
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට කොස්වත්ත පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා රාත්‍රී කොස්වත්ත, මොරකැලේ ක්‍රීඩා පිටියේ දී කඩුවකින් කපා මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.
එම ක්‍රීඩා පිටියේ පැවති එල්ලේ තරගයකින් අනතුරුව මත්පැන් පානය කළ පිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොස්වත්ත පොලිසිය පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.adaderana.lk
0 comments:
Post a Comment