![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHTRd74aHh_d9FeonGCt_G8mYYccExnZmk8Mo0J-y38GLgTt4Zeur9VGfjaclCYJWIAvgOsaUOjVEMsZZD1nA7kjThcnfqZARjUk7F0LmDp8zGgIR317tU67ZhTnDBYtVr5T3nVDhIYQbR/s320/anoo.jpg)
යුධ හමුදා අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා අධිකරණය හමුවට පමුණුවා නිදහස් කරන ලෙස අභියාචානාධිකරණයේ ගොනු කර තිබු පෙත්සම විනිසුරුවරයෙකු ඉල්ලා අස්වීම හේතුවෙන් ලබන 25 වැනිදා දක්වා කල් දැමීමට නියෝග කර තිබේ.
අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ගොනු කළ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ශක්ත්යා හෙට්ටිගේ මහතාගේ ප්රධානත්වයෙන් යුත් ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් විභාගයට ගනු ලැබීය. පෞද්ගලික හේතුවක් මත තමාට මෙම නඩු විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි බව එහිදි ඩි. එස්. සී. ලේකම්වසම් විනිසුරුවරයා ප්රකාශ කළේය. ඒ හේතුවෙන් පෙත්සම විභාග කිරීම ලබන 25 වැනිදාට කල් තැබීමට අභියාචනාධිකරණ සභාපති හෙට්ටිගේ මහතා නියෝග කළේය. ඒ අනුව ඉවත් වු ඩි.එස්.සී.ලේකම්වසම් විනිසුරුවරයා වෙනුවට අනිල් ගුණරත්න විනිසුරුවරයා පත්කිරීමට පියවරගෙන ඇත.
යුධ හමුදා අත්අඩංගුවේ සිටින ජෙනරල් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදා අත්අඩංගුවට පත්වීම නීතිවිරෝධී බවටත් ඔහු අධිකරණය හමුවට පමුණුවා නිදහස් කරන ලෙසටත් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙම පෙත්සමින් ඉල්ලා තිබුණි. මේ අතර යුධ අධිකරණය පත්කිරීමේ තීරණය අවලංගු කරන මෙන් ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම ද එදිනට සළකා බැලීමට ද අභියාචනාධිකරණය තීරණය කළේය. adaderana
0 comments:
Post a Comment