
ළමා භාරකාරත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වල වැඩිවීමක් තිබෙන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි..
පසුගිය සතිය තුළ පමණක් ළමා භාරකාරත්වය පිළිබඳ පැමිණිලි 20 ක් පමණ කාර්යංශය වෙත ලැබුණු බව ඔවුන් පවසයි.
විශේෂයෙන්ම දෙමාපියන් අතර ඇතිවන ගැටලු හේතුවෙන් ළමයින්ගේ භාරකාරත්වය පිළිබඳ ගැටලු රැසක් ඇති වී හට ගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එසේ ලැබුණු පැමිණිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දෙමාපියන් අතර ඇතිවන්නා වූ මෙම ගැටලු හේතුවෙන් කුඩා ළමුන්ට සිදු වන දුෂ්කරතා මඟහැරවීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරයි.. adader
0 comments:
Post a Comment