![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjq-Q8yNnjQew0D31aT3ztnj2RoNRLKp5G1pcX08EidjUO9OD32U0YPnbClF7IwlDrpZuInY9wHkl84I_t0rdU0i7cRZJuZGaMJ1WZpJEliaJdj1ZyW_0XtWupduf0jndPHnBQaCMCbRd65/s320/un.jpg)
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ ඒකාබද්ධ රැස්වීමක් අද පැවැත්වේ. අද පෙරවරු 10ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනා පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර පක්ෂ ප්රතිසංවිධාන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ නිල වශයෙන් භාරදී තිබේ. අදාළ යෝජනා පිළිබඳ එකඟතා වලින් අනතුරුව එම යෝජනා ලබන මාසයේ දෙවන සතියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජාතික මහා සම්මේලනයේදී අනුමත කර ගැනීමට නියමිතය. adaderana
0 comments:
Post a Comment