![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzk-OJxfj0ElMJIGtncfp76VegQ11m5zstx3p4ABtoGXu7g-G1P_XRKHFJZokKSpzZwJfnt3MQJzHX3_XZnt1zY3nSY0vjS5ogTP4QTRnRDNai2dGdY_M50laaNCfsO3bkkBcV-GvLtTcY/s320/pupu.jpg)
කොත්මලේ රම්බොඩවත්ත ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබේ.
ඩෙටනේටර් දෙකක්, වෙඩි බෙහෙත් මිශ්‍ර කරන ලද වැලි ග්‍රෑම් 350ක් , රතිඤ්ඥා කරල් 18ක් , ප්රෙට්රල් අඩංගු විදුරු බෝතල් දෙකක් , වයර් කැබිලි තොගයක් බැටරි 6ක් මෙසේ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
වලාන දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන් වේ.
මැතිවරණ සමයේ කිසියම් කඩාකප්පල් ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
පොලිසිය පවසන පරිදි මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත. adaderana
0 comments:
Post a Comment