
නිදන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනකු හපුතලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. නිකපොත, හබරලපෙට්ටිවත්ත ප්‍රදේශයේ කැණීම් සිදුකරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.
සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව හපුතලේ පොලිසිය පවසයි.
0 comments:
Post a Comment