
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වැටලීම් කටයුතු අක්‍රිය වී දැනට මාස 6 කට ආසන්න කාලයක් ගතවී තිබේ. එම කාලය තුළ කිසිදු වැටලීමක් සිදුකර නොමැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේය. අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේ සේවා කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් විය. එබැවින් අල්ලස් සම්බන්ධ වැටලීම් සිදුකිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි සාමාජිකයින්ට නොහැකි වීම හේතුවෙන් වැටලීම් කටයුතු අඩාල වී ඇති බව අල්ලස් කොමිසම පවසයි.
අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත්කිරීමේ බලය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවටය. එහෙත් ව්‍යවස්ථාදායක සභාව අක්‍රිය වීම හේතුවෙන් එම අල්ලස් කොමිසමේ සාමාජිකයින් පත්කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී ඇත. ඉදිරි සතිය ඇතුළත ජනාධිපතිවරයා විසින් කොමිසමේ සාමාජිකයින් තිදෙනා නම් කරනු ඇති බව අල්ලස් කොමිසම ආරංචි මාර්ග සඳහන් කළේය.
0 comments:
Post a Comment