
මුහුදු බෙල්ලන් තොගයක් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට සූදානම් වූ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය, මොහොත්තුවාරම දූපතේ නාවල්අඩි මුහුදු වෙරළේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. අදාළ මුහුදු බෙල්ලන් තොගය බහුදින යාත්‍රාවකින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි. ඇල්ලීමට තහනම් මෙම මුහුදු බෙල්ලන් අඩංගු මලු 70 ක් මෙම සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බව සඳහන්ය.adade
0 comments:
Post a Comment