Tuesday, September 14, 2010

ගාස්තුව වැඩි නොකළොත් පුද්ගලික බස් වර්ජනයක්


අවම බස් ගාස්තුව සංශෝධනය කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් දැවැන්ත වර්ජනයකට අවතීර්ණ වීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.

අනිවාර්යයෙන් අවම බස් ගාස්තුව රුපියල් 7.00 දක්වා ඉහළ නැංවිය යුතු බව එම සංගමයේ සම සභාපති රූබන් සිල්වා මහතා සඳහන් කරයි. කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ලංකා ගමනා ගමන මණ්ඩලය ද මේ වන විට අලාභ තත්ත්වයකට පත්ව ඇති බව රූබන් සිල්වා මහතා පැවසුවේය.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ සිය සංගමයට ලබාදෙන්නේ නම් කාල සටහනට අනුව ඒවා ධාවනය කර ලාභ ලබන තත්ත්වයකට පත්කළ හැකි බව ද ඔහු එහිදී පෙන්වාදුන්නේය. adaderana.lk

0 comments:

Post a Comment