
ගෙවල් බිඳීම්, දේපල සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු මාතලේ විල්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය, පාදුක්ක, හංවැල්ල යන ප්‍රදේශවල අපරාධ රැසකට සම්බන්ධ බව පොලීසිය සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. සැකකරු සතුව තිබී ඉතාලියේ නිෂ්පාදිත රිවොල්වරයක් සහ එම උණ්ඩ 09ක් සොයා ගෙන ඇති බව සඳහන්ය. adaderana
0 comments:
Post a Comment