
ඖෂධ ගෙන්වීමේ ක්‍රියාපටිපාටියේ පැවති අක්‍රමිකතා සහ එම ආයතන ප්‍රධානීන්ගේ සම්බන්ධීකරණයක් නොමැති වීම රට තුළ බරපතළ ඖෂධ හිඟයක් ඇති වීමට හේතුව බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඉදිරි දින 10 ඇතුළත ඖෂධ හිඟයට සම්පූර්ණයෙන් විසඳුම් ලබාදීමට හැකි වනු ඇති බව අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම මාස තුනක් ඇතුළත මත්ස්‍ය මිල ගණන් අඩකින් අඩුකල හැකි වනු ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment