
පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පලාගිය සිරකරුවෙකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිරකරු අප්‍රේල් මස 18 වන දින සිරකඳවුරෙන් පැන ගොස් ඇති බවයි වාර්තා වේ.
පුරාවස්තු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ. දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි. adaderana
0 comments:
Post a Comment