![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEji9mCsIgdj2xQRGero9axtTZWMZyTBHerAt7GcUzZ9dQ9uj8WgHBvcoQS41c_wYc2D6Vijmcp14nHVB0AwzZ6bxkudwKLi6zuzKu6x8tYdIKf9GiIsnlb610ydm7kQ35J8Wz0y728qQqSe/s320/kasi.jpg)
මීගමුව කළපු තීරයේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් ස්කාගාරයක් වැටලීමට පොලිසිය සමත්ව තිබේ.
පමුණුගම පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.
එම ස්ථානයේ තිබී ගෝඩා ලීටර 3920ක් අඩංගු බැරල් 20ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජවාරමට සම්බන්ධ බවට සැකපිට ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. adaderana
0 comments:
Post a Comment