
මහාමාර්ග ඉදිකිරීමේ දී මින් ඉදිරියට නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම් කළ යුතු බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස මාර්ග ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඔහු අවධාරණය කරයි.
එමෙන්ම මාර්ග ඉදිකිරීමේ දී අදාළ කාලසීමාව තුළ එහි කටයුතු නිමකිරීමට ද අදාළ අංශ වගබලා ගත යුතු බව මර්වින් සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහාමාර්ග අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.adaderana
0 comments:
Post a Comment