![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCjdxQiSfAyqncUNQGbjTxgMq-jLMaAjH_LZrKQz8RQyVc8xE4rrVUJZo-1kQDBozVtnjhJv0lrGgQxI99IG070KqPXWpE136z3OxXEqdHS_a1nDgso7UJd_RIEEQp9jaQ-8YehETuXzh7/s320/van.jpg)
මහනුවර -මහියංගන ප්රධාන මාර්ගයේ 35 වන කිලෝමීටර් කණුව අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඊයේ රාත්රී 11 ට පමණ කොළඹ සිට මහියංගනය බලා ධාවනය වූ වෑන් රථයක් අඩි 200ක් පමණ ප්රපාතයකට පෙරළී ගොස් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්ය.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු මහියංගනය රෝහලේ ද උඩුදුම්බර හා හසලක රෝහල් වල පුද්ගලයින් තිදෙනෙකු බැගින් ද ප්රතිකාර ලබන බව උඩුදුම්බර පොලීසිය සඳහන් කළේය. මෙම අනතුර සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana
0 comments:
Post a Comment