
පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ විදේශ ගතවන ශ්‍රමික සංඛ්‍යාව 22%කින් වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා වන කාර්තුව තුළ පුද්ගලයින් 67, 310 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි වර්ධනයක් අත්කර ගැනීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්. කේ. රුහුණගේ මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම මැද පෙරදිග රටවලට මේ වසරේ වැඩි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් පිටත්ව ගොස් ඇති බව රුහුණගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment