![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaHQQhbCeIfBr-IH5mIBNjQjolcBGZZbXJNH3huZbmgwyYuvg1O36w2b0LFieA8NY1i8Vy7GhYSOElFmnhw4lnC_G9mggUZN9xg5Vyc7xb9d4mWfbYHW5Z9MqnRoZeQR7Jy3yQYlVVA-d9/s320/unp.jpg)
ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. ලබන බදාදා දිනයෙන් පසු ඊට දිනයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බව අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී හෂීම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද පැවැත්වී තිබේ. ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. adaderana.lk
0 comments:
Post a Comment