
රජයේ සේවකයන්ට විශ්‍රාම පාරිතෝෂික, මරණ පාරිතෝෂික හා වන්දි මුදල් කඩිනමින් ලබාදීමේ වැඩසටහනක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර තිබේ. චෙක්පත් නිකුත් කිරීමේ දී සිදු වන ප්‍රමාදය වළක්වාලමින් ඔවුන්ට කඩිනමින් මුදල් ලබා දීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව සියලුම විශ්‍රාම පාරිතෝෂික සිවිල් හා හමුදා මරණ පාරිතෝෂික සහ සන්නද්ධ හමුදා සාමාජිකයින්ට ගෙවන වන්දි මුදල් වාණිජ බැංකු පද්ධතිය මඟින් ගෙවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එමඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද චෙක්පත් ලබා දීම වෙනුවට ආයතනයේ නිල බැංකු ගිණුමට සෘජුවම මුදල් බැර කරනු ඇත.
එම බැර කිරීම් වලට අදාළ විස්තර ඇතුළත් ලිපිය ආයතනය වෙත හා විශ්‍රාමිකයා වෙත යැවීමට කටයුතු කිරීම මගින් අදාළ ප්‍රතිලාභය කඩිනමින් විශ්‍රාමිකයාට ලබා දීමට ද හැකි බව තිලකරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය. adaderana.lk
0 comments:
Post a Comment