියත් මැරෙන්ඩහරි ලංකාවට යන්ඩ ඕනා.ඒ හින්දා රට ගැන හිතන එක මගේ වගකීමක් කියලා හිතපු හින්දයි අද මේ උද්ඝෝෂණයට ආවේ.ජෙනරාල් දේශපාලනයට ආවට මම කැමති නැහැ..ජෙනරාල්ව හිරකරන් ඉන්නේ මේකත් නිසාද කියලා පැහැදිලියි.ඒ දේශපාලන පළිගැනීමකට.”
මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වැඩ කරන රාජපක්ෂලාව අතුගාලාදාන්ඩ ඕනා. මුලූ ලෝකයම දැනුවත් කරන්ඩ ඕනා.
වෙත උද්ඝෝෂණයට සහභාගිවී සිටි කිහිප දෙනෙකු අදහස් දක්වමින් පවසා සිටියා.මේ විරෝධතාවය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වන ව්‍යාපාරය විසිනුයි.

මාධ්‍ය සංදර්ශන නොපවත්වා හංසයා ගැන නිශ්චිත තීන්දුව රටට කියන්න - අනුර, තිස්සට දන්වයි


ඉදිරි මහ මැතිවරණයේදී හංසයා ලකුණින් තරඟ කිරීම පිළිබඳව මාධ්‍යය හමුවේ නොයෙක් නොයෙක් ප්‍රකාශ නොකර ඒ පිළිබඳ නිශ්චිත තීන්දුව රටට ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හංසයා ලකුණින් තරඟ වැදීම පිළිබදව එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කර ඇති බවට පසුගියදා මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් දිසානායක මහතා මෙම නිවේදනය යොමුකර තිබේ.
එම නිවේදනය මෙසේය.
ඉදිරියේදි එළඹෙන මහ මැතිවරණයේදී හංසයා ලකුණින් තරග වැදීමට ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කර ඇති බවත්, ඒ පිළිබඳව එතුමාගෙන් පිළිතුරක් නොමැති නිසා එය ප්‍රමාද වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (20) මාධය හමුවකදී පවසා තිබිණි. ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් එවැනි දැනුම්දීමක් ලැබී නැත. මුලින් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ තරග වදින බව ඒ මහතාට යෝජනා කළත්, ඒ පිළිබඳව එකඟතාවයක් ඇති නොවිණි. ඉන් අනතුරුව ජනරාල් සරත් ෆොන්සේකා මහතාත් අනෙකුත් බොහෝ දේශපාලන පක්ෂ හා සංවිධානත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් එක්සත් ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කළත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පසුව හංසයා ලකුණ අතහැර අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂය තනිව තරග වදින බවට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගත් අතර, එය රටට ප්‍රකාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය ද ඇතුළත් පුළුල් පෙරමුණක් පිළිබඳ ක්‍රියාමාර්ග බිඳ වැටුණේ එතැන් සිටය.
මේ වන විට රට තුළ ප්‍රජාතන්ත්‍රවිරෝධී වාතාවරණයක් ගොඩනැගී ඇති අතර, අපේ රට දරුණු ඒකාධිපතීත්වයක් කරා ගමන් කිරීමේ අනතුරක පවතී. මෙම තත්ත්වයට එරෙහි සියලු බලවේග ඒකාබද්ධ කර ගත් පුළුල් එක්සත් ක්‍රියාමාර්ගයක් රටට අවශ්‍ය වී තිබේ. ඒ පිළිබඳව පුළුල් ජනමතයක්ද ගොඩනැගී තිබේ. එම එක්සත්භාවය ආරක්ෂා කිරිම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වයට එරෙහි පුළුල් පෙරමුණක් අවශ්‍ය වී තිබේ. එවැනි පෙරමුණක් පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසා තිබිණි. දැන් අවශ්‍ය වන්නේ තවදුරටත් සාකච්ඡා කිරීම නොව තීන්දුවක් ගැනීමයි. නිශ්චිත සහ පැහැදිලි තින්දුවක් ගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පුළුල් පෙරමුණක් ගොඩනැගීමයි.
වැනි පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ උත්සහය එක්සත් ජාතික පක්ෂය ගත් තීරණ නිසා බිඳ වැටුණු අතර, ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට සමාජයෙන් විරෝධයක් මතුවෙමින් තිබේ. එම සමාජ විරෝධය මගහැරවීම සඳහා මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් පළක් නොවන අතර, අවශ්‍ය වන්නේ අවංකව හා විවෘතව තීන්දුවක් ගැනීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂයා සඳහා එකඟ වූ පක්ෂ සමඟ එම පෙරමුණ ගොඩනැගීම පිළිබඳව තීන්දුවක් ගැනීමයි. එක්සත් ජාතික පක්ෂය තනිව තරග වදිනවා වෙනුවට හංසයා ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන අනෙක් සියලු දෙනා සමඟ එක්වීමට තීන්දුවක් ගත යුතුව තිබේ. එම තීන්දුව ගැනීම පසෙක තබා තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් පළක් නැත. එබැවින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වෙනුවට පවතින තත්ත්වයන් ගැඹුරින් සලකා බලා නිවැරදි දේශපාලන තීන්දුවක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ යුතුව තිබේ. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ ද අපේක්ෂාව බව තිස්ස අත්තනායක මහතාට සිහිපත් කර සිටිමු.
අනුර දිසානායක,
දේශපාලන මණ්ඩල සභික,
ජනතා විමුක්ති පෙරමුණ.
2010.02.21 truth

ක්‍රිකට් තරගයක් අතරතුර ඇමති ගොඩ බැහැලා තරගය අවලංගු කරයි

සංචාරක අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සංචාරයක් හේතුවෙන් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් සම්පූර්ණයෙන් ඇන හිට තිබේ. මේ දිනවල පැවැත්වෙන අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති කළුතර විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයීය 19න් පහළ ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයට මුස්තාපා අමාත්‍යවරයා රැගෙන පැමිණි හෙලිකොප්ටර් යානය ඊයේ උදේ 08.45 ට ගොඩ බස්වා එදින පුරාවටම එය එහි නතර කර තිබීම ‍හේතුවෙන් තරගය මෙලෙස අවලංගු කිරීමට සිදුව තිබේ.
අස්ගිරිය ක්‍රීඩාංගණයේ දෙවැනි දිනයට මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබිණි. මුල් දිනයේ ක්‍රීඩා කළ කළුතර විද්‍යාලයීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත් අතර ඊ‍ට පිළිතුරු වශයෙන් සිල්වෙස්ටර් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 95ක් ලබා ගෙන තිබුණි. මේ තත්වය හමුවේ ඊයේ දිනයේ තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වී තිබේ.
අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් කළුතර විද්‍යාලීය කණ්ඩායම සහ සිල්වෙස්ටර් විද්‍යාලයීය කණ්ඩායම් අතර තරගය අවසන් තීරණයකින්‍ තොරව නිමාවට පත්කිරිමට සිදුව තිබේ.truth

හිටපු කතානායක ලොකුබණ්ඩාරත් පුතා ගිය මග යයි


ශ්‍රී ලංකාවේ 6 වැනි පාර්ලිමේන්තුවේ හිටපු කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා ඊයේ මෙතෙක් කළක් කටයුතු කළ සිය පක්ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය අතහැර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. බණ්ඩාරවෙල නගර සභා ශාලාවේ පැවැති උත්සවයකදී ඔහු මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ ජනාධිපතිවරයා මෙම උත්සවයට නිමල් සිරිපාල ඇමැතිවරයාද සහභාගී වී සිටියේය.
පසුගිය පාර්ලිමේන්තුවේදී කතානායකවරයා පත්කරගැනීමට ආණ්ඩු පක්‍ෂයට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව නොමැතිව සිටියදී විපක්‍ෂය විසින් කතානායක ලෙස වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතා පත් කර ගත්තේය. එසේ වුවද එතෙක් පටන් ඔහු ආණ්ඩු පක්‍ෂයට සහයෝගය දැක්වෙන ලෙස කටයුතු කළ බවට පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ චෝදනාවට බඳුන් විය.
ලොකු බණ්ඩාර මහතාගේ පුත් උදිත ලොකු බණ්ඩාර මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරයක් ලබා ගත් අතර, ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස බදුල්ල දිස්ත‍්‍රික්කයට තරග කිරීමට නියමිතය.

අලියා ඉරිතැලෙන ලකුණු


එක්සත් ජාතික පෙරමු‍‍ණට අයත් පක්ෂ කිහිපයක් එයින් ඉවත් වන බවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් නව සිහළ උරුමයේ ලේකම් සරත් ‍මනමේන්ද්‍ර මහතා සදහන් කළේ පවතින ගැටලු නිරාකරණය කර ගැනිමේ අරමුණින් අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වු බවයි..
අලියා ලකුණින් තරග කිරීම සදහා කුඩා පක්ෂ වලට ප්‍රමාණවත් ඉඩකඩක් එක්සත් ජාතික පක්ෂය ලබානොදෙන බව ඔහු පෙන්වා දෙයි.
එහෙත් මනෝගනේෂන් සහ මංගල සමරවීර යන මහත්වරුන්ට ප්‍රමාණය ඉක්මවා ඔවුන්ගේ අපේක්ෂකයින් නාමයෝජනා ලයිස්තු වලට ඇතුළත් කිරීමට ඉඩ ලබා දී ඇතැයි මනමේන්ද්‍ර මහතා චෝදනා කරයි..
අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතහැර දමා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම තමන් අනුමත නොකරන බව ද හෙතම කියා සිටියේය..
මේ තත්ත්වය තුළ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ තවත් පක්ෂ කිහිපයක් ද ඉවත් යාමේ අවදානමක් පවතින බව නව සිහළ උරුමයේ ලේකම්වරයා කියා සිටියේය. .
මේ වන විට එක්සත් ජාතික පෙරමුණ සමග පක්ෂ 16 ක් සන්ධාන ගතව සිටී. adade

ටී එන් ඒ කොටසක් සන්ධානයට


දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී කේ.තංගේෂ්වරී මහත්මිය ඇතුළු පිරිසක් එක්සත් ජනතා ‍නිදහස් සන්ධානය යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කරයි. තංගේෂ්වරී මහත්මිය අද දෙරණට ප්‍රකාශ කළේ තමන් සමග දෙමළ ජාතික සන්ධාන‍ෙය් සාමාජිකයින් 8 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ බවයි. ඉදිරි මැතිවරණය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අදාළ නාමයෝජනාවලට ද අද පස්වරුවේ අත්සන් තැබූ බව ඇය සඳහන් කළාය. adade

කිරිපිටි සමාගම් වලට ආණ්ඩුවෙන් සහනයක්


ලෝක වෙළඳපළේ කිරිපිටි මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් කිරිපිටි ආනයනය කරන සමාගම් වලට බදු සහන ලබාදීම කෙරෙහි අවාධානය යොමුව ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
සමාගම් වලට ඇතිවිය හැකි අපහසුතා පිළිබඳ සලකා බලා මෙම පියවර ගන්නා බව හෙතෙම කියා සිටියි. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් අදාල බදු ගැලපීමට කටයුතු කරනු ඇති බවත්,එමගින් කිරිපිට මිල ස්ථාවරව පවත්වාගෙන යාම අරමුණ බවත් ඇමතිවරයා පෙන්වාදෙයි.
ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල ඉහළ යාමත් සමග මෙරට වෙළඳපලේද කිරිපිටි මිළ ඉහළ නැංවීමට එම සමාගම් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් අමාත්‍යවරයා විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණි.

හමුදා විශ්‍රාම වැටුප් 10% න් ඉහළට


යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන සියලු දෙනාගේම විශ්‍රාම වැටුප වසර 10 කට පසුව සියයට 10 කින් වැඩි වන බව යුද හමුදා මූලස්ථානය පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් ක‍රන්නේ සියලුම නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට තම මනාපය පරිදි පරිවර්තිත පාරිතෝෂිත මුදලක් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.
එසේ මුදලක් ලබා ගැනීම නිසා වසර 10 ක් ගතවන තුරු විශ්‍රාම වැටුපෙන් සියයට 10 අඩුකර ‍ගෙවීම යුද හමුදාවේ ක්‍රියාපටිපාටිය වේ.
එහෙත් වසර 10 ක් ගත වීමෙන් පසු සියලුම යුද හමුදා සාමාජිකයින්ට මුළු විශ්‍රාම වැටුපම ලැබිය යුතු බව ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
‍එසේ විශ්‍රාම වැටුප් වැඩි නොවන්නේ නම් විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කෙරෙන ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් අදාල වැඩි කිරීම සිදු කර ගන්නා ලෙස ප්‍රසාද් සමරසිංහ මහතා ඉල්ලා සිටියි.

ළමා භාරකත්වයේ පැමිණිලි වැඩියි


ළමා භාරකාරත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වල වැඩිවීමක් තිබෙන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි..
පසුගිය සතිය තුළ පමණක් ළමා භාරකාරත්වය පිළිබඳ පැමිණිලි 20 ක් පමණ කාර්යංශය වෙත ලැබුණු බව ඔවුන් පවසයි.
විශේෂයෙන්ම දෙමාපියන් අතර ඇතිවන ගැටලු හේතුවෙන් ළමයින්ගේ භාරකාරත්වය පිළිබඳ ගැටලු රැසක් ඇති වී හට ගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එසේ ලැබුණු පැමිණිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දෙමාපියන් අතර ඇතිවන්නා වූ මෙම ගැටලු හේතුවෙන් කුඩා ළමුන්ට සිදු වන දුෂ්කරතා මඟහැරවීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරයි.. adader

හොර නෝට්ටු ගසා රිමාන්ඩ්


ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාතර පොලිසීයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුණි. වෙළඳසැළකින් ‍ව්‍යාජ මුදල් ලබා දී භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
එහි දී ඔහු සතුව තිබූ ව්‍යාජ රුපියල් දෙදහසේ , දහසේ සහ රුපියල් සිය‍යේ නෝට්ටු කිහිපයක් ද සොයා ගෙන ඇති බව සඳහන් වේ..
වැලිගම , වැලිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සිය නිවසේ දී පරිඝනකයක් උපයෝගී කර ගනිමින් මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ..

ජෝර්දානයට ගෘහ සේවිකාවන් යැවීමේ අවදානමක්


ජොර්දානයට ගෘහ සේවිකාවන් යැවීමේ අවදානමක් මතුව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ජෝර්දානයේ ගෘහ සේවිකාවන්ට යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවන් හි ඒවා විසඳීම සඳහා විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් නොමැති වීම මෙයට හේතු වී ඇතැයි කාර්යාංශය පෙන්වාදෙයි.
මේ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස ජෝර්දානයේ එජන්සි සංගමයට මේ වන විටත් දැනුම් දී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.
ඒ අනුව අවශ්‍ය විසඳුම් ලබා දීමට ජොර්දානයේ ඒජන්සි සංගමයට සති 3 ක කාලයක් ලබා දී ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එම කාලය තුළ පිළිගත හැකි විසඳුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් වුවහොත් ජෝර්දානයට ගෘහසේවිකාවන් යැවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය..

Saturday, February 20, 2010

20 Milions

ජෙනරාල් අපට රටක් වටී: වහා නිදහස් කරනු -මිලානෝ උද්ඝෝෂණය හෙට ඉරිදා


නීති විරෝධී ලෙස හමුදා අත් අඩංගුවට ගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පක‍ෂ විපක‍ෂ සහ ජාති බේදයකින් තොරව කරන උද්ඝෝෂණ රැල්ලේ තවත් උද්ඝෝෂණයක් හෙට (21) ඉරිදා සවස 2.00 සිට 6.00 දක්වා ඉතාලියේ මිලානෝහි දී පැවැත්වීමට නියමිතය.
ඉතාලියේ මිලානෝහි පියස්ස කුරුදූසිහි සිට දැවැන්ත පාගමනක් සංවිධානය කර ඇති සංවිධායකයෝ පියස්ස කස්තෙල්ලෝහි වතුර මල අසලදී විරෝධතා රැලියක් ද සංවිධානය කර ඇත. මේ සඳහා සහභාගී වන ලෙස එරට සිටින ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට කැමති සියළු ශ්‍රී ලාංකිකගෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.enews

zඅලියාZගෙන් එන තීන්දුව තිබුණත් zහංසයාZට තවමත් දොර ඇරලා -එජාප මහලේකම්

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක‍ෂ අලියා ලකුණෙන් මහා මැතිවරණයට තරඟ කිරීමට තීරණය කොට ඇතත් මෙය අවසන් තීන්දුව නොවේ යයිද, විපක‍ෂයේ දේශපාලන පක‍ෂ මර්දනය කිරීමට ආණ්ඩුව දරන ප්‍රජාතන්ත්‍ර විරෝධි වෑයමෙන් උද්ගතවී තිඛෙන වත්මන් බැරෑරුම් තත්ත‍වය හමුවේ ඒකාබද්ධ විපක‍ෂයක් ලෙස ආණ්ඩුවට මුහුණ දිය යුතුය යන කරුණ අන් හැමටම වඩා එජාපය තේරුම් ගෙන සිටින බැවින් එක පෙරමුණක් ලෙස තරඟ වැඳීමට අවසන් මොහොත දක්වාම සාකච්ඡා සඳහා දොර විවෘත කොට තැබීමට තම පක‍ෂය ක්‍රියා කරන්නේ යයිද එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා සිරිකොතදී අද (20) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.
අධිකරණ නියෝගයක් පවා නොමැතිව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පරීක‍ෂාවට ලක් කිරීමට ඊයේ දැරූ උත්සාහය මගින් ආණ්ඩුව තමන්ට එරෙහි මතයක් දරන කිසිවකුට ඉඩ නොතබන බරපතල මර්දනයකට සූදානම් වන බව පෙන්නුම් කරන්නේ යයිද මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සටහන් කිරීමක් ලෙස දැඩි ලෙස හෙළා දකින්නේ යයිද කී අත්තනායක මහතා මහා මැතිවරණයක් කැඳවා තිබියදී දේශපාලන පක‍ෂ කාර්යාල සෝදිසි කරන්නට රජය සැරසෙන්නේ මන්දැයි ප්‍රශ්න කරන්නේ යයිද කීය.
අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ජවිපෙ කාර්යාලය සෝදිසි කිරීමට අද ආණ්ඩුව පියවර ගෙන ඇති බව පෙන්වා දුන් අත්තනායක මහතා මෙසේද කීය.
ඉකුත් ජනාධිපතිවරණයේදී එජාපෙ ලෙස පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දුන් සියලූ දේශපාලන පක‍ෂ මෙවර මහා මැතිවරණයට අලියා ලකුණෙන් දිස්ත්‍රික්ක සියල්ලටම තරග කරන්නේය. නාම යෝජනා සකස් කිරීමේ කටයුතු 80% ක් පමණ දැනටමත් අවසන් කොට ඇති අතර නිල වශයෙන් නාම යෝජනා අත්සන් කිරීම විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී හෙට (21) ආරම්භ කෙරේ. අලූත් මුහුණු රැසක් සහිතව ආණ්ඩුවට මුහුණදිය හැකි ප්‍රබල කණ්ඩායමක් එජාපෙ ඉදිරිපත් කරන අතර නාම යෝජනා බාරදීම සිදුකරන්නේ 25 හෝ 26 යන දින දෙකෙන් එකකදීය.
විපක‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම මර්දනය කිරීමටත්, පුරවැසියන්ගේ සියලූම මූලික අයිතිවාසිකම් උදුරා ගැනිමටත් ආණ්ඩුව ගෙන යන කුරිරු ක්‍රියාමාර්ගය හමුවේ අලූත් අභියෝග ඉස්මතුවී තිබේ. ජනාධිපතිවරණයේ විපක‍ෂයේ පොදු අපේක‍ෂක ෆොන්සේකා මහතා නීති විරෝධිව පැහැර ගෙන ගොස් අත්අඩංගුවේ රඳවා ගෙන සිටින මෙම අවස්ථාවේදී ජනාධිපතිවරණයට එක්වූ විපක‍ෂයේ සියලූ පක‍ෂ සමඟ එක්වී මහා මැතිවරණයට තරඟ කරන්නට හැකි නම් අප වඩාත් සතුටුය. එA ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි මර්දනයට ශක්තිමත්ව මුහුණදී මෙම අභියෝග ජයගත යුතු බැවිනි. එබැවින් එක් සන්ධානයක් ලෙස තරඟ කරන්නට ජවිපෙ ඇතුළු විපක‍ෂයේ සෙසු පක‍ෂවලට කළ ආරාධනය තවමත් විවෘතව පවතී. විපක‍ෂයේ පක‍ෂවලට එක පෙරමුණකට එAමට පවතින ගැටලූ විවෘතව සාකච්ඡා කොට විසඳා ගන්නට එජාපෙ තවමත් සූදානම්ය. අවසන් මොහොත දක්වාම අප වෑයම් කරන්නේ ඒකාබද්ධ විපක‍ෂයක් ලෙස මහා මැතිවරණයට ඉදිරිපත් වන්නටය.
යම් හෙයකින් මහා මැතිවරණයට වෙන වෙනම ඉදිරිපත් වුවද ජෙනරාල් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමටද, විරුද්ධ මතධාරීන් හා මාධ්‍ය මර්දනයටද, අල්ලසට, දූෂණයට හා භීෂණයට එරෙහිවද ඒකාබද්ධ විපක‍ෂය ලෙස දිගටම උද්ඝෝෂණවල යෙදෙන්නේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා එAවාට එජාප මහ ලේකම්වරයා දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය: ජනාධිපතිවරණයෙන් පසුව උද්ගතවී තිඛෙන්නේ විපක‍ෂයේ ජනාධිපතිවරණ අපේක‍ෂකයා පවා අත්අඩංගුවට ගත් පෙර අපේක‍ෂා නොකළ බැරෑරුම් තත්ත‍වයක් නම් ඒකාබද්ධ විපක‍ෂය ලෙසම මහ මැතිවරණයට තරඟ නොකොට වෙන වෙනම තරඟ කරන්නේ ඇයි?

පිළිතුර: එජාපෙ සහ ජවිපෙ පොදු අපේක‍ෂකයාට සහය දුන්නේ වෙන වෙනම. අප අතර තිබුණේ සන්ධානයක් නොව එකඟතාවක්. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව වෙන වෙනම තරඟ කරන බවටයි අප එකඟතාවයක් ඇති කරගෙන තිබුණේ.
ප්‍රශ්නය: එAත් ජනාධිපතිවරණය පැරදීමෙන් පසුව උද්ගතව තිඛෙන්නේ විපක‍ෂය ඛෙදෙන්නට නොව තව තවත් එAකාබද්ධව කටයුතු කළ යුතු වාතාවරණයක් නොවෙයිද?
පිළිතුර: මහා මැතිවරණයට අලියා සලකුණෙන් එජාපෙ තරඟ කළ යුතු බවට තීරණය කළේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. එහෙත් අවශ්‍යතාවයක් එළඹුනොත් පක‍ෂයේ නායක වික්‍රමසිංහ මහතාට විකල්ප අදහසක් යෝජනා කොට ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගැනීමේ අවසරය දී තිඛෙනවා. එම විකල්පයට තවමත් ඉඩ තිඛෙන අතර සෙසු පක‍ෂ සමඟ සාකච්ඡා කරන්න අප තවමත් සූදානම්. අනෙක් අතට අලියා හා සීනුව විදියට වෙන වෙනම තරඟ කළත් එකට සටන් කරන්නත් මේ මැතිවරණ ක්‍රමය යටතේ පුළුවන්.
ප්‍රශ්නය: හොඳම විකල්පය ජනාධිපතිවරණයට පොදු විපක‍ෂය එක්කළ හංසයා නොවෙයිද? එජාපෙ අලියා ලකුණෙන් තරඟ කරන බවට කල් තබා තීරණය කිරීමම ඒකාබද්ධ විපක‍ෂ සන්ධානයක් ගොඩ නැගීමට බාධා කරන කොන්දේසි පැනවීමක් නොවෙයිද? අනෙක් අතට ප්‍රතිවිරුද්ධ පක‍ෂ දෙකකින් ජෙනරාල් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන බවයි දැන් පැවසෙන්නේ. මෙවැනි තරඟයක් ඇති වුණොත් දෙදෙනාටම ලැඛෙන මනාප ඡන්ද ප්‍රමාණය අඩුවී ඔවුන් දෙදෙනාටම ජාතික නායකයන් ලෙස දැන් පවතින පිළිගැනීම හෑල්ලූවට ලක්වී නිගරුවක් සිදුවෙන්නේ නැද්ද?
පිළිතුර: මම එහෙම හිතන්නේ නෑ. ෆොන්සේකා මහතාට එජාපයෙන් තරඟ කිරීමට ආරාධනා කළේ අත්අඩංගුවට ගැනීමට පෙර. නීතිඥ විෙජ්දාස රාජපක‍ෂ මහතා මඟින් ඊට පසු අපි ෆොන්සේකා මහතාට ලිපියක් යැවුවා. ඊට තවමත් පිළිතුරු ලැබුණේ නෑ. එතුමාගේ තීරණය දැන්නුවොත් එA ගැන සාකච්ඡා කර විකල්ප විසඳුමක් ඇතිකර ගන්න තවමත් පුළුවන්. කෙසේ වෙතත් අවසන් තීරණය ගනු ඇත්තේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. විපක‍ෂය එAකාබද්ධ මැතිවරණ ව්‍යාපාරයකට යෑමේ වැදගත්කම එජාපය අන් සියලූ දෙනාටම වඩා දන්නවා.
ප්‍රශ්නය: දකුණු පළාත් සභාවේ විපක‍ෂ නායකවරයාට එජාපෙන් නාම යෝජනා නොදෙන බවට පැතිරෙන කතාව ඇත්තක්ද?
පිළිතුර: සියලූම පළාත් සභා විපක‍ෂ නායකවරුන්ට එජාපෙ නාම යෝජනා දෙනවා. ඊට අමතරව බුද්ධික පතිරණ මහතා අකුරැස්ස ආසනයේ එජාප සංවිධායකවරයා. එA නිසා ඔහු කොහොමත් තරඟ කරනවා.

හංසයාගේ සහය අලියාට


ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එළඹෙන පාර්ලි‍මේන්තු මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.
තම පක්ෂයේ ලකුණ වන හංසයා ලකුණ ඉදිරි මැතිවරණයේ කිසිවෙකුටත් ලබා නොදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ශමිලා පෙරේරා මහත්මිය සඳහන් කළාය. එක්සත් ජාතික පෙරමුණ සමඟ සන්ධානගත වී ඇති බැවින් එහි තීරණවලට පිටින් කටයුතු කිරීමට තමන්ට නොහැකි බව ඇය අද දෙරණට කළ විමසුමක දී ප්‍රකාශ කළාය.
මේ වන විටත් තම සාමාජිකයන් පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කිරීම සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ශමිලා පෙරේරා මහත්මිය කියා සිටියාය.

විශාල කැබිනට් මණ්ඩලයක් පත්කරන්නේ නෑ


ඉදිරියේ දී විශාල කැබිනට් මණ්ඩලයකට යාමට තම රජය අපෙක්ෂා නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සෑමදෙනාගේම සහයෝගයෙන් වැඩ කරන පිරිස් සමඟ එක්ව ජනතා ‍අපේක්ෂාවන් ජයග්‍රහණය කරවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අද පෙරවරුවේ බණ්ඩාරවෙල නගර ශා‍ලාවේ පැවති බදුල්ල දිස්‍ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ සමුළුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. රටේ සංවර්ධන ක්‍රියාවලියට තරුණ ජවය මුසු කර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. දේශපාලනයේ ගෞරවය උපරිමයෙන් සුරක්ෂිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී ගෞරවනීය දේශපාලනයක නිරත වන බව ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.ada

වි. ජ. මු නිදහස් පක්ෂයට


අද උදෑසන බදුලු, බණ්ඩාරවෙල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන්ගේ රැස්වීමට සහභාගි වන අතරතුර හිටපු පාර්ලිමේන්තු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ බව වාර්තා වේ.
වි.ජේ.මු ලොකුබණ්ඩාර මහතාගේ පුත් උදිත සංජය ලොකුබණ්ඩාර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හපුතලේ සංවිධායක ධූරයද පිරිනැමුණි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතිනි. adade

පක්ෂවල නිල දරන වෘත්තීය මාධ්‍යවේදින්ට මහ ඡන්දය නිමවනතුරු මාධ්‍ය වැඩ තහනම්


ජනමාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍ය වේදියකු දේශපාලන පක්ෂයක කිසියම් නිලයක් හොබවන්නෙකු නම් මහ මැතිවරණය නිමාවන තෙක් ඔහුට මාධ්‍ය කටයුතු වල යෙදීමට අවසර නොදෙන්නැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා සියලු ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබේ. ඉදිරි මහමැතිවරණය පැවැත්වෙන කාලය තුළදී සැයලු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පිළිපැදිය යුතු උපමාන 21ක් ප්‍රකාශයට පත්කරමින් කොමසාරිස්වරයා මෙම උපදෙස් ලබාදී ඇත.
පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද විමසීම පවත්වා එහි ප්‍රතිඵල නිකුත්කරන තෙක් ප්‍රවෘත්ති වැඩසටහන් හා ප්‍රවෘත්ති ලිපි සමබරව හා අපක්ෂපාතීව ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා ජනමාධ්‍ය ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.
ජනමාධ්‍ය ආයතනවලට තමා විසින් නිකුත් කර ඇති උපදෙස් පිළිපැදීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා‍වේ ප්‍රධානීන්ගේ විශේෂ අවධානයට යොමුකරවන බවද මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කර ඇත.
මැතිවරණ කාලයේදී සියලු මාධ්‍ය ආයතන සමතුලිත හා අපක්ෂපාතී අයුරින් කටයුතු කළයුතු බවද රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට, අපේක්ෂකයකුට හෝ පක්ෂ නායකයකුට වෙනස්කමකින් තොරව සමාන ගුවන් කාලයක් ලබාදිය යුතු බවද එම උපමාන වල සදහන්වේ.
කණ්ඩායම් සාකච්ඡා සදහා පුද්ගලයන් තෝරා ගැනීමේදී සියලු මාධ්‍ය ආයතන සාධාරණ ලෙස කටයුතු කළ යුතු බවද එම සාකච්ඡා සමතුලිත වියයුතු බවද එම උපමානවල සදහන් කර ඇත.
රාජ්‍ය ප්‍රධානියා, අගමැතිවරයා ඇතුළු බලයේ සිටින පක්ෂයේ සාමාජියන් විසින් පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රකාශිත කරුණු හා දේශපාලන මතභේදයන් සම්බන්ධයෙන් පිළිතුරු දීමට විරුද්ධ දේශපාලන පක්ෂවලදට සමාන වේලාවක් ලබා දියයුතු යැයිද එම උපමානවල සදහන්කර තිබේ.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම්බන්ධ වැඩ සටහන් ඔහු‍ගේ දේශපාලන පක්ෂයේ වැඩසටහන් ලෙස සැලකිය යුතු බවද එම නිසා ඔවුන්ට ලබා දෙන අවස්ථාවන්ට සමාන අවස්ථා විරුද්ධ ‍දේශපාලන පක්ෂ නායකයින්ටත් ලබා දෙන්නැයිද මැතිවරණ කොමසාරිස්වරයා ජනමාධ්‍ය ආයතන වෙත උපදෙස් දී තිබේ.adade

නාම යෝජනා නොලැබෙන ශ්‍රී ල.නි.ප. ප්‍රබලයෝ රැසක් විදේශගතවීමට සැරසේ


මෙවර මහි මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොලැබෙන ඇමතිවරුන් විදේශගතවීමේ සූදානමක් පවතින බව වාර්තාවේ. යම් හෙයකින් ඔවුනට නාමයෝජනා නොලැබුණහොත් ඔවුන්ගේ දේශපාලන ජීවිතය ඉන් නිමාවන බැවැන් සහ වෙනත් තනතුරු ලබා දෙන බවට ලැබෙන පොරොන්දු කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බැවින් මෙලෙස මෙම ඇමතිවරුන් විදේශගතවීමට සැරසේ.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් 17 – 22 අතර පිරිසකට අපේක්ෂකත්වය හෝ ජාතික ලයිස්තු අපේක්ෂකත්වය නොලැබෙනු ඇතැයි කියවේ.truth

ජනරාල් අත්අඩංගුවට ගැනීමට විරෝදය දක්වා මෝදර කාලි අම්මා කෝවිලේ පොල් ගසයි


නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින නෙරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කර දෙන ලෙස කන්නලවු කරමින් මෝදර කාලි අම්මා කෝවිලේ ඊයේ පුද පූජා හා පොල් ගැසීමේ ක්‍රියාවලියක් සිදු කෙරෙණි. ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන් ඇතුළු මනෝ ගනේෂන් මහතාගේ පක්ෂ නියෝජිතයින් හා විශාල පිරිසක් මේ අවස්ථවෙට සහභාගී වී සිටියහ.
මේ අවස්ථාවේදී කාලි අම්මා වෙනුවෙන් පුද පූජා පවත්වා අනතුරුව ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිර කරගෙන සිටින අයට වහාම දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා පිරිස පොල් ගැසීමේ කටයුත්තේද නිරත වූහ.
හිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අනෝමා ‍ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසුවාය. “මම අද මෙතැනට පැමිණියේ දෙවියන් ඉදිරියේ යුක්තිය හා සාධාරණය කන්නලවු කිරීමටයි. මගේ ස්වාමියා ඇතුළු විහාල පිරිසක් ඉන්නව අත්අඩංගුවට අරන්. ඒයට විරුද්ධව චෝදනා නැහැ. නිර්දෝෂි භාවය පෙනි පෙනී චෝදනා ගොනු කරමින් මේ දේ කරමින් යන්නෙ. ඉතින් මම දෙවියන්ට කියන්නෙ, අපිට කියන්න වෙන කෙනෙක් නැහැ. මම ඉල්ලා සිටින්නේ යුක්තිය හා සාධාරණය ඉටු කර දෙන ලෙසයි.”
මෙහිදි අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා, “අද වෙනකොට ආණ්ඩුව විසින් නීති පනවල තියෙනව. මේ මැතිවරණ නීතියට මුවා වෙලා රටේ ජනාවට සාධාරන විරෝධතා දක්වල, සාමකාමී විරෝධතා දක්වල ජෙනරාල් සරත් ෆොන‍්සේකා මැතිතුමා නිදහස් කර ගැනීමේ අරගලය කරන්න ඉඩ දෙන්නෙ නැහැ. නමුත් ඒ බාධාවන් නොතකා අපි මේ රටේ සියලු ආගම් අදහන ජනතාවගෙන් ඉල්ලා සිටිනව ඉතාමත් අසාධාරණ ලෙස, අයුක්ති සහගත ලෙස පැහැරගෙන ගිහින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින අපේ රටේ තිස් අවුරුදු යුද්ධයෙන් මුදවා ගත්ත අපේ නායකයා, සරත් ෆොන්සේකා මැතිතුමා බේරන්න, නිදහස් කරන්න, ඒ වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කරන්න අපිට පුළුවන් ආකාරයෙන් ආගමික වතාවත් ඉෂ්ඨ කරන්න. පුදපූජා පවත්වන්න. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් කළ හැකි සියලු ආගමික කටයුතුවල නිරත වෙන්න කියල අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනව.”truth

එජාප නියෝජනය සෑම දිස්ත්‍රික්කයකින්ම


මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සෑම දිස්ත්‍රික්කයකින්ම තරග වදින බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
නාම ‍යෝජනා පත්‍ර සැකසීමේ කටයුතු මේ වනවිට 80%ක් පමණ අවසන්ව ඇති බවත්, හෙට දිනයේදී නිල වශයෙන් නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම ආරම්භ කරන බවත් ඒ මහතා සඳහන් කළේය. මෙවර මැතිවරණය සඳහා නවක මුහුණු ගණනාවක් එක්වන බව ද අත්තනායක මහතා සඳහන් කරයි.
25 සහ 26 යන දින දෙක තුළ නාම යෝජනා බාරදීමට බලාපොරොත්තු වන බව මහ ලේකම්වරයා අවධාරණය කළේය. එමෙන්ම තවමත් ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ විවෘතව සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් බවත් තිස්ස අත්තනායක මහතා කියා සිටියි. එතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.adade

මැතිවරණයෙන් පසු සියලු පක්ෂ නායකයින් සමග සාකච්ඡා


මහ මැතිවරණයෙන් පසුව සියලුම පක්ෂ නායකයින් සමග බලය බෙදාහැරීම පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"ද හින්දු" පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ද එම සාකච්ඡා සඳහා සහභාගී කරගන්නා බව එම සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු ප්‍රකාශ කර ඇත.
මුස්ලිම් පක්ෂ නියෝජිතයින් ද සම්බන්ධ කරගනිමින් ‍කිහිපවතාවක්ම මේ පිළිබඳව සාකච්ඡා කිරීමට උත්සහ දැරුව ද එම පක්ෂ ඊට උනන්දුවක් නොදැක්වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් දේශපාලන බලය බෙදාහැරීමක් පිළිබඳව විසඳුමකට එළඹීම සඳහා සාකච්ඡා කළ යුත්තේ රටේ ජනාධිපතිවරයා වශයෙන් තමා සමග බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා "ද හින්දු" පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පවසා ඇති බව සඳහන්ය.adade

එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවන් සමාජයට


පුනරුත්ථාපන කඳවුරුවල සිටින එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවන් සියලු දෙනා ලබන මැයි මස වන විට යළි සමාජගත කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.
ඒ අනුව ඔවුන් පූර්ණ පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් පසු සමාජගත කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා සඳහන් කරයි. මේ වන විට පුනරුත්ථාපන කඳවුරුවල සිටින ළමා සොල්දාදුවන් සංඛ්‍යාව 514 ක් බව ළමා රක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරයි.
පසුගිය වසරේ මැයි මාසය වන විට ආරක්ෂක හමුදා වෙත භාරවී ඇති මොවුන් වසරක පුනරුත්ථාපන ක්‍රියාදාමයකින් පසු යළි සමාජගත කළ යුතු බවට අධිකරණය නියෝග කර තිබුණි. මීට පෙර මෙවැනි දරුවන් 150 දෙනෙකු දෙමාපියන් වෙත භාරදීමටත් තවත් 273 දෙනෙකු රත්මලාන අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යාපනය සඳහා යෙදවීමටත් රජය පියවර ගෙන ඇත.

දඹුල්ල රිය අනතුරකින් තිදෙනෙක් මියයයි


දඹුල්ල, දිගම්පතහ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද අලුයම 4 ට පමණ ත්‍රීරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථය පදවා‍ෙගන ආ පුද්ගලයාගේ බිරිඳ, ඔහුගේ මව සහ මාස 5 ක බිළි‍ඳෙකි.
මෙම අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ ඔහුගේ පියා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මාතලේ රෝහලට මාරු කර යවා ඇත. මෙ‍ාවුන් මැදිරිගිරිය, ගුරුගොඩැල්ල මහතලාවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය. adade

ආණ්ඩුව අස්ථාවර කිරීමේ හේතුවක් අමෙරිකාවට නෑ


රාජපක්ෂ ආණ්ඩුව අස්ථාවර කිරීමට අමෙරිකාවට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි.
පදනම් විරහිත සාවද්‍ය තොරතුරු මත තීරණ ගැනීම අනුමත කළ නොහැකි බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ප්‍රැට්රීෂියා බියුටිනිස් මහත්මිය සමග ‍රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් "ද හින්දු" පුවත්පත මේ බව අනාවරණය කරයි. අමෙරිකාව තවදුරටත් ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම වැදගත් වන බව ද විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
අමෙරිකාව විවිධ කාලවකවානුවල ලබාදුන් ආධාර උපකාර රටේ ප්‍රගතියට මනා පිටිවහලක් වී ඇති බව රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනියට පවසා ඇති බව "ද හින්දු" පුවත්පත වාර්තා කරයි. එය ඉදිරියේ දී ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.adade

බෙල්ලන් ප්‍රවාහනයට තැත්කළ සිව්දෙනෙක් අල්ලයි


මුහුදු බෙල්ලන් ‍තොගයක් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට සූදානම් වූ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය, මොහොත්තුවාරම දූපතේ නාවල්අඩි මුහුදු වෙරළේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. අදාළ මුහුදු බෙල්ලන් තොගය බහුදින යාත්‍රාවකින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි. ඇල්ලීමට තහනම් මෙම මුහුදු බෙල්ලන් අඩංගු මලු 70 ක් මෙම සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බව සඳහන්ය.adade

බ්‍රිතාන්‍යයෙන් වීසා පිළිබඳ නව නීති පද්ධතියක්


ශ්‍රි ලංකාවෙන් අධ්‍යාපනය සදහා පැමිණෙන සිසුන් සදහා වීසා බලපත්‍ර ලබාදීමට අදාල නව නීතිරිති පද්ධතියක් බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දී තිබේ.

මෙම මස 22 වැනිදා සිට මෙම නීති පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන බව සදහන්ය. අධ්‍යාපනය සදහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ගේ අනුග්‍රහකයින් පිලිබදව ද වීසා ලබාදීමේදී දැඩි සැලකිල්ලක් යොමු කරන අතර අයදුම්කරුවන් නව රෙගුලාසි ක්‍රමයකට අනුව ලකුණු ලබාදීමක් සිදුකිරීමට නියමිතය.
ලබන 21 වැනිදා දක්වා දැනට ක්‍රියාත්මක වන රෙගුලාසී අනුව වීසා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වන අතර 22 වෙනි දායින් පසුව බ්‍රිතාන්‍ය අධ්‍යාපනය සදහා වීසා අයදුම් කරන අයදුම්කරුවන් නව රෙගුලාසි වලට අනුව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.adade

කුඩා පක්ෂ අසාධාරණ ඉල්ලීම් කරනවා


කුඩා දේශපාලන පක්ෂ අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් රජය අපහසුතාවයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කර ජනතාවට වගකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව ඔහු සඳහන් කරයි. බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. adaderana