![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjc0Y7BcKMJ6Z1KBx56KG9nYPX4Y-K-hOd2vakUQh2wTRsCMmCypO-f3maq55kYiSZcljv3JpQgeMFKu0bd2DZWPQpnP2dkhpcLf7VoyRd0ioTk2MNU63KciKoyE66kMfQ_ejpjw9qOUS_2/s320/ama.jpg)
අමෙරිකානු කාන්තාවකට මූල්‍ය වංචාවක් සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු අමෙරිකානු අධිකරණයක් මගින් සිරගත කර තිබේ.
45 වැනි වියේ පසුවන අශෝක පෙරේරා නම් මොහු 82 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු කාන්තාවකගෙන් ඩොලර් ලක්ෂ 3ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී ඇත.
අදාළ කාන්තාව සමග මිත්‍ර වී ඇය රවටමින් මුදල් වංචාවක් සිදුකර ඇති බව අධිකරණය හමුවේ සනාථ වීම හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයාට මෙලෙස සිරදඬුවම් නියම කෙරිණි.
නිවසක් මිලදී ගැනීමේ අරමුණින් වයස්ගත කාන්තාව එක් රැස් කළ මුදල් නීති විරෝධී ලෙස ලබා ගත් බවට ද ශ්‍රී ලාංකිකයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් අදාළ ශ්‍රී ලාංකිකයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් ආපසු ලබා දීමේ අරමුණින් තමන් ණයට ගත් බවයි. adaderana
0 comments:
Post a Comment