![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_sEMKHXRqWskUE4X5LnMabqYjfwVcWhi-p4Fgtpi_rM4Qkx4fSO8ZV_vOKHwmFOtNe3htqLBvwtcSyefNYcXJB4PUwAmxcfpWZuG3KW7-G42JrjGVqoHx4jCTpONcXz8Od5JHBJ4OF6yN/s320/wi.jpg)
මාරවිල, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ සේවය කළ චීන ජාතිකයෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.
තාප විදුලි බලාගාරයේ විදුලි රැහැන් ඇදීමේ නිරතව සිටිය දී මෙම චීන ජාතිකයාට විදුලි සැර වැදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. විදුලි සැර වැදුණු මෙම චීන ජාතිකයාව හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 36 ක් වයසැති චීන ජාතිකයෙකු බව වාර්තා වේ. මාරවිල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. ada
0 comments:
Post a Comment