
ශීඝ්‍රයෙන් ඉදි කෙරෙන හම්බන්තොට වරාය නැරඹීමට ලබා දී තිබූ අවස්ථාව තාවකාලිකව සීමා කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර තිබේ.
වරාය නැරඹීමේ අරමුණින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණෙමින් සිටින බැවින් වරාය සංවර්ධන කටයුතු වලට සිදු වන බාධා පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව වරාය නැරඹීමට ලබා දී තිබූ අවස්ථාව හෙට දිනයේ සිට 15 වන දින දක්වා තාවකාලිකව නතර කරන බව සභාපතිවරයා සඳහන් කළේය. adaderana.lk
0 comments:
Post a Comment