![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4pG_KCd7AfMAo1o7Ay4WE1oVeAs6sumdyPdQYQiADf6fQCraCdWvaoD6_noPrusUlXHNyckl746229TljmM1pwYoZY1JP7vKS2NIQOWDBQO9j0q-aL7vO8ulMhd9YyMOOKriK7S_4KDG0/s320/gas.gif)
කි.ග්රෑ.12.5 ක් බරැති ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි රු.46.00 න් පහත දමා තිබේ.
ඒ අනුව ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රු.1593.00 ක් වේ.
කි.ග්රෑ.12.5 ක් බරැති ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල වෙනස් නොවන අතර එය තවදුරටත් පැවති මිල වන රු.1652.00 ක් ලෙස පවතී.
පසුගිය ජූලි මස පළමුවැනි දින සිදු කළ ගෑස් මිල සංශෝධනයේ දී ෂෙල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 117 කින් සහ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 85 න් මිල අඩු කරනු ලැබීය.
ඒ අනුව අදවනතුරු වෙළඳපළේ කිලෝග්‍රෑම් 12 .5 ෂෙල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1652 ක් වූ අතර ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1659 ක් ව පැවැතිණි. adaderana.lk
0 comments:
Post a Comment