
13 හැවිරිදි දැරියක සීගිරිය ප්‍රදේශයේදී අතරමංකර දමා සිටියදී සීගිරිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
තමා මඩකළපුවේ කිරාන් ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසේ රැඳී සිටියදී කිසිවෙකු විසින් කැටුව ආ බව සුන්දර මූර්ති සොනූජෝ නැමති මෙම දැරිය ප්‍රකාශ කළ බව සීගිරිය පොලීසියේ ස්ථානාධිපති වජිර අතපත්තු මහතා කියා සිටියේය.
අමමයි තාත්තයි දෙදෙනා සුනාමියට හසුවී අතුරුදහන් වූ බවත් සොහොයුරන් දෙදෙනා එල්.ටී.ටී.ඊයට බැඳී යුද්ධය සමයේ මියැදුණු බවට ආරංචි වූ බවත් මෙම දැරිය පොලීසියට පවසා තිබේ.
කෙසේ වෙතත් මෙම දැරිය මඩකළපුවේ සිට සීගිරිය දක්වා පැමිණියේ කෙසේද යන්න පිළිබඳ හා පැහැරගැනීමක් සිදුව ඇත්තේනම් ඒ කවුරුන් විසින්ද යන්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සීගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අද දෙරණට කියා සිටියේය.
මෙම දැරිය අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ. adaderana.lk
0 comments:
Post a Comment