![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDhwGRybUxiH8FiuQtAiJ1vZVLd3-G7th1gScbntwjyVvZWqC-R_ii9W5zdxfSpb7PzZPRUvjJY3DoYbB72bVLFjFRvoB2b8eUMAT5RgwmZu5eBH5N9jv-qVq1Zjms8uLzFYSsKsZM5jyr/s320/uluii.jpg)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවා මෙහෙයුම්කරු සම්මානය හිමි කර ගෙන තිබේ. ඒ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැති"ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ"සම්මාන ප්‍රදානෝත්සවයේ දීය.
මගී සේවා, අඩු ගාස්තු සේවා, ගුවන් භාණ්ඩ සේවා ඇතුළු සේවා අංශ කිහිපයක් අදාළ සම්මානය සඳහා නිර්නායක ලෙස යොදා ගැනෙන බව වාර්තා වේ. ඒ අනුව අදාළ සම්මානය ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිනා ගත් 5 වැනි අවස්ථාව ලෙස සඳහන්ය.
තම ගුවන් තොටුපළ වෙත පැමිණෙන හවුල්කරුවන්ට ගෞරව දැක්වීමක් වශයෙන් මැලේසියාවේ එයාපොර්ට් හෝල්ඩිංග්ස් බර්හාඩ් ආයතනය මෙම සම්මාන ප්රදානෝත්සවය සංවිධාන කරනු ලබයි. adaderana.lk
0 comments:
Post a Comment