
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විවෘත කිරීමේ කටයුත්තක් සඳහා ගිය උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක මහතාට එහි දී සිසුන්ගේ දැඩි විරෝධතාවක් පළ වී තිබේ. විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් විසින් මීනි පෙට්ටියක් ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව පළ කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් එස්. බී දිසානායක මහතා ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මෙහි දී සිසුන්ගේ දැඩි විරෝධතාව එල්ල වී ඇත.
නිදහස් අධ්‍යාපනයේ මළගම ඇති වන ආකාරය ප්‍රදර්ශනය කරමින් අදාළ විරෝධතාව සිසුන් විසින් පවත්වා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වීමෙන් අමාත්‍යවරයාව නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පිටත් කර ඇති බව එහි සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. adaderana
0 comments:
Post a Comment