![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgik1aYoDzGDRk5MLuu0Rq21QtnpRjtHP2YljcJDtACb03bgPWWwLmTXOzjHX8W9_9R7rAugBn9kz99rpZrm1FHsOlJuVEbcOxv7ToOrU0_RbOdWzxwaH0Pwp6zTzSeXxhD0HXpVA23T_0H/s320/kud.jpg)
හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනා මත සැකකරුවන් 6 දෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව පවසන පරිදි ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් පමණ පොලිස් භාරයට ගෙන ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ආරියදාස බෝදරගම මහතා කියා සිටියේ එම දෙපාර්තමේන්තුව දින කිහිපයක සිට කළ සැලසුමකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ හෙරොයින් තොගය අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. adaderana
0 comments:
Post a Comment